[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

හෝමාගම සිරි සුගතබිම්බාරාම
මහා විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඡායාරූපය - නිශ්ශංක විජේරත්න

ඇසළ පුර අටවක

ජූලි 25 අඟහරුවාදා අ.භා.
 03.06 න් පුර අටවක ලබා 26 බදාදා අ.භා. 03.48 න් ගෙවේ.
25 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 25

Full Moonපසළොස්වක

අගෝස්තු  01

Second Quarterඅව අටවක

අගෝස්තු  08

Full Moonඅමාවක

අගෝස්තු  15

වැරැදි හදාගෙන ඉදිරියට යමු

අප මේ සසරේ සැරිසරා ආ ගමන් මඟ පිළිබඳ දන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේ යි. සත්වයා සුගති දුගති ලෝකවල සැරිසරන ආකාරයත් කර්ම විපාකවලට බඳුන්වන ආකාරයත්, තම තමන් අතින් වූ වැරැදි නිසා දුක් විඳින ආකාරයත් භාග්‍යවතුන් වහන්සේ දුටු සේක. අප කළ කී දේ, සිතූ දේ නිසාම අප බොහෝ විට දුක් විඳිනවා. කර්මය කියන කඩ ඇනයෙන් බැඳී අවිද්‍යාව, තණ්හාව සමඟ පැටලී යන ගමනක් කියා සම්බුදු නුවණින් දුටු නිසයි භාග්‍යවතුන් වහන්සේ අපට වදාළේ කයින්, වචනයෙන්, සිතින් වැරැදි කරන්න එපා. මේ දීර්ඝ සසර ගමනේ දී අප අතින් බොහෝ අඩුපාඩු දුෂ්චරිත සිදු වෙනවා කියා. අපි දන්නවා සතුන් මැරීම, අන්සතු දේ සොර සිතින් ගැනීම, වැරැදිකාම සේවනය කියන්නේ කාය දුෂ්චරිත යි. ඒ වගේම කෙනෙක් බොරු කියනවා නම්, තමන්ට වගේම අනුන්ටත් අයහපත සිදුවන හිස්වචන සමඟිය බිඳවන කේළාම් කියනවා නම්, තව කෙනකුගේ සතුට නැති වෙන ආකාරයට නපුරු වචන කියනවා නම් ඒ වචනයෙන් වන දුෂ්චරිත. අනුන්ගේ දේට ආශා කිරීම, ඒ දේ තමාගේ කර ගැනීමට කැමැත්තක් ඇති කර ගෙන ඒ කැමැත්තට යට වී වාසය කිරීම, තරහ සිතින් වාසය කිරීම ආදිය මනසින් වන දුෂ්චරිත යි. භාග්‍යවතුන් වහන්සේ ඒ සියලු දේ කැටි කොට කාය, වචී, මනෝ දුෂ්චරිත ලෙස නම් කළා. මේ දේ කිසියම් කෙනෙක් හෝ පිරිසක් විසින් කරනවා නම් ඔවුන්ට ලැබෙන්නේ දුක් විපාක පමණයි.

පිරිපුන් මිනිසකු වීමට සුදුසුකම් සපුරා ගනිමු

පෞරුෂය යනු පුද්ගලයකුගේ ඇතුළතින් මෙන්ම පිටතිනුත් පිළිබිඹු වන ඒ තැනැත්තාගේ ආත්ම ශක්තියයි. බටහිර රටවල උගත්තු, දාර්ශනිකයෝ මේ පෞරුෂය නොයෙක් පැතිකඩ දිහා බලලයි කතා කරන්නේ. නමුත් එය අංග සම්පූර්ණව පැහැදිලි කරලා නැහැ. අවසානයේ දී ඒ අයගේ නිගමනය වූයේ පෞරුෂ සංකල්පය අංග සම්පූර්ණව නිර්වචනය කිරීම කළ නොහැකි බවයි. නමුත් බුදුරජාණන් වහන්සේ පෞරුෂයේ සෑම අංශයක් ම පරීක්ෂා කරලා බලලා පෞරුෂය යනු කුමක්ද යන්න නිවැරැදිව පෙන්වා දී තිබෙනවා. බොහෝ දෙනා මේ බෞද්ධ මතය දන්නේ නැහැ. සමහරු එය පිළිගන්න කැමැති ද නැත. එයට හේතුව ඒ අය බටහිරට ගැති වීමයි. අද අපේ රටේ සිටින බොහෝ උගත්තු බටහිර අධ්‍යාපනයෙන් පන්නරය ලබපු අයයි. ඒ නිසා බෞද්ධ ඉගැන්වීම අගය කරන්න කැමැති නෑ කුහකත්වය මත ඇතැම් පිරිස් ඒ බෞද්ධ ඉගැන්වීම් විද්‍යාත්මකව පරීක්ෂා කර බලන්න ද කැමැති නෑ. පුද්ගලයකුගේ කායික වාචසික ක්‍රියාකාරකම්, මානසික ආකල්ප, විකල්ප සහ ඥාන ශක්තිය මේ කියන අංශ තුනේ සමස්තය පුද්ගලයාගේ පෞරුෂයයි. මේ අංශ තුන සමතුලිතව හොඳින් සංවර්ධනය කර ගැනීම තුළින් පුද්ගලයාට පූර්ණ පෞරුෂයක් හිමි වේ.


