[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දළදාවත්ත පුරාණ මහා විහාරයීය දළදා පෙරහර මංගල්ලය

දළදාවත්ත පුරාණ මහා විහාරයීය දළදා පෙරහර මංගල්ලය

පුරා වසර 89ක දීර්ඝ කාලයක සිට පවත්වා ගෙන එනු ලබන වාද්දුව තල්පිටිය දළදාවත්ත පුරාණ මහා විහාරයේ දළදා පෙරහර මංගල්‍යය 1933 දී ආරම්භ විය. ඓතිහාසික සෙංකඩගලපුර ඇසළ පෙරහරට සමගාමීව පැවැත්වෙන දළදා උපහාර පුණ්‍ය මහෝත්සවයකි.

රාජකීය අනුග්‍රහයෙන් දළදා වහන්සේට පූජෝපහාර දැක්වීම ඈත අතීතයේ සිට පැවතගෙන එන පෞරාණික චාරිත්‍රයකි. අතීත රජදරුවන් දළදා පෙරහර පවත්වා කලට වැසි ලැබී රට සශ්‍රීකව පවතීවායි ප්‍රාර්ථනා කළහ. එම අරමුණ ඇතිව වර්තමානයෙහි ද දළදා පූජෝත්සව පවත්වනු ලැබේ.

වාද්දුව තල්පිටිය දළදාවත්ත පුරාණ මහා විහාරස්ථානය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන මෙම දළදා උපහාර පෙරහර තල්පිටිය ග්‍රාමයත්, විහාරස්ථානයත් දළදා වහන්සේ සමඟ පවතින අතීත සබඳතාවක ප්‍රතිඵලයක් ලෙස හඳුනාගත හැකි ය.

ලෝකවාසී බෞද්ධ අබෞද්ධ සකල ජනතාවගේ මහත් ගෞරවයට පාත්‍ර වූ දළදා වහන්සේ ජීවමාන පූජාර්භ වස්තුවකි. එසේම ලෝක උරුමයකි. සුවාසූ දහසක් ධර්මස්කන්ධයේ ස්පර්ශය ලබා ඇති දළදා වහන්සේ වෙනුවෙන් පුදසත්කාර කිරීම බොදුනුවන් සලකන්නේ ජීවමාන බුදුරදුන්ට කරනු ලබන පූජාවක් වශයෙනි. මෙවන් පූජෝපහාර දැක්වීමේ පරමාර්ථය ද එයම ය.

විවිධ දුෂ්කර කාල පරිච්ඡේදයන්ට මුහුණ දෙමින් 89 වසරක කාලයක් මෙවන් පුණ්‍ය මහෝත්සවයක් පවත්වා ගෙන ඒම භාරදූර කර්තව්‍යයකි. එහෙත් අතීතයෙහි මෙම විහාරස්ථානයේ ආධිපත්‍යය හෙබවූ යතිවරුන්ගේ චිත්ත ධෛර්යයේ සහ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස එම අතීත උරුමය වර්තමානයට දායාද වී තිබේ.

1966 වර්ෂයේ සිට 47 වසරක කාලයක් මෙම පෙරහර පවත්වා ගෙන යාම සඳහා අසීමිත කැපවීමක් සිදුකොට වදාළ මෙම විහාරාධිපතිව වැඩ විසූ විචිත්‍රභාණක තල්වත්තේ ඉන්ද්‍රජෝති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මෙහෙවර ද කෘතවේදීව සිහිපත් කළ යුතු වේ.

2013 වර්ෂයේ සිට මෙම විහාරස්ථානයේ අධිපති ධුරය හොබවන පානදුර තොටමුණ සහිත රයිගම්කෝරළයේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති තල්පිටියේ චන්ද්‍රරතන නාහිමි දළදාවත්ත මහා විහාරයේ වර්තමාන දියුණූුවේ නියමුවාණෝ වෙති.

ජාතික,ආගමික හා ශාසනික පුළුල් මෙහෙවරක නිරතව වැඩ සිටින උන්වහන්සේ දිවා රෑ මහත් කැපවීමෙන් යුතුව මෙම සියලු කටයුතු වෙනුවෙන් දක්වන අනූපමේය දායකත්වය සුවිශේෂී වූවකි. විහාරවාසී, ශාස්ත්‍රපති, තල්පිටියේ ධම්මරතන හිමි, ඕපනායක ධීරානන්ද හිමි හා දඩගල්ලේ සිරිරතන යන හිමිවරු ඇතුළු ස්වාමීන් වහන්සේලාගෙන් ද මෙම කටයුතු සාර්ථක කර ගැනීමට ලැබෙන දායකත්වය ද ප්‍රශංසනීය ය.

මෙම පෙරහර පැවැත්වීමට පූර්ව සම්බුද්ධ පූජා, බෝධි පූජා හා ධර්ම දේශනා පින්කම් මාලාවක් සහ සති පිරිත් දේශනාවක් ද පැවැත්වීමට සංවිධානය කොට තිබේ.

අධි ඇසළ
පුර පසළොස්වක

ජූලි 02 ඉරිදා අ.භා. 08.19 න්
පුර පසළොස්වක ලබා
03 සඳුදා අ.භා. 05.07 න් ගෙවේ.
03 සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 03

Second Quarterඅව අටවක

ජූලි 10

Full Moonඅමාවක

ජූලි 17

First Quarterපුර අටවක

ජූලි 25

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]