[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

ස්වර්ණමාලි මහා සෑ රද වර්ණනා

රුවන්වැලි සෑ රදුන් තැනවීම දුටුගැමුණු මහරජතුමාගේ ප්‍රධානතම ශාසනික සේවාව ලෙසින් මහාවංසය ඇතුළු වංශකතාවන්හි පරිච්ඡේද ගණනාවක් ම වෙන් කරමින් සම්භාවනාවට පත් කොට ඇත. කුරුණෑගල රාජධානි සමයෙහි සකල විද්‍යාචක්‍රවර්ති පරාක්‍රම පණ්ඩිතයන් විසින් ථූපවංසය රචනා කරන ලද්දේ රුවන්වැලි චෛත්‍ය කර්මාන්තය වර්ණනා කිරීම පිණිස ය. මෙම සියලු මූලාශ්‍රයන්ට අනුව රුවන්වැලි මහා සෑ රදුන් ගේ වැඩ ආරම්භ කොට ඇත්තේ වෙසක් පුන් පොහෝ දිනක දී වන අතර මුල් ගල් පිහිටුවීම ඇසළ පොහෝ දින සිදු කොට ඇත. බුදුරජාණන් වහන්සේගේ තෙවැනි ලංකාගමනයේ දී සම්බුද්ධ පාදස්පර්ශයෙන් පූජනීයත්වයට පත් වීම, ද්‍රෝණ අටක් වූ සර්වඥ ධාතූන් වහන්සේ අතුරින් එක් තැනක පිහිටි වැඩිම ධාතු ප්‍රමාණය වූ ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේ රුවන්වැලි සෑයේ වැඩ සිටීම, අනාගත කාලයෙහි ගෞතම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය මෙලොවින් අන්තර්ධාන වන අවස්ථාවෙහි ධාතු පරිනිර්වාණය රුවන්වැලි මහ සෑ රදුන් අභියස දී සිදු වීම යන කරුණු නිසා රුවන්වැලිසෑය අන්‍ය ස්තූපයන්ට වඩා වැදගත්කමකින් යුත් ස්තූපයක් ලෙසින් පුද පූජාවන්ට පත්වෙයි. “ගෞතම බුදු සසුනට වසර පන්දහසක් කල් සම්පූර්ණ වූ කල්හි වෙසක් පුර පසළොස්වක පොහෝ දින ලංකාවේ මහියංගනය, කැලණිය, දීඝවාපිය, සේරුවිල, ගිරිහඬු සෑය, ජේතවනය, අභයගිරිය, ථූපාරාමය ඇතුළු ස්තූපයන්හි වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේ අහසට පැන නැඟී අනුරාධපුර රුවන්වැලි මහා සෑයෙහි ද්‍රෝණයක් ධාතූන් වහන්සේ වැඩ සිටින ස්ථානයට එක් රැස් වෙති.


ඇසළ පුර අටවක

ජූලි 25 අඟහරුවාදා අ.භා.
 03.06 න් පුර අටවක ලබා 26 බදාදා අ.භා. 03.48 න් ගෙවේ.
25 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 25

Full Moonපසළොස්වක

අගෝස්තු  01

Second Quarterඅව අටවක

අගෝස්තු  08

Full Moonඅමාවක

අගෝස්තු  15


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]