ශ්රී බුද්ධ වර්ෂ 2567 ක් වූ පොසොන් අමාවක පෝදා 2023 ජුනි 17 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
z
පායා පුරසඳ ගනඳුර බින්දාට තරු හිනැහිලා නිලඹර දිලුනාට බැඳිලා ලෝබ සිත දඩයමට පෑතිස් නිරිඳු වැදුනා මහ වනයට
මුවාගෙ පස්සේ රජු ලුහුබැන්දා පිබිදෙන සතුටින් දුනු දිය ඇද්දා තිස්ස කියන හඬ රජු සිත බින්දා දුනුහී අතහැර හිමි රුව වැන්දා
සම්බුදු සමිඳු තෙවරක් වැඩි ලක්බිමට අනුබුදු මිහිඳු සමිඳුන් වැඩ මිස්සකට අපි වෙමු පසිඳු සමනුන් ගිය බුදුමඟට දෙසුවා සමිඳු පෑතිස් නරනිඳුට
වනයට මනරම් උයනක් සැදුණා උයනට අගනා සෑයක් සැදුණා සසුනට වටිනා අරමක් පිදුණා දනහට විඳිනට දහමක් ලැබුණා
මිහිදු සමිඳු සමඟින් බුදු දහම ගෙනා දූත පිරිසෙ සිටිය උපාසක තැනා පණ්ඩුක තුමා පැවිදිව උපසපන් වුනා අනුබුදු නාහිමි හමුවේ පොසොන් දිනා
පෑතිස් නිරිඳු හා හතළිස් දහසක් ආවා චුල්ලහත්ථි සුතුරට සැම කැටි කෙරුවා අනුබුදු සමිඳු පිරිසට සදහම් දෙසුවා තෙරුවන් සරණ ගොස් බොදුවන් වූවා
සාමණේර සුමන හිමිගෙ ඇරයුම් ලැබිලා මිස්සක පව්වට දෙව් මහ පිරිසක් වැඩලා දෙව් පිරිසට මිහිඳු සමිඳු කරුණු කියාලා පොසොන් පෝය දා දුන්නේ දහම බෙදාලා
ඒ. එම්. අබේසිංහබණ්ඩා මාපනාවතුර – මහනුවර
ජුනි 17 සෙනසුරාදා පූ.භා. 09.15 න් අමාවක ලබා 18 ඉරිදා පූ.භා. 10.10 න් ගෙවේ. 17 සෙනසුරාදා සිල්
අමාවක
ජුනි 17
පුර අටවක
ජුනි 26
පසළොස්වක
ජූලි 03
අව අටවක
ජූලි 10
| PRINTABLE VIEW |
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]