[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

නිවන් පිළිවෙත මැදුම් පිළිවෙත ය

සම්බුදුරජාණන් වහන්සේ අද වැනි ඇසළ පුන් පොහෝ දිනක බරණැස්නුවර මිගදාය නම් වූ ඉසිපතනයට වැඩම කර කොණ්ඩඤ්ඤ, වප්ප,භද්දිය, මහානාම, අස්සජි යන පස්වග තවුසන් අමතා මෙසේ වදාළහ. මහණෙනි,පැවිද්දකු විසින් අත්හළ යුතු අන්ත දෙකකි. එනම් කාමසුඛල්ලිකානු යෝගය හෙවත් කම්සැපයෙහි ඇලී ගැලී සිටීම ය. එය පහත් ය, රළු ය, පොදු ජනයා විසින් සෙව්ණේ ය. අනාර්ය ය, අවැඩදායක ය.  දෙවැන්න අත්තකිලමථානුයෝගය හෙවත් ශරීරයට වද දීමයි. එය දුක් දෙයි. අනාර්යයි. අවැඩ දායකයි. මේ අන්ත දෙකට ම නොගොස් තථාගතයන් වහන්සේ විසින් සොයා ගන්නා ලද නෙත් පාදවන, (චක්ඛු කරණී) නුවණ ඇති කරන, මැදුම් පිළිවෙත (මජ්ක්‍ධිමා පටිපදා) සැනහීමටත් (උපසමාය) උසස් දැනුමටත් (අභිඤ්ඤාය සම්බෝධාය) සත්‍යය අවබෝධ කර ගැනීමටත් (නිබ්බාණාය) මඟ පාදයි. බුදුරජාණන් වහන්සේ මැදුම් පිළිවෙත කවරේදැයි දේශනා කරමින් “මහණෙනි මැදුම් පිළිවෙත නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එය සම්මාදිට්ඨි ආදි අංග අටකින් යුතු බව වදාළහ. බුදුරජාණන් වහන්සේ පහළ වීමට පෙර සිටම දඹදිව විමුක්තිය සොයා ගිය ශ්‍රමණ, බ්‍රාහ්මණ, තාපස, ආජීවකාදී බොහෝ දෙනා විවිධ ක්‍රියා මාර්ග පිළිවෙත් අනුගමනය කළහ. පෙර උපත හා මතු උපත පිළිනොගත් ඔවුහු මේ ආත්මභාවයේ දී හැකි තාක් ඇති තාක් පස්කම් සැප විඳිය යුතු බව ප්‍රකාශ කළහ. දිවි ඇතිතාක් සැප විඳිමින් ජීවත්විය යුතු ය. ණයට ගෙන හෝ ගිතෙල් අනුභව කරන්න. මරණින් මතු සොහොනෙහි දවා හළු කළ තැනැත්තා නැවත නොඑන්නේ ය යන්න භෞතිකවාදීන්ගේ මතය විය. ධන ධාන්‍යයෙන් ආඪ්‍ය වූ සිටුවරු, සෙන්පතිවරු, අමාත්‍යවරු මෙන්ම රාජකීයයෝ ද සැප විඳීමට කටයුතු කළේ මේ භෞතිකවාදයේ පිහිටා ය. අප ගෞතම බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාර අවදියේ සතර පෙරනිමිති දැක ජාති ,ජරා,මරණාදියෙන් මිදීමට ඉවහල් වන සත්‍යය සොයනු පිණිස මහාභිනිෂ්ක්‍රමණය කළහ.


අධි ඇසළ
පුර පසළොස්වක

ජූලි 02 ඉරිදා අ.භා. 08.19 න්
පුර පසළොස්වක ලබා
03 සඳුදා අ.භා. 05.07 න් ගෙවේ.
03 සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 03

Second Quarterඅව අටවක

ජූලි 10

Full Moonඅමාවක

ජූලි 17

First Quarterපුර අටවක

ජූලි 25


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]