UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කපුරැක්ක පොසොන් පෙරහර 14 වන දා

හෙම්මාතගම කපුරැක්ක විහාරස්ථානයේ වාර්ෂික පොසොන් මහා පෙරහර මෙවරද 72 වරටත් අත්‍යලංකාරයෙන් යුතුව 14 වන දා රාත්‍රී පැවැත්වීමට කටයුතු යොදා ඇත. කපුරැක්ක විහාරාධිපති හකුරුගම්මන සුසීල හිමියන්ගේ අනුශාසනා පරිදි හෙම්මාතගම එක්සත් බෞද්ධ බලමණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන එම පෙරහර එම විහාරස්ථානය අසල සිට අළුදෙනිය හන්දිය දක්වා වීදි සංචාරය කිරීමට කටයුතු යොදා තිබේ.

ඉතිරිය»

බොදු පුබුදුව වඩන ඇමෙරිකාවේ නිව්යෝර්ක් බෞද්ධ විහාරය

 

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර ලෝකයේ ප්‍රධාන වෙළෙඳ නගරයකි. එම නගරයේ ක්වීන්ස් ප්‍රදේශයේ සුප්‍රසිද්ධ හිල් සයිඩ් මාර්ගයේ 215 හරස් වීදියේ පාර්ක්සයිඩ් හිල්ස් කොටසේ ස්පෙන්සර් ඇවනියු හි අංක 214/22 දරණ ස්ථානයේ නිව්යෝර්ක් බෞද්ධ විහාරය පිහිටා ඇත. විහාරස්ථානයකට යෝග්‍ය ඉතා දර්ශනීය උස් බිමක පිහිටා ඇති නිව්යෝර්ක් බෞද්ධ විහාරය ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර ප්‍රදේශය පුරා ථෙරවාදී බුදුදහම ප්‍රචාරය කරන ප්‍රබල බෞද්ධ කේන්ද්‍රස්ථානය කි. නිව්යෝර්ක් බෞද්ධ විහාරයේ නිර්මාතෘවරයන් වහන්සේ වනුයේ වත්මන් විහාරාධිපති රාජකීය පණ්ඩිත කුරුණෑගොඩ පියතිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. 1928 දෙසැම්බර් 29 වැනිදා ජන්ම ලාභය ලැබූ උන් වහන්සේ 1941 නොවැම්බර් 06 වැනිදා උතුම් වූ ප්‍රව්‍රජ්‍යාභාවයට පත් වූහ. උන් වහන්සේට විදේශ ධර්මදූත සේවාව වෙනුවෙන් ආරාධනා ලැබෙන්නේ 1970 දී එවකට ලන්ඩන් බෞද්ධ විහාරාධිපති හා මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායකව වැඩ සිටි මහාචාර්ය හම්මලව සද්ධාතිස්ස නාහිමියන් වහන්සේ වෙතිනි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

