ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ක් වූ පොසොන් අමාවක පෝදා 2023 ජුනි 17 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
තිරිකුණාමලය ජයසුමනාරාමවේ සෑ රදුන් වහන්සේ. ඡායාරූපය - නිශ්ශංක විජේරත්න
ජුනි 17 සෙනසුරාදා පූ.භා. 09.15 න් අමාවක ලබා 18 ඉරිදා පූ.භා. 10.10 න් ගෙවේ. 17 සෙනසුරාදා සිල්
අමාවක
ජුනි 17
පුර අටවක
ජුනි 26
පසළොස්වක
ජූලි 03
අව අටවක
ජූලි 10
සතර අපායේ වැටෙමින්, දුක් සහිත සසර ගමනක් ගෙවමින්, බොහෝ දුක් විඳින මේ ලෝක සත්ත්වයාට ඇති එකම පිහිට, එකම පිළිසරණ තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය යි. වෙනත් පිහිටක්, පිළිසරණක්, ආලෝකයක් පෙනෙනතෙක් මානයකවත් ඇතැයි කියා සිතීමට අපහසුයි. එතරම් ම මේ ධර්මය අපේ ජීවිතවලට යහපත පිණිස, සැපය, අභිවෘද්ධිය පිණිස හේතු වෙනවා. ඒ කවර ධර්මයක් ද? තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය යි. භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ ධර්මය ගම්භීරයි. ගැඹුරුයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කුසල පක්ෂයට අයිති. අකුසලයට විරුද්ධයි. මේ ලෝකයේ කුසල් කියා හෝ පින කියා හෝ යම් දෙයක් ඇද්ද ඒ සියලුම කුසල් චතුරාර්ය සත්‍ය ධර්මය කියන කොටසට අයිතියි. අපගේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පාන තුරාවට ම දේශනා කළේ චතුරාර්ය සත්‍ය ධර්මයයි. සෑම බුද්ධ දේශනාවක ම චතුරාර්ය සත්‍ය ධර්මය අඩංගුයි. අපි ඒ බුද්ධ දේශනාවේ තිබෙන චතුරාර්ය සත්‍ය මතුකර ගන්නට ඕනෑ. අධ්‍යයනය කරන්නත් ඕනෑ. සෑම බුද්ධ දේශනාවක ම කුසලය වඩන්නයි තිබෙන්නේ. අකුසලය වඩන්නට නොවේ. අකුසලයෙන් ගලවාගෙන කුසලයට ගන්නයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේශනා කළේ. ඒ සියලු කුසල් චතුරාර්ය සත්‍ය ධර්මය රාමුවට අයිති වන්නේ. දිනක් ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ අමතා කියා සිටියා “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ ගැඹුරු ගම්භීර පටිච්චසමුප්පාදය මට ඉතා සරලව තේරෙනවා. යනුවෙන් එවිට භාග්‍යවතුන් වහන්සේ වදාළා “පින්වත් ආනන්ද එහෙම කියන්න එපා. ආනන්දය, මේ පටිච්චසමුප්පාදය ගැඹුරුයි. අවබෝධ කිරීමට අපහසුයි.” කියමින් භාග්‍යවතුන් වහන්සේ ඒ ධර්මයේ තිබෙන ගැඹුරු බව පසක් කළා. ගම්භීර අර්ථ ඇති ඒ ධර්මය ගිහි, පැවිදි ශ්‍රාවකයාට දේශනා කළේ මේ සුන්දර, ගැඹුරු, ගම්භීර ධර්මය අනුගමනය කිරීමෙන් අපට මේ සසරින් එතෙර වීමට උපකාරී වෙන නිසයි.
