[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මහියංගණ පුදබිමේ ඉදිවුණු සම්බුද්ධත්ව ජයන්ති බුද්ධ ප්‍රතිමාවහන්සේ

අධි ඇසළ
පුර පසළොස්වක

ජූලි 02 ඉරිදා අ.භා. 08.19 න්
පුර පසළොස්වක ලබා
03 සඳුදා අ.භා. 05.07 න් ගෙවේ.
03 සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 03

Second Quarterඅව අටවක

ජූලි 10

Full Moonඅමාවක

ජූලි 17

First Quarterපුර අටවක

ජූලි 25

රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ මහා පෙරහර

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ මහා පෙරහර මංගල්‍යය ජුනි මස 19 වන දින ආරම්භ වී අද 03 වැනි දා නිම වීමට නියමිත ය. කාවන්තිස්ස මහ රජතුමා රට එක්සේසත් කිරීමේ අරමුණෙන් බුද්ධිමත් තරුණයන් දස දෙනෙකු දස මහා යෝධයන් ලෙස නම් කර ඔවුන් හරහා අතිවිශාල හමුදා භට සංඛ්‍යාවක් අනාගතය සඳහා සකස් කරගෙන ඇත. සිය පියාගේ ඇවෑමෙන් රාජ්‍යත්වයට පත් දුටුගැමුණු රජුගේ ඒකායන බලාපොරොත්තුව වූයේ විදේශීය ආක්‍රමණයෙන් රට බේරා ගැනීමයි. ඒ අනුව වසර 44ක් විදේශීය ආක්‍රමණයට යටත් ව සිට මේ රටේ බහුතර ජනතාව මුදාගැනීමේ අතිබිහිසුණු සටන සඳහා කටයුතු කළ ආකාරය මහා වංශය ආදී වංශ කථාවල පැහැදිලිව සඳහන් කර ඇත. විහාරමහාදේවී මාතාවගේ උපදෙස් මත කටයුතු සංවිධානය කළ අතර තිස්ස මහා විහාරයේ භික්ෂූන් වහන්සේ 500ක් යුද පෙරමුණේ ගමන් කරමින් එතුමාට ආශිර්වාද කළ බව සඳහන් වේ. ජන වහරේ සඳහන් වන අන්දමට යුද්ධයට යාමට පෙර කතරගම අෂ්ඨඵල බෝධීන් වහන්සේ අසලට පැමිණ කිසියම් බාරයක් වී ඇත. ඒ තමා මෙම යුද්ධය සිදු කරන්නේ රටත් ජනතාවත් එක්සේසත් කිරීමටත්, විදේශීය පාලකයන් පලවාහැරීමටත්, සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමටත් බවයි. යුද්ධයෙන් ජයග්‍රහණය කළහොත් කතරගම දෙවිඳුන්ට රන්කොත් සහිත දේව මාලිගාවක් සාදවා පූජා කරන බවට පොරොන්දු වී ඇත.

සදහම් සිසිලෙන් ලොවම සැනසුණ වගයි ...

පුරාණ දඹදිව සැණකෙළි මාසය වූයේ ඇසළ මාසය යි. අප මහ බෝසතාණෝ සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් උතුම් පාරමී දම් පුරා තුසිත දෙව්ලොව සන්තුසිත නම් දිව්‍ය රාජයා ව ඉපිද පස්මහ බැලුම් බලා අවසානයේ දී සුදොවුන් මහ රජුගේ අග මෙහෙසිය වන මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගන්නට යෙදුනේ උතුම් ඇසළ පොහෝ දිනක දී ය. හෙළ පියුමක් හොඬෙහි දරන සුදු ඇත් පැටවකු කුසට ඇතුළු වූ බව මහාමායා දේවිය සිහිනෙන් දුටුවේ බෝසතුන් තම කුසෙහි පිළිසිඳ ගැනීමේ සංසිද්ධිය යි. මෙම සිහිනයේ පලාඵල විමසූ බමුණු පඬිවරුන් හැට හතර දෙනාගේ මතය වූයේ පින්වන්ත දරුවකු උපදින බව යි. මෙලොව පහළ වන සෑම බුදු කෙනකුට ම සාධාරණ වන සතර පෙර නිමිති දැකීම අප බෝසතාණන් වහන්සේ ද එලෙසම අත්වින්ද සේක. උයන් සිරි නරඹා පැමිණෙන කල සතර පෙර නිමිති දුටු බෝසතාණන් වහන්සේ ගිහි ගෙය කෙරෙහි ඉතා දැඩි සේ කළකිරීමට පත් වූහ. අවසානයේ දී ලෝක සත්වයාට සත්‍යාවබෝධ කරලීමට අදිටන් කොටගෙන තවුස් දම් වඩනු පිණිස ගිහි ගෙය අතහැර යෑම හෙවත් මහා අභිණිෂ්ක්‍රමණය සිදු කරන ලද්දේ ද ඇසළ පුන් පොහෝ දිනක දී ය. එසේම යශෝධරා දේවියගේ කුස පිළිසිඳ ගත් රාහුල කුමරු දස මස් ඇවෑමෙන් ජන්ම ලාභය ලැබුවේ ද බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරන ලද දිනයේ ම බව ලෝකවාසී බොදු දනන් මනාව දන්නා කරුණකි.

