[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ මහා පෙරහර

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ මහා පෙරහර මංගල්‍යය ජුනි මස 19 වන දින ආරම්භ වී අද 03 වැනි දා නිම වීමට නියමිත ය. කාවන්තිස්ස මහ රජතුමා රට එක්සේසත් කිරීමේ අරමුණෙන් බුද්ධිමත් තරුණයන් දස දෙනෙකු දස මහා යෝධයන් ලෙස නම් කර ඔවුන් හරහා අතිවිශාල හමුදා භට සංඛ්‍යාවක් අනාගතය සඳහා සකස් කරගෙන ඇත. සිය පියාගේ ඇවෑමෙන් රාජ්‍යත්වයට පත් දුටුගැමුණු රජුගේ ඒකායන බලාපොරොත්තුව වූයේ විදේශීය ආක්‍රමණයෙන් රට බේරා ගැනීමයි. ඒ අනුව වසර 44ක් විදේශීය ආක්‍රමණයට යටත් ව සිට මේ රටේ බහුතර ජනතාව මුදාගැනීමේ අතිබිහිසුණු සටන සඳහා කටයුතු කළ ආකාරය මහා වංශය ආදී වංශ කථාවල පැහැදිලිව සඳහන් කර ඇත. විහාරමහාදේවී මාතාවගේ උපදෙස් මත කටයුතු සංවිධානය කළ අතර තිස්ස මහා විහාරයේ භික්ෂූන් වහන්සේ 500ක් යුද පෙරමුණේ ගමන් කරමින් එතුමාට ආශිර්වාද කළ බව සඳහන් වේ. ජන වහරේ සඳහන් වන අන්දමට යුද්ධයට යාමට පෙර කතරගම අෂ්ඨඵල බෝධීන් වහන්සේ අසලට පැමිණ කිසියම් බාරයක් වී ඇත. ඒ තමා මෙම යුද්ධය සිදු කරන්නේ රටත් ජනතාවත් එක්සේසත් කිරීමටත්, විදේශීය පාලකයන් පලවාහැරීමටත්, සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමටත් බවයි. යුද්ධයෙන් ජයග්‍රහණය කළහොත් කතරගම දෙවිඳුන්ට රන්කොත් සහිත දේව මාලිගාවක් සාදවා පූජා කරන බවට පොරොන්දු වී ඇත. මේ අනුව එළාර සමඟ යුද්ධ කර යුද්ධයෙන් ජයග්‍රහණය කිරීමට මෙතුමා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කර ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලය ඉදි වූ බව සඳහන් වේ. රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික උත්සව තුනක් දැකිය හැකි ය. එනම් තුණුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම සඳහා අපේ‍්‍රල් මස 14 වන දින කිරි උතුරවා රාත්‍රියේ දෙවියන් වල්ලි අම්මා දේවාලයට වැඩමවා ලෝවැසියන් හට ආශිර්වාද කිරීමයි.


අධි ඇසළ
පුර පසළොස්වක

ජූලි 02 ඉරිදා අ.භා. 08.19 න්
පුර පසළොස්වක ලබා
03 සඳුදා අ.භා. 05.07 න් ගෙවේ.
03 සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 03

Second Quarterඅව අටවක

ජූලි 10

Full Moonඅමාවක

ජූලි 17

First Quarterපුර අටවක

ජූලි 25


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]