[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

ධර්මයෙහි පිහිට ධර්මානුකූල වූ තරමට යි

සතර අපායේ වැටෙමින්, දුක් සහිත සසර ගමනක් ගෙවමින්, බොහෝ දුක් විඳින මේ ලෝක සත්ත්වයාට ඇති එකම පිහිට, එකම පිළිසරණ තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය යි. වෙනත් පිහිටක්, පිළිසරණක්, ආලෝකයක් පෙනෙනතෙක් මානයකවත් ඇතැයි කියා සිතීමට අපහසුයි. එතරම් ම මේ ධර්මය අපේ ජීවිතවලට යහපත පිණිස, සැපය, අභිවෘද්ධිය පිණිස හේතු වෙනවා. ඒ කවර ධර්මයක් ද? තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය යි. භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ ධර්මය ගම්භීරයි. ගැඹුරුයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කුසල පක්ෂයට අයිති. අකුසලයට විරුද්ධයි. මේ ලෝකයේ කුසල් කියා හෝ පින කියා හෝ යම් දෙයක් ඇද්ද ඒ සියලුම කුසල් චතුරාර්ය සත්‍ය ධර්මය කියන කොටසට අයිතියි. අපගේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පාන තුරාවට ම දේශනා කළේ චතුරාර්ය සත්‍ය ධර්මයයි. සෑම බුද්ධ දේශනාවක ම චතුරාර්ය සත්‍ය ධර්මය අඩංගුයි. අපි ඒ බුද්ධ දේශනාවේ තිබෙන චතුරාර්ය සත්‍ය මතුකර ගන්නට ඕනෑ. අධ්‍යයනය කරන්නත් ඕනෑ. සෑම බුද්ධ දේශනාවක ම කුසලය වඩන්නයි තිබෙන්නේ. අකුසලය වඩන්නට නොවේ. අකුසලයෙන් ගලවාගෙන කුසලයට ගන්නයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේශනා කළේ. ඒ සියලු කුසල් චතුරාර්ය සත්‍ය ධර්මය රාමුවට අයිති වන්නේ. දිනක් ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ අමතා කියා සිටියා “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ ගැඹුරු ගම්භීර පටිච්චසමුප්පාදය මට ඉතා සරලව තේරෙනවා. යනුවෙන් එවිට භාග්‍යවතුන් වහන්සේ වදාළා “පින්වත් ආනන්ද එහෙම කියන්න එපා. ආනන්දය, මේ පටිච්චසමුප්පාදය ගැඹුරුයි. අවබෝධ කිරීමට අපහසුයි.” කියමින් භාග්‍යවතුන් වහන්සේ ඒ ධර්මයේ තිබෙන ගැඹුරු බව පසක් කළා. ගම්භීර අර්ථ ඇති ඒ ධර්මය ගිහි, පැවිදි ශ්‍රාවකයාට දේශනා කළේ මේ සුන්දර, ගැඹුරු, ගම්භීර ධර්මය අනුගමනය කිරීමෙන් අපට මේ සසරින් එතෙර වීමට උපකාරී වෙන නිසයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්ව මුලින්ම දහම් දෙසීමට උන්වහන්සේගේ සිත යොමුවුණේ නැහැ. එයට හේතුව වූයේ රාගයෙන් රත්වෙලා සිටින, රාගයෙන් ඇලී සිටින කාමයට, ආශාවන්ට වශී වෙලා සිටින ලෝක සත්ත්වයාට මේ ධර්මය දැක දැන ගැනීමට නොහැකි වේවි කියලයි. එතරම්ම ලෝක සත්ත්වයාගෙන් මේ ධර්මය දුරස්ථයි. ලෝක සත්වයා ගමන් කරන්නේ සසර ගමනකයි. එයට පරිසරයෙනුත් අනුග්‍රහය තිබෙනවා. අද වන විට ඒ ගැඹුරු දහම කතා කරන්නේ නැති මට්ටමකට පත් වෙලා. ඒ ගැඹුරු දහමට අද ඇතැම් දෙනා කැමැති නැහැ.


පොසොන් අමාවක

ජුනි 17 සෙනසුරාදා
පූ.භා. 09.15 න් අමාවක ලබා
18 ඉරිදා පූ.භා. 10.10 න් ගෙවේ.
17 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 17

First Quarterපුර අටවක

ජුනි 26

Full Moonපසළොස්වක

ජූලි 03

Second Quarterඅව අටවක

ජූලි 10


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]