 

නිවන් පිළිවෙත මැදුම් පිළිවෙත ය

සම්බුදුරජාණන් වහන්සේ අද වැනි ඇසළ පුන් පොහෝ දිනක බරණැස්නුවර මිගදාය නම් වූ ඉසිපතනයට වැඩම කර කොණ්ඩඤ්ඤ, වප්ප,භද්දිය, මහානාම, අස්සජි යන පස්වග තවුසන් අමතා මෙසේ වදාළහ. මහණෙනි,පැවිද්දකු විසින් අත්හළ යුතු අන්ත දෙකකි. එනම් කාමසුඛල්ලිකානු යෝගය හෙවත් කම්සැපයෙහි ඇලී ගැලී සිටීම ය. එය පහත් ය, රළු ය, පොදු ජනයා විසින් සෙව්ණේ ය. අනාර්ය ය, අවැඩදායක ය.  දෙවැන්න අත්තකිලමථානුයෝගය හෙවත් ශරීරයට වද දීමයි. එය දුක් දෙයි. අනාර්යයි. අවැඩ දායකයි. මේ අන්ත දෙකට ම නොගොස් තථාගතයන් වහන්සේ විසින් සොයා ගන්නා ලද නෙත් පාදවන, (චක්ඛු කරණී) නුවණ ඇති කරන, මැදුම් පිළිවෙත (මජ්ක්‍ධිමා පටිපදා) සැනහීමටත් (උපසමාය) උසස් දැනුමටත් (අභිඤ්ඤාය සම්බෝධාය) සත්‍යය අවබෝධ කර ගැනීමටත් (නිබ්බාණාය) මඟ පාදයි. බුදුරජාණන් වහන්සේ මැදුම් පිළිවෙත කවරේදැයි දේශනා කරමින් “මහණෙනි මැදුම් පිළිවෙත නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එය සම්මාදිට්ඨි ආදි අංග අටකින් යුතු බව වදාළහ. බුදුරජාණන් වහන්සේ පහළ වීමට පෙර සිටම දඹදිව විමුක්තිය සොයා ගිය ශ්‍රමණ, බ්‍රාහ්මණ, තාපස, ආජීවකාදී බොහෝ දෙනා විවිධ ක්‍රියා මාර්ග පිළිවෙත් අනුගමනය කළහ.

 

ඇසළ පුර පසළොස්වක පෝ දා සිදු වූ මහා සන්නිවේදන විප්ලවය

ක්‍රිස්තු පූර්ව හයවැනි සියවස ලෝකයේ චින්තන විප්ලවයක් ඇති වූ කාල වකවානුවක් ලෙස හැඳීන්වෙයි. සත්‍ය ගවේෂී පුද්ගලයන් ජීවිතයේ පරම සත්‍යය කුමක්දැයි සොයමින් විවිධ වෘත අනුගමනය කරන්නට පෙළඹුණු වකවානුවකි මෙය. විශේෂයෙන්ම භාරතීය සමාජය නානාවිධ ලබ්ධීන් අනුගමනය කළ ශාස්තෘවරුන්ගෙන් පිරී පැවතුණු සමයකි. ධ්‍යාන සමාපත්ති ලබා ගැනීමට සමත් වූ මේ ඇතැමුන් පරම මෝක්ෂය එය යැයි අනුගාමිකයින් රැස් කරමින් සිටියහ. පූර්ණ කස්සප, මක්ඛලීගෝසාල, අජිත කේසකම්බල, සංජය බෙල්ලට්ඨිපුත්ත, පකුධකච්චායන, නිගණ්ඨනාථපුත්ත ආදී ශාස්තෘවරුන් ඒ අතර කැපී පෙනිණ. මේ විවිධ ශාස්තෘවරුන් විවිධ වෘත අනුගමනය කරමින් සදාකාලික සැප සොයන මාර්ග ගවේෂණය කරමින් උන්හ. ඇතැම් අය සත්ව හැසිරීම් අනුකරණය කළහ. ඇතැම්මු අඩ නිරුවතින් ද, තවත් අය සම්පූර්ණයෙන් ම නිරුවතින් ද ස්වකීය ජීවිත ගෙන ගියහ. මේ අයගේ ඇතැම් චර්යාවන් වර්තමානයට සාපේක්ෂව ඉතාමත් ම ජුගුප්සාජනක ක්‍රියා ලෙස පෙනෙයි. නමුත් ඒ සියල්ලන්ට ම අනුගාමිකයෝ සිටියහ. මේ ඇතැම් අයගේ ආහාර පුරුදු ද විවිධාකාර ය. ඇතැමුන් ශාක භක්ෂක ය. තවත් අය ආහාර ගත්තේ දින දෙකකට වරකි. ඇතැම් අය සතියකට හෝ මාස භාගයකට වතාවක් ආහාර ගත්හ. ඇසළ පුර පසළොස්වක පොහෝ දා සංස්කෘතික චින්තන විප්ලවය සිදුවූයේ මෙවන් වූ පසුබිමක දී ය.

 

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]