ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ක් වූ අධි ඇසළ පුර පසළොස්වක පෝදා 2023 ජූලි 03 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
රුවන්වැලි සෑ රදුන් තැනවීම දුටුගැමුණු මහරජතුමාගේ ප්‍රධානතම ශාසනික සේවාව ලෙසින් මහාවංසය ඇතුළු වංශකතාවන්හි පරිච්ඡේද ගණනාවක් ම වෙන් කරමින් සම්භාවනාවට පත් කොට ඇත. කුරුණෑගල රාජධානි සමයෙහි සකල විද්‍යාචක්‍රවර්ති පරාක්‍රම පණ්ඩිතයන් විසින් ථූපවංසය රචනා කරන ලද්දේ රුවන්වැලි චෛත්‍ය කර්මාන්තය වර්ණනා කිරීම පිණිස ය. මෙම සියලු මූලාශ්‍රයන්ට අනුව රුවන්වැලි මහා සෑ රදුන් ගේ වැඩ ආරම්භ කොට ඇත්තේ වෙසක් පුන් පොහෝ දිනක දී වන අතර මුල් ගල් පිහිටුවීම ඇසළ පොහෝ දින සිදු කොට ඇත. බුදුරජාණන් වහන්සේගේ තෙවැනි ලංකාගමනයේ දී සම්බුද්ධ පාදස්පර්ශයෙන් පූජනීයත්වයට පත් වීම, ද්‍රෝණ අටක් වූ සර්වඥ ධාතූන් වහන්සේ අතුරින් එක් තැනක පිහිටි වැඩිම ධාතු ප්‍රමාණය වූ ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේ රුවන්වැලි සෑයේ වැඩ සිටීම, අනාගත කාලයෙහි ගෞතම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය මෙලොවින් අන්තර්ධාන වන අවස්ථාවෙහි ධාතු පරිනිර්වාණය රුවන්වැලි මහ සෑ රදුන් අභියස දී සිදු වීම යන කරුණු නිසා රුවන්වැලිසෑය අන්‍ය ස්තූපයන්ට වඩා වැදගත්කමකින් යුත් ස්තූපයක් ලෙසින් පුද පූජාවන්ට පත්වෙයි. “ගෞතම බුදු සසුනට වසර පන්දහසක් කල් සම්පූර්ණ වූ කල්හි වෙසක් පුර පසළොස්වක පොහෝ දින ලංකාවේ මහියංගනය, කැලණිය, දීඝවාපිය, සේරුවිල, ගිරිහඬු සෑය, ජේතවනය, අභයගිරිය, ථූපාරාමය ඇතුළු ස්තූපයන්හි වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේ අහසට පැන නැඟී අනුරාධපුර රුවන්වැලි මහා සෑයෙහි ද්‍රෝණයක් ධාතූන් වහන්සේ වැඩ සිටින ස්ථානයට එක් රැස් වෙති.
ජූලි 02 ඉරිදා අ.භා. 08.19 න් පුර පසළොස්වක ලබා 03 සඳුදා අ.භා. 05.07 න් ගෙවේ. 03 සඳුදා සිල්.
පසළොස්වක
ජූලි 03
අව අටවක
ජූලි 10
අමාවක
ජූලි 17
පුර අටවක
ජූලි 25
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]