[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

කට වටකර වැට බඳින තරමට තමන්ගේත් අනුන්ගේත් යහපත සැලසේ

පෙර කාලයක අප මහ බෝසතාණන් වහන්සේ දිසාපාමොක් ආචාර්යව මානවකයන් පන්සියයකට ශිල්ප ඉගැන්වූහ. මොවුහු එක්තරා කුකුළකු හඬලන හඬට උදෑසන අවදිව දිනපතා ශිල්ප ඉගෙනීම සඳහා පිටත්ව යති. මෙසේ කලක් ගතවුණි. එක්තරා දිනෙක දී වේලාව නො වරදවා හඬලන ඒ කුකුළා මිය ගියේ ය. මේ මානවකයන් පිරිස වෙනත් කුකුළකු සොයන්නට විය. එසේ සොයන කල දිනක් දර සෙවීමට ගිය අතරතුර සොහොනක සිටි කුකුළකු දැක ගෙනැවිත් කූඩුවක දමා ඇති දැඩි කළෝ ය. මෙසේ ඇති දැඩි කළත් මේ කුකුළා හැඬලිය යුතු වේලාව නොදනී. ඇතැම් දිනවල මධ්‍යම රාත්‍රියේ දී හඬලන්නේ ය. ඇතැම් දිනෙක හිරු නැඟෙන්නට ආසන්නව හඬලන්නේ ය. තවත් දිනක හිරු නැඟුණ විට හඬලන්නේ ය. මධ්‍යම රාත්‍රියෙහි කුකුළාගේ හැඬලීම නිසා අවදිවන දිනයන්හි ප්‍රමාණවත් නින්දක් නොලැබීම නිසා මානවකයන් හට නිසිලෙස ශිල්ප හදාරන්නට නොහැකි විය. හිරු නැඟෙත් ම කුකුළාගේ හැඬලීමට අවදිවන දිනයන් හි ශිල්ප ඉගෙනීමට කාල වේලාව මදි විය. මේ ආකාරයෙන් කුකුළාගේ නො කල්හි හැඬලීම නිසා මානවකයන්ගේ ඉගෙනීමට මහත් වූ බාධාවක් විය. ශිල්ප ඉගැනීමෙන් ද පිරිහුණේ ය. මෙයින් ඉතා කෝපයට පත් ශිෂ්‍යයන් කුකුළා මරා දමන්නට විය. අකාලයෙහි හැඬලීම නිසා කුකුළා හැදූ ශිෂ්‍යයන්ට ද, කුකුළාට ද යන දෙපාර්ශවයට ම අනර්ථයක් සිදුවුණි. එසේ යමෙක් පවසන යහපත් වචනයක් වූවත්, නුසුදුසු කල්හි පැවසීමෙන් තමාට හා අන්‍යයන්ට ද ඇතැම් විට අනර්ථයක් ම වන්නේ ය. “සුභිසිතා ච යා වාචා එතං මංගල මුත්තමං” සුභාසිත වචනය හෙවත් යහපත් වචනය නම් අංග පහකින් යුක්ත වූ වචනයයි. බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයන්ගේ යහපත, දෙලොව දියුණුව දෙසා වදාරන්නේ ද සුභාෂිත වචනයෙනි. වචනය ඉතාමත් සැලකිය යුතු වූ ද නිතර ම පාවිච්චි කරන්නා වූ ද දෙයක් බැවින් ඒ පිළිබඳ දැඩි අවධානයෙන් සැලකිය යුතු වේ.


පොසොන් අමාවක

ජුනි 17 සෙනසුරාදා
පූ.භා. 09.15 න් අමාවක ලබා
18 ඉරිදා පූ.භා. 10.10 න් ගෙවේ.
17 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 17

First Quarterපුර අටවක

ජුනි 26

Full Moonපසළොස්වක

ජූලි 03

Second Quarterඅව අටවක

ජූලි 10


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]