[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

වැරැදි හදාගෙන ඉදිරියට යමු

අප මේ සසරේ සැරිසරා ආ ගමන් මඟ පිළිබඳ දන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේ යි. සත්වයා සුගති දුගති ලෝකවල සැරිසරන ආකාරයත් කර්ම විපාකවලට බඳුන්වන ආකාරයත්, තම තමන් අතින් වූ වැරැදි නිසා දුක් විඳින ආකාරයත් භාග්‍යවතුන් වහන්සේ දුටු සේක. අප කළ කී දේ, සිතූ දේ නිසාම අප බොහෝ විට දුක් විඳිනවා. කර්මය කියන කඩ ඇනයෙන් බැඳී අවිද්‍යාව, තණ්හාව සමඟ පැටලී යන ගමනක් කියා සම්බුදු නුවණින් දුටු නිසයි භාග්‍යවතුන් වහන්සේ අපට වදාළේ කයින්, වචනයෙන්, සිතින් වැරැදි කරන්න එපා. මේ දීර්ඝ සසර ගමනේ දී අප අතින් බොහෝ අඩුපාඩු දුෂ්චරිත සිදු වෙනවා කියා. අපි දන්නවා සතුන් මැරීම, අන්සතු දේ සොර සිතින් ගැනීම, වැරැදිකාම සේවනය කියන්නේ කාය දුෂ්චරිත යි. ඒ වගේම කෙනෙක් බොරු කියනවා නම්, තමන්ට වගේම අනුන්ටත් අයහපත සිදුවන හිස්වචන සමඟිය බිඳවන කේළාම් කියනවා නම්, තව කෙනකුගේ සතුට නැති වෙන ආකාරයට නපුරු වචන කියනවා නම් ඒ වචනයෙන් වන දුෂ්චරිත. අනුන්ගේ දේට ආශා කිරීම, ඒ දේ තමාගේ කර ගැනීමට කැමැත්තක් ඇති කර ගෙන ඒ කැමැත්තට යට වී වාසය කිරීම, තරහ සිතින් වාසය කිරීම ආදිය මනසින් වන දුෂ්චරිත යි. භාග්‍යවතුන් වහන්සේ ඒ සියලු දේ කැටි කොට කාය, වචී, මනෝ දුෂ්චරිත ලෙස නම් කළා. මේ දේ කිසියම් කෙනෙක් හෝ පිරිසක් විසින් කරනවා නම් ඔවුන්ට ලැබෙන්නේ දුක් විපාක පමණයි.


ඇසළ පුර අටවක

ජූලි 25 අඟහරුවාදා අ.භා.
 03.06 න් පුර අටවක ලබා 26 බදාදා අ.භා. 03.48 න් ගෙවේ.
25 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 25

Full Moonපසළොස්වක

අගෝස්තු  01

Second Quarterඅව අටවක

අගෝස්තු  08

Full Moonඅමාවක

අගෝස්තු  15


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]