පෙර කාලයක අප මහ බෝසතාණන් වහන්සේ දිසාපාමොක් ආචාර්යව මානවකයන් පන්සියයකට ශිල්ප ඉගැන්වූහ. මොවුහු එක්තරා කුකුළකු හඬලන හඬට උදෑසන අවදිව දිනපතා ශිල්ප ඉගෙනීම සඳහා පිටත්ව යති. මෙසේ කලක් ගතවුණි. එක්තරා දිනෙක දී වේලාව නො වරදවා හඬලන ඒ කුකුළා මිය ගියේ ය. මේ මානවකයන් පිරිස වෙනත් කුකුළකු සොයන්නට විය. එසේ සොයන කල දිනක් දර සෙවීමට ගිය අතරතුර සොහොනක සිටි කුකුළකු දැක ගෙනැවිත් කූඩුවක දමා ඇති දැඩි කළෝ ය. මෙසේ ඇති දැඩි කළත් මේ කුකුළා හැඬලිය යුතු වේලාව නොදනී. ඇතැම් දිනවල මධ්‍යම රාත්‍රියේ දී හඬලන්නේ ය. ඇතැම් දිනෙක හිරු නැඟෙන්නට ආසන්නව හඬලන්නේ ය. තවත් දිනක හිරු නැඟුණ විට හඬලන්නේ ය. මධ්‍යම රාත්‍රියෙහි කුකුළාගේ හැඬලීම නිසා අවදිවන දිනයන්හි ප්‍රමාණවත් නින්දක් නොලැබීම නිසා මානවකයන් හට නිසිලෙස ශිල්ප හදාරන්නට නොහැකි විය. හිරු නැඟෙත් ම කුකුළාගේ හැඬලීමට අවදිවන දිනයන් හි ශිල්ප ඉගෙනීමට කාල වේලාව මදි විය. මේ ආකාරයෙන් කුකුළාගේ නො කල්හි හැඬලීම නිසා මානවකයන්ගේ ඉගෙනීමට මහත් වූ බාධාවක් විය. ශිල්ප ඉගැනීමෙන් ද පිරිහුණේ ය. මෙයින් ඉතා කෝපයට පත් ශිෂ්‍යයන් කුකුළා මරා දමන්නට විය. අකාලයෙහි හැඬලීම නිසා කුකුළා හැදූ ශිෂ්‍යයන්ට ද, කුකුළාට ද යන දෙපාර්ශවයට ම අනර්ථයක් සිදුවුණි. එසේ යමෙක් පවසන යහපත් වචනයක් වූවත්, නුසුදුසු කල්හි පැවසීමෙන් තමාට හා අන්‍යයන්ට ද ඇතැම් විට අනර්ථයක් ම වන්නේ ය. “සුභිසිතා ච යා වාචා එතං මංගල මුත්තමං” සුභාසිත වචනය හෙවත් යහපත් වචනය නම් අංග පහකින් යුක්ත වූ වචනයයි. බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයන්ගේ යහපත, දෙලොව දියුණුව දෙසා වදාරන්නේ ද සුභාෂිත වචනයෙනි. වචනය ඉතාමත් සැලකිය යුතු වූ ද නිතර ම පාවිච්චි කරන්නා වූ ද දෙයක් බැවින් ඒ පිළිබඳ දැඩි අවධානයෙන් සැලකිය යුතු වේ.
අහස ගොරවන්නට විය. විදුලි ධාරා දසත එකාලෝක කරවයි. මෙය පාරසරික සංසිද්ධියක් වුවත් අපි කුඩා කාලයේ අහස ගිගුම් දෙන්නේ දෙවියන් රණ්ඩු වන විටැයි සිතුවෙමු. යුද්ධය යන ආකල්පය අප මනසට පැමිණියේ එතැන් සිට ය. පෙර මෙන් අදත් හෙටත් පොඩි බිම් කොටසක් වෙනුවෙන් මිනිස්සු කොපමණ යුද්ධ කරත් ද? දහස් ගණනක් කදුළු මැදින් ලබා ගන්නා බිම් කොටස් දෙස උජාරුවෙන් බලා කී දෙනෙක් නම් අධිමානී ව ජීවත් වේ ද? එහෙත් අප ජීවත් වන මන්දාකිනියෙනුත් එහා අප්‍රමාණ මන්දාකිනිවල ආඥා චක්‍රය පතුරා හැරීමට සමත් අපේ බුදුපියාණන් වහන්සේ සියලු බල දරමින් නිහතමානි ව දවසැරූහ. බුදුන් වහන්සේගේ ආඥා