[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

සදහම් සිසිලෙන් ලොවම සැනසුණ වගයි ...

පුරාණ දඹදිව සැණකෙළි මාසය වූයේ ඇසළ මාසය යි. අප මහ බෝසතාණෝ සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් උතුම් පාරමී දම් පුරා තුසිත දෙව්ලොව සන්තුසිත නම් දිව්‍ය රාජයා ව ඉපිද පස්මහ බැලුම් බලා අවසානයේ දී සුදොවුන් මහ රජුගේ අග මෙහෙසිය වන මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගන්නට යෙදුනේ උතුම් ඇසළ පොහෝ දිනක දී ය. හෙළ පියුමක් හොඬෙහි දරන සුදු ඇත් පැටවකු කුසට ඇතුළු වූ බව මහාමායා දේවිය සිහිනෙන් දුටුවේ බෝසතුන් තම කුසෙහි පිළිසිඳ ගැනීමේ සංසිද්ධිය යි. මෙම සිහිනයේ පලාඵල විමසූ බමුණු පඬිවරුන් හැට හතර දෙනාගේ මතය වූයේ පින්වන්ත දරුවකු උපදින බව යි. මෙලොව පහළ වන සෑම බුදු කෙනකුට ම සාධාරණ වන සතර පෙර නිමිති දැකීම අප බෝසතාණන් වහන්සේ ද එලෙසම අත්වින්ද සේක. උයන් සිරි නරඹා පැමිණෙන කල සතර පෙර නිමිති දුටු බෝසතාණන් වහන්සේ ගිහි ගෙය කෙරෙහි ඉතා දැඩි සේ කළකිරීමට පත් වූහ. අවසානයේ දී ලෝක සත්වයාට සත්‍යාවබෝධ කරලීමට අදිටන් කොටගෙන තවුස් දම් වඩනු පිණිස ගිහි ගෙය අතහැර යෑම හෙවත් මහා අභිණිෂ්ක්‍රමණය සිදු කරන ලද්දේ ද ඇසළ පුන් පොහෝ දිනක දී ය. එසේම යශෝධරා දේවියගේ කුස පිළිසිඳ ගත් රාහුල කුමරු දස මස් ඇවෑමෙන් ජන්ම ලාභය ලැබුවේ ද බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරන ලද දිනයේ ම බව ලෝකවාසී බොදු දනන් මනාව දන්නා කරුණකි. තථාගතයන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කර ගත් පසු තමන් වහන්සේ දුක සේ අවබෝධ කර ගත් දහම දේශනා කිරීමට සුදුස්සන් ගැන සිතන කල්හි තමන් වහන්සේගේ පූර්වාචාර්යයන් වූ ආලාරකාලාම හා උද්දකරාමපුත්ත යන ගුරු දෙපළ සිහිපත් විය. එම අය පරලෝකප්‍රාප්ත වූ බව දැනගත් පසු තමන්ට සත්‍යය ගවේෂණ අවධියේ දී ඉතා විශාල ලෙස උදව් උපකාර කළ පස්වග මහණුන් පිළිබඳ සිතන්නට වන්හ. එකල්හි ඔවුන් බරණැස ඉසිපතන මිගදායෙහි වැඩ සිටින බව දැන ගත් මහා කාරුණිකයන් වහන්සේ ඔවුන් සොයා එහි වැඩම කළහ. සඳරැසින් බබළන රාත්‍රියේ මුළු මිගදාය වන අරණ ම බබළවමින්, අවට පරිසරය ඉතා නිසොල්මන් වූ කල්හි, සියොතුන්ගේ කන්කලු නාදයේ මිහිර නවතා කන් යොමා සිත් යොමා, ඇසුවා වූ උතුම් සද්ධර්මය නමැති මධුර භාෂිතයෙන් ලෝ සතුන් සනහාලන්නට යෙදුණේ ද මෙකී උතුම් පොහෝ දිනයෙහි ය.


අධි ඇසළ
පුර පසළොස්වක

ජූලි 02 ඉරිදා අ.භා. 08.19 න්
පුර පසළොස්වක ලබා
03 සඳුදා අ.භා. 05.07 න් ගෙවේ.
03 සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 03

Second Quarterඅව අටවක

ජූලි 10

Full Moonඅමාවක

ජූලි 17

First Quarterපුර අටවක

ජූලි 25


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]

S