UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගී බණ පද - 11: සිරි දළදා වහන්සේ හා බැඳුණු අභිමානය

ගී බණ පද - 11:

සිරි දළදා වහන්සේ හා බැඳුණු අභිමානය

උත්තම මුනි දළදා වඩම්මන
මොක්පුර රන් නෞකා
බලන්සකි
සත්සමුදුර ගැඹරේ

උදේනි රජ පුත් දන්ත කුමරුවන්
උදේනි රජ දූ මාලි කුමරියන්
කෙස් කළඹේ සඟවා හිසින් ගෙන
උත්තම මුනි දළදා වඩම්මන

තඹවන් වැල්ලට මල් වැහි වස්සන
මිහිතල රන් ගොයමේ කිරිවද්දන
සත්සිය වරුසක් අනුර පුරේයා
ලක්දිව පින්කෙත කිිරි උතුරායා

පදරචනය - ආචාර්ය අජන්තා රණසිංහ
ගායනය - ධර්මදාස වල්පොල

බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ වූ බුද්ධ ගුණය උතුම් සිතිවිලි පෙරදැරිව සමරන්නා සේ ම බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතු කොටස් සර්වඥ ධාතූන් වහන්සේලා ලෙස ට බෞද්ධයෝ වන්දනාමාන කරති. වැඳුම් පිඳුම් කරති. උන්වහන්සේගේ ශාරීරික ධාතු කොටස් විවිධ ය. හතළිස් නමක් වූ දන්ත ධාතූන් වහන්සේලාගෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛය පරිපූර්ණ වූ සේක.

ශ්‍රී මුඛයෙහි පැවැති හතළිස් නමක් පමණ වූ දන්ත ධාතූන් වහන්සේලාගෙන් විශේෂිත වූ හතර නමක් දන්ත ධාතූන් වහන්සේලා වැඩ වෙසෙති. එම හතරනමක් වූ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේලා තිදස පුරයෙහි ද, නාග ලෝකයෙහි ද , ගන්ධාර දේශයෙහි ද, ශ්‍රී ලංකාද්වීපයෙහි ද වැඩ වෙසෙති. ගුහසීව රජුගේ දියණිය වූ මාලි කුමරිය විසින් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කළහ. හේමමාලා කුමරිය සහ දන්ත කුමරුවන් විසින් දන්ත ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාවට වඩමවන ලද පුවත දාඨා වංශයෙහි සඳහන් වේ. දාඨා වංශය කෘතිය සිංහල සංස්කෘතියෙහි බෞද්ධ ග්‍රන්ථ අතර විශේෂිත වූ ග්‍රන්ථයකි. බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී දළදා වහන්සේ පිළිබඳව එහි සඳහන්ව ඇත. දළදා වහන්සේට වැඳුම් පිදුම් කිරීම, වත් පැවරීම, තේවා සිදුකිරීම ආදිය එම කෘතියෙහි දක්වා ඇත.

වර්තමානයෙහි මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙහි වැඩසිටින්නේ ද එම කෘතියෙහි සඳහන් දළදා වහන්සේ ම වේ. සියම් මහා නිකායේ මහානායක ස්වාමීන් වහන්සේ විසින් දළදා වහන්සේ ගේ තේවාවෙහි බාරකාරත්වය උසුලන බැවින් මහානායක මාහිමි පාණන් වහන්සේට රටේ ප්‍රධානත්වයක් ද හිමි වේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ප්‍රභාවෙන් ලබන , ආලෝකමත් වන, ප්‍රමුදිත වන රටක් ලෙස ශ්‍රී ලංකාව තවදුරටත් සැළකිය හැකි ය.

උතුම් අසිරිමත් දළදා වහන්සේ ගේ ආශ්චර්යමත් පුරා වෘත්තය ආචාර්ය අජන්තා රණසිංහයන් විසින් රචිත ගීතය පුරාම දැකිය හැකි ය. උතුම් අසිරිමත් දළදා වහන්සේට ශ්‍රී ලංකාද්වීපය තුළ පවතින ප්‍රමුඛස්ථානය සේ ම අතිගෞරවනීයවූත් පුජනීය වූත් දළදා වහන්සේ ගේ ප්‍රාතිහාර්යයන් පිළිබඳව එම ගීතය තුළ අන්තර්ගතව පවතී.

තඹවන් වැල්ලට මල්වැහි වස්සන
මිහිතල රන් ගොයමේ කිරි වද්දන
සත්සිය වරුසක් අනුරපුෙර්යා
ලක්දිව පින්කෙත කිරිඋතුරායා

ප්‍රථමයෙන් අනුරාධපුරයෙහි වැඩ වාසය කළ දළදා වහන්සේ ක්‍රමානුකූලව යම් යම් ප්‍රදේශවලට වැඩම කළහ. දළදා වහන්සේගේ භාරකාරත්වය හිමි පුද්ගලයාට ශ්‍රී ලංකාවේ රජ පදවිය ද හිමි වේ. වර්තමානහෙිදී ද දළදා වහන්සේට උපස්ථාන කිරීම , දළදා පෙරහර පැවැත්වීම, දළදා පෙරහරෙහි අසිරිමත් බව යන සියල්ල ජනාධිපතිතුමන්ගේ බාරකාරත්වය යටතේ සිදු වේ. එබඳු ශ්‍රී ලාංකීය අසිරිමත් තත්ත්වයක් පවතින දළදා වහන්සේ පිළිබඳව සාමාන්‍ය ජනතාව ගේ සිත්තුළ විශාල ගෞරවයක් මෙන්ම භක්තියක් ද පවතී. දළදා වහන්සේ තම ඇසින් දුටුවාය යනු ශාන්තිනායක තථාගතයාණන් වහන්සේ ඇසින් දුටුවා හා සමානව සළකනු ලැබේ. දළදා වහන්සේ ට වන්දනාමාන කළාය යනු අමාමෑණි සම්මා සම්බුදු බුදුපියාණන් වනහන්සේට වන්දනා කළා හා සමාන ය.. එබඳු තත්ත්වයක් වර්තමාන සමාජය තුළ ද පවතී. දළදා වහන්සේ පිටතට වැඩම වීම මහජනයාට මහත් ආශිිර්වාදයක් ගෙන දෙන සුභ ලකුණක් ලෙස සමාජය තුළ පිළිගැනීමක් පවතී. ඉංග්‍රිසි ආණ්ඩුව පැවැති එක්දහස් අටසිය ගණන්වල පැවැති දැඩි නියඟය සමනය කිරීම උදෙසා දළදා පෙරහරක් පැවැත් වූහ. අනතුරුව විශාල වර්ෂාවක් ඇද හැලී ඇත. එය දළදා වතුර නමින් හැඳින් වේ. එවැනි ඓතිහාසික සිදුවීම් ගණනාවකින් ම පිරිපුන් දළදා වහන්සේගේ සෙවනේ ජීවත් වන සමාජයක් ශ්‍රී ලංකාද්වීපය තුළ සිටී. දළදා වහන්සේ ගේ ආශිර්වාදය මත ජීවත්වන සමාජය පිළිබඳව එම ගීතය තුළින්ද ප්‍රකාශ කිරීමට උත්සාහ ගෙන ඇත.

උත්තම මුනි දළදා වඩම්මන
මොක්පුර රන් නෞකා බලන්සකි
සත්සමුදුර ගැඹරේ

යනුවෙන් ආරම්භ වන එම ගීතය තුළ දක්නට ලැබෙන්නේ ද දළදා වහන්සේ හා බැඳුන සිංහල අභිමානවත් සංස්කෘතියෙහි උත්තම ගුණාංගයක් ලෙස සලකන තත්ත්වය ම වේ.

 

පොසොන් අමාවක පෝය


පොසොන් අමාවක පෝය ජූලි 12 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 12.02 ට පෝය ලබයි. 13 වන දා සිකුරාදා පූර්ව භාග 08.19 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 12 වන දා බ්‍රහස්පතින්දා ය.

 

මීළඟ පෝය ජූලි 19 වන දා බ්‍රහස්පතින්දා
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 12

First Quarterපුර අටවක

ජූලි 19

Full Moonපසෙලාස්වක

ජූලි 