චක්‍රය පතුරා ඇති මන්දාකිනි සම්බන්ධයෙන් කෙටි සටහනක් තබමි. ශ්‍රද්ධා චෛතසිකය තීව්‍ර කිරීම අභිමතාර්ථය කර ගනිමින් මෙම සටහන අංගුත්තරනිකායේ ආනන්ද වග්ගයේ චූළනිකා සූත්‍රය ගුරු කර ගනිමින්, අටුවා ආශ්‍රය කර ගනිමින් සිදු කෙරේ. බුදු කිසි නිමා විය. සද්ධිවිහාරික හා අන්තේවාසික වත් ද කොට හමාර ය. දිවාවිහරණ ස්ථානගත වු ආනන්ද තෙරුණුවෝ කල්පනා කරන්නට වූහ. අරුණවති සූත්‍රයේ දී පෙර සිඛී බුදුන් සමයේ අග්‍ර ශ්‍රාවක වු අභිභූ තෙරුන් වහන්සේ චක්‍රවාළ දහසක වරෙක අන්ධකාරය මවමින් ද, වරෙක එකාලෝක කරමින් ද ධර්ම දේශනා කළා නම් සර්වඥයන් වහන්සේගේ ආඥා චක්‍රය කෙබඳු වේ දැයි අනන්ද තෙරහු සිතූහ. මෙම සැකය දුරු කිරීම සඳහා බුදුන් වහන්සේගෙන් ම විමසීම සුදුසු යැයි සිතූ ධර්මභාණ්ඩාගාරිකයන් වහන්සේ බුදුරදුන් සමීපයට පැමිණ තම පැනය ඉදිරිපත් කළහ. ඒ පැන විසර්ජනයේ සංක්‍ෂිප්තය පහත දැක්වේ.අප ජීවත් වන ලෝකයේ තල තිස් එකකි. එනම් ලෝක තිස් එකකි. සතර අපාය, මනුෂ්‍ය ලෝකය, සදෙව් ලෝක, රූපාවචර ලෝක දහසය හා අරූපාවචර ලෝක සතර එම තල තිස් එක යි. එක් සක්වලකැයි මෙම තල තිස් එක හැඳීන්වේ. එක සක්වලක එක් හඳක් හා එක් ඉරක් පමණක් වෙයි. මෙවන් සක්වල දාහක් සහස්‍රී ලෝක ධාතුවකැයි දැක්වේ. එවිට සහස්‍රී ලෝක ධාතුවක ඉර, හඳ, සතර අපාය, මනුෂ්‍ය ලෝකාදිය දහස බැඟින් වෙයි. එනම් චක්කවාළ දහසක් සහස්‍රී ලෝක ධාතුවකි. චූළනිකා ලෝක ධාතුව යනු මෙය යි. මෙම සහස්‍රී ලෝක ධාතුව තථාගතයන් වහන්සේට පමණක් විෂයය වන අතර ශ්‍රාවකයන්ට විෂයය නො වේ.
වලේබොඩ ගුණසිරි අනු නා හිමිපාණන් වහන්සේ වෙත පදවි ප්රදානෝත්සවය
කුරුන්දි බෞද්ධ උරුමය සහ දකුණු ඉන්දියාවේ බුදුදහම පිළිබඳ පරිසංවාදය කැලණිය, මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේදී
දෙසීය හැත්තෑවැනි ස්‍යාමොපසම්පදා පුණ්‍ය මහෝත්සවය ඉපැරැණි සම්ප්‍රදායානුකූලව ඇරැඹේ
වැලිවිට ශ්‍රී සරණංකර හිමියෝ කාරක සංඝ සභික පදවි ලබති
ඉතිරිය»
ඉවසීමේ සීමාවක් තිබිය හැකි ද?
මළුපෙත් ඇමදීමේ කුසලය විපාක දුන් හැටි
ඇසුර යහපත අයහපත තීරණය කරයි
මහාසාරෝපම සූත්‍රය : පැවිදි දිවියේ සැබෑ අර්ථය...
තුන්කල්හි ම ඇගයෙන ජන විඥානය පුබුදු කරවන ජාතක කතා සාහිත්‍යය
දෙලොව සුව සලසන සැප සතරක්
පොසොන් පෝය දා
පහන් සිතක කවි
දකුණු ලක වෙහෙර විසිතුරෙහි වෙසෙස් සලකුණ පට්ටියපොල හැඩවින්න රාජමහා විහාරය
බොදු සිත් නිවා සනසන ඓතිහාසික දායාදය සෝමවතී සෑ රදුන් වහන්සේ
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]