නිර්වාණ සුවයම වර්ණිතය

ලොව අතිඋත්තම සැපත සාධනය කළා වූ අප ලොව්තුරා බුදුරජාණන් වහන්සේ, ඒ අත්‍යුත්තම සැපය උදෙසා පාරමී දම් පූරණය කරන අයගේ උපයෝගීත්වය සලකා දෙලෝ සැප සාදනා කරුණු බොහෝ දේශනා කළ සේක. ඒ අතර බෞද්ධයාගේ හස්තසාර ග්‍රන්ථය වන ධම්මපදයෙහි නාග වර්ගයෙහි දෙලෝ සැපත සාදනා කරුණු කිහිපයක් දැක්වෙයි. පූර්ව ගාථා රත්නය ඒ අතරින් කරුණු සතරක් අන්තර්ගත ය. මෙම කරුණු සතර වෙසෙසින් දක්වන්නේ ගෘහස්ත දිවිපෙවෙත ගත කරනුවන්ට පහසුවෙන් ම කරගත හැකි වටිනා පුණ්‍ය ක්‍රියා බැවිනි. සැපය වූ කලී,ලොව කවුරුත් විඳීමට කැමැත්තෝ ය. නමුදු එසේ වින්දනය කරන සැපයන් ඒ ඒ පුද්ගලයාට අනුව විවිධ ප්‍රමාණ වේ. ලෞකික, ලෝකෝත්තර, භෞතික, අධිභෞතික , බාහිර, අධ්‍යාත්මීය ආදි අයුරින් ඒ සැපත ප්‍රභේද වේ. ලෞකිකත්වය තුළ ඇති නාම මාත්‍රික තාවකාලික සැපය යන්න බුද්ධාදී උතුමෝ පිළිකෙව් කළහ. ලෝකෝත්තරත්වය තුළ ලබන සැපය වූ සදාකාලික වු නිවන් සුවය ම වර්ණිත ය. එසේ වු ලෝකෝත්තර සැප සාධනය පිණිස උපකාරී වූ ගුණ ධර්ම පුරුදු පුහුණු කිරීම හෙවත් නිවන් සඳහා කුසලයෙහි අවශ්‍යතාවය වෙයි. තමා ලද සිවුපසයෙන් මව්පිය උපස්ථානය සිදුකළ භික්ෂුවගේ ක්‍රියාව අනුමත කරමින් බුදුරජාණන් වහන්සේ, සැපත පිණිස හේතුවන කරුණු හතරක් මෙසේ දෙසා වදාළ සේක.

ඉතිරිය»

සෙංකඩගලපුර සිරි දළදා වරුණ

දළදා වහන්සේ වෙනුවෙන් දිනපතා පැවැත්වෙන තේවා කටයුතුත්, සතිපතා පැවැත්වෙන කවිකාර මඩුවත්, නානුමුර මංගල්ලයත් හේතුවෙන් දළදා මාලිගාවේ ඓතිහාසිකත්වය අදට ද ආරක්ෂා වී පවතී.මෙම පූජාවන්ට අමතරව අවුරුදුපතා පැවැත්වෙන ප්‍රධාන උත්සව හතරක් එනම් සතර මංගල්ලයන් පැවැත්වේ. අලුත් අවුරුදු මංගල්ලය, ඇසළ මංගල්ලය, කාර්තික මංගල්ලය, සහ අලුත් සහල් මංගල්ලයයි. මෙම උත්සව හතරට අමතරව තවත් වැදගත් උත්සවයකි උපසම්පදා මංගල්ලය.ඇසළ මාසයේ දී ලංකාවේ සෑම ප්‍රධාන දේවාලයක ම වාගේ පෙරහරක් පවත්වා එයින් ප්‍රධාන වන්නේ දළදා මාලිගාවේ පැවැත්වෙන ඇසළ පෙරහර ය. ඇසළ මහ යනු ලංකාවේ නියං සමය අවසන් කරන මාසය ලෙස සැලකේ. නියං සමයේ පෑවිල්ල හේතුවෙන් ගස් කොළන්වලටත්, සතා සිවුපාවන්ටත්, කෙත් වතුවලටත් විශාල අලාභහානි සිදු වේ.ඒ නිසා වැස්ස ඉල්ලා දෙවියන්ට කන්නලව් කිරීම අතීතයේ සිට ම සිංහල ජනතාවගේ සිරිතකි. එම අරමුණින් සිදු කළ එක් චාරිත්‍රයකි අලි ඇතුන් සහිත දේවාභරණ වඩම්මවා, දිය කපා, පෙරහරක් පවත්වා දෙවියන්ට පින් දී වැස්ස ප්‍රාර්ථනා කිරීම.

ඉතිරිය»

 

ඡත්ත මාණවක වෙත පිහිටවීම

 

පොසොන් අමාවක පෝය


පොසොන් අමාවක පෝය ජූලි 12 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 12.02 ට පෝය ලබයි. 13 වන දා සිකුරාදා පූර්ව භාග 08.19 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 12 වන දා බ්‍රහස්පතින්දා ය.

 

මීළඟ පෝය ජූලි 19 වන දා බ්‍රහස්පතින්දා
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 12

First Quarterපුර අටවක

ජූලි 19

Full Moonපසෙලාස්වක

ජූලි 27

Second Quarterඅව අටවක

අගෝස්තු 04


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]