පණ්ඩිතයා හඳුනානොගැනීම අනුවණකමක

අපාය මහගෙදර කර ගනිමින් සසර සැරිසරන අප කොතෙක් පින් කොට යහපත් තැන්වල උපදින්නට ඇති ද? නමුත් පාපයට නැඹුරු වීමෙන් නැවත නැවතත් බොහෝ දුක් සහිත නිරයට ම ගියෙමු. මේ මිය යන පුහුදුන් සත්වයන්ගෙන් බොහෝ දෙනා නැවත දුකට ම පත්වෙති. සම්බුදු උපත බෙහෙවින් ම දුර්ලභ ය. මිදෙනවා නම් මිදිය හැක්කේ මේ උතුම් මොහොත තුළ දී ය. බුදුදහමේ පණ්ඩිතභාවය බෙහෙවින් අගය කොට තිබේ. පණ්ඩිතයා ඇසුරු කිරීම දියුණුවට හේතු වෙයි. එසේ නම් අප සැබෑ පණ්ඩිතයා හඳුනාගත යුතු ය. එය බෙහෙවින් දුෂ්කර කටයුත්තකි. කෙනෙක් සාමාන්‍ය පෙළ, උසස් පෙළ සමත්වූ පමණින්, සරසවියක උගත් පමණින් රාජකීය පණ්ඩිත, ගෞරව ශාස්ත්‍රවේදී, විද්‍යාවේදී ආචාර්ය උපාධි ලැබූ පමණින් පණ්ඩිතයෙක් නොවේ. කෙනෙක් එවැනි උපාධි ලබා උඩඟු වූ සිතින් සමාජයට පණ්ඩිතභාවයක් පෙන්වීමට උත්සාහ කළ ද පණ්ඩිතයෙක් නොවේ. කෙනකු ගමන් කරන වාහනයෙන්, ඇඳුමින්, පැලඳුමින්, වයසින් පණ්ඩිතයකු දැයි නිශ්චය කළ නොහැකි ය. ප්‍රඥාවෙන් අගතැන්පත් සැරියුත් මහ තෙරුන් වහන්සේ තමන් වහන්සේ උපමාවෙන් හඳුන්වා දුන් සැටි. කැත , කුණු ආදිය දමන පොළවට, ජලයට, ගින්නට, සුළඟට පිස්නාකඩට, සැඩොල් දරුවකුට, අං කැඩුණු ගොනකුට, කුණක් ශරීරයේ එල්ලූ අවස්ථාවකට, කුණු මේද හැළියට (මස් හැළියකට) තමන් වහන්සේ උපමා කරමින් නිහතමානීත්වය ප්‍රකාශ කළෝ මේ ගෞතම සම්මා සම්බුදු සසුනේ මහා ප්‍රඥා ඇති සැරියුත් මහ තෙරුණුවෝ ය.

 

සත්‍යක්‍රියාවෙන් සෙත ලබන්නට

සත්‍ය කියන දේ මේ ලෝකයේ තිබෙන උතුම් ම රසය බවයි අපගේ ශාස්තෘන් වහන්සේ වදාළේ. නමුත් මේ ලෝකයේ බොහෝ දෙනා සත්‍යයට කැමැති නැහැ. සත්‍යයට බයයි. ඔවුන් සිතනවා සත්‍ය රැකීම කටුක දෙයක්, නීරස දෙයක් කියලා. අපගේ භාග්‍යවතුන් වහන්සේ පෙරුම් පුරණ සමයේ සිට සත්‍යයට ගෞරව කළා. එනිසා ම උන්වහන්සේ “සත්‍ය නාම” නාමයෙන් ද හඳුන්වනු ලබනවා. අපි මේ ලෝකයේ ගිහි ජීවිතය ගත කරන කොට විවිධ අර්බුදවලට මුහුණ දෙන්නට සිදුවනවා. හැමදාම සතුටින්, සැහැල්ලුවෙන්, සිත නො රිදාගෙන, මෘදුව ජීවත් වෙනවා කියලා දෙයක් නැහැ. අපට නොයෙක් කරදර, කම්කටොලු, ලෙඩදුක් නො පෙනෙන ලෝකයේ පීඩන, අද්භූත චෝදනා එල්ලවීම, නින්දා අපහාස විඳීම ආදී නා නා ආකාරයේ ප්‍රශ්න ජීවිතයට පැමිණෙනවා. මහා ගුණවත්, සත්පුරුෂ උතුමන්ගේ ජීවිතවලට පවා එවැනි දුක් කම්කටොලු පැමිණියා. කරදර, නින්දා, අපහාස එල්ලවුණා. ඒක එදත් වුණා. අදත් වෙනවා. හෙටත් වෙන්න පුළුවන්. ගෞතම බුදු සසුනේ වැඩ සිටි උත්තමාවියක් වූ යශෝධරා තෙරණින් වහන්සේ සසරේ පෙරුම් පුරාගෙන එන විට බොහෝ සත්‍ය ක්‍රියා සිදුකොට තිබෙනවා. බෝසතාණන් වහන්සේගේ ජීවිතයට නොයෙක් හිරිහැර, කරදර, ජීවිත අනතුරු එනවිට ඇය ජීවිතයේ රැකි ගුණයක් සිහි කරමින් සත්‍ය ඉස්මතු කරමින් සත්‍යක්‍රියා සිදු කොට මේ සත්‍යානුභාවයෙන් මාගේ ස්වාමියා සුවපත් වේවා කියා අධිෂ්ඨාන කර තිබෙනවා.

 

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 











 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]