UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුවනෙකබා රජු කරවූ කුළුගම්මන රජමහා විහාරය

බුවනෙකබා රජු කරවූ කුළුගම්මන රජමහා විහාරය


බුද්ධ ප්‍රතිමා වහන්සේ
 

ශෛල මස්තකයෙහි පිහිටි විහාර මන්දිරය

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථාපිතව ඇති කුළුගම්මන රජමහා විහාරයේ ඉතිහාසය බුවනෙකබා රජ සමය දක්වා දිවෙන්නකි. බුවනෙකබාහු රජතුමා විසින් මෙම විහාරය නිර්මාණය කර සඟසතුකොට පූජා කළ බව ඓතිහාසික තොරතුරු සනාථ කරයි. රජු විසින් මෙම විහාරයට හැටපස් අමුණක් පූජාකළ බවට රාජකාරී පොතේ සඳහන්ව ඇත.


කුළුගම්මන රජමහා විහාරාධිපති
ඇකිරියේ ගුණරතන නා හිමි

ගොඩ ඉඩම් අක්කරයකට රුපියල් 220ක් ගෙවන්නටත්, මඩ ඉඩම් අක්කරයකට වී බුසල් 2 ක් පොළා ශුද්ධකොට විහාරය වෙත ලබාදෙන්නටත් නියම කරන ලදී.

බුද්ධ පූජාව තැබීම, වෙසක්, පොසොන් උත්සව පැවැත්වීම, උළුසෙවිලි කිරීම, විහාරස්ථානය අලුත් වැඩියාකිරීම, හුණුගෑම, මළුව ඇමදීම රාජකාරී ලෙස අතීතයේ සිට ම පවරා දී ඇත.

මෙම රාජකාරී කටයුතු නිසිලෙස ඉටුනොකරන අය ඊළඟ ආත්මයේ බලු කපුටන් වී උපදින බව රජු විසින් දන්වා ඇත. මෙයට අමතරව රජු නියම කළ රාජකාරී අතර අවුරුද්දකට බුලත්විට දාහක පෙට්ටියක් ගෙනත් දියයුතු බවට ද නියම කළ බව රාජකාරී පොතේ සඳහන් වේ.

අද මෙම රාජකාරී අනුපිළිවෙළින් ඉටු නොවුණ ද දානය පිළිගැන්වීම, විහාර සංවර්ධන කටයුතු හා භික්ෂූන් වහන්සේලාගේ කුදුමහත් කටයුතු සොයා බැලීම දායක සභාව මඟින් ඉටු කැරේ.

මෙම විහාරස්ථානය පිහිටා ඇත්තේ ස්වභාවික කළුගල් තලාවක ය. මුල දී කුඩා චෛත්‍යයක් විහාරය ආසන්නයේ තිබූ නමුත්, කුඩා චෛත්‍යය මැදිකර වත්මන් චෛත්‍යය ඉදිකොට ඇත.

පැරැණි බෝධීන් වහන්සේ විනාශ වී යාමෙන් පසු අනුරාධපුර ශ්‍රී මහා බෝධි අංකුරයක් රෝපණය කිරීමෙන් වත්මන් බෝධිවෘක්ෂය දක්නට ලැබේ. ඉපැරැණි උළු සෙවිලි කළ විහාරය ඉවත් කොට සංඝාවාසයක්, ධාතු මන්දිරයක්, කෞතුකාගාරයක් හා පුස්තකාලයක් වර්තමානයේ ගොඩනඟා ඇත. මෙහි අටවිසි බුද්ධ ප්‍රතිමා, බෝධිප්‍රාකාරය, හා විෂ්ණු ප්‍රතිමාවක් දක්නට ලැබේ. මෙම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සිදුකොට ඇත්තේ ඇකිරියේ ගුණරතන නාහිමියන් විසිනි.

විහාරස්ථානයේ වත්මන් සඟපරපුර අයත් වන්නේ මල්වතු විහාරවාසී මැණික්දිවෙල ශ්‍රී පේමරතන අනු නා හිමියන්ගෙන් පැවත එන සංඝ පරම්පරාවටයි. වත්මන් විහාරාධිපති ඇකිරියේ ගුණරතන හිමියන් 1975 දී උපසම්පදාව ලබා මල්වතු මහා විහාරයේ සිට 1978 දී මෙහි පැමිණ ඇත. උන්වහන්සේ 1985 දී විහාරාධිපති ධූරයට පත්විය.

මෙම විහාරස්ථානය පිළිබඳව විවිධ ජනප්‍රවාද රැසක් දක්නට ලැබේ. බුවනෙකබා රජ සමයේ දී මෙම විහාරයේ කටයුතු සොයා බැලීම සඳහා මහගෙදර පරම්පරාවට රජු පවරා දී ඇත. විහාරස්ථානයේ සියලු කටයුතු සොයාබලා, සිදුකරන ලද්දේ මෙම පරම්පරාවේ අය විසිනි. රජතුමා හා දේවිය මෙහි වාසය කළ බවට ද ජනප්‍රවාදයේ එයි.

බුවනෙකබා රජතුමා ආශිර්වාද පිණිස පෙරහරක් පැවැත්වීමට නියමකර ඇත. වෙසක් පෝය නිමිතිකරගෙන අතීතයේ සිට දින 07 ක් පෙරහර පවත්වා ඇත. පසුව එනම් වර්තමානයේ එක් දිනකට මෙම පෙරහර සීමාවී ඇත.

 

පොසොන් අමාවක පෝය


පොසොන් අමාවක පෝය ජූලි 12 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 12.02 ට පෝය ලබයි. 13 වන දා සිකුරාදා පූර්ව භාග 08.19 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 12 වන දා බ්‍රහස්පතින්දා ය.

 

මීළඟ පෝය ජූලි 19 වන දා බ්‍රහස්පතින්දා
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 12

First Quarterපුර අටවක

ජූලි 19

Full Moonපසෙලාස්වක

ජූලි 27

Second Quarterඅව අටවක

අගෝස්තු 04


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk