[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

 පිරිපුන් මිනිසකු වීමට සුදුසුකම් සපුරා ගනිමු

පෞරුෂය යනු පුද්ගලයකුගේ ඇතුළතින් මෙන්ම පිටතිනුත් පිළිබිඹු වන ඒ තැනැත්තාගේ ආත්ම ශක්තියයි. බටහිර රටවල උගත්තු, දාර්ශනිකයෝ මේ පෞරුෂය නොයෙක් පැතිකඩ දිහා බලලයි කතා කරන්නේ. නමුත් එය අංග සම්පූර්ණව පැහැදිලි කරලා නැහැ. අවසානයේ දී ඒ අයගේ නිගමනය වූයේ පෞරුෂ සංකල්පය අංග සම්පූර්ණව නිර්වචනය කිරීම කළ නොහැකි බවයි. නමුත් බුදුරජාණන් වහන්සේ පෞරුෂයේ සෑම අංශයක් ම පරීක්ෂා කරලා බලලා පෞරුෂය යනු කුමක්ද යන්න නිවැරැදිව පෙන්වා දී තිබෙනවා. බොහෝ දෙනා මේ බෞද්ධ මතය දන්නේ නැහැ. සමහරු එය පිළිගන්න කැමැති ද නැත. එයට හේතුව ඒ අය බටහිරට ගැති වීමයි. අද අපේ රටේ සිටින බොහෝ උගත්තු බටහිර අධ්‍යාපනයෙන් පන්නරය ලබපු අයයි. ඒ නිසා බෞද්ධ ඉගැන්වීම අගය කරන්න කැමැති නෑ කුහකත්වය මත ඇතැම් පිරිස් ඒ බෞද්ධ ඉගැන්වීම් විද්‍යාත්මකව පරීක්ෂා කර බලන්න ද කැමැති නෑ. පුද්ගලයකුගේ කායික වාචසික ක්‍රියාකාරකම්, මානසික ආකල්ප, විකල්ප සහ ඥාන ශක්තිය මේ කියන අංශ තුනේ සමස්තය පුද්ගලයාගේ පෞරුෂයයි. මේ අංශ තුන සමතුලිතව හොඳින් සංවර්ධනය කර ගැනීම තුළින් පුද්ගලයාට පූර්ණ පෞරුෂයක් හිමි වේ. එසේ නොවුණොත් ඔහු පෞරුෂ දුර්වලතා හිමි කෙනෙක් වේ. එවිට ඔහුගේ ගතිගුණ, අදහස්, උදහස් හොඳ නැත. දුසිරිතට නැඹුරු වූ ඔහුට ජීවිතය ගැන, ලෝකය ගැන තියෙන දැනුම ද අල්ප බැවින් ඔහුගේ පෞරුෂය දුර්වල වේ. පෞරුෂය සංවර්ධනය කර ගත් තැනැත්තා හඳුන්වනුයේ “මහා පුරුෂ” යනුවෙනි. බුදුරජාණන් වහන්සේට බොහෝ සූත්‍රවල මේ “මහා පුරිස” යන පදය වගේ ම “මහා සත්ත” යන පදයත් “අච්ඡරිය මනුස්ස” යන පදයත් භාවිත කොට තිබේ. කලාතුරකින් හමුවන පුදුම මනුෂ්‍යයා යන අදහස ඒ තුළ ගැබ්ව තිබේ.


ඇසළ පුර අටවක

ජූලි 25 අඟහරුවාදා අ.භා.
 03.06 න් පුර අටවක ලබා 26 බදාදා අ.භා. 03.48 න් ගෙවේ.
25 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 25

Full Moonපසළොස්වක

අගෝස්තු  01

Second Quarterඅව අටවක

අගෝස්තු  08

Full Moonඅමාවක

අගෝස්තු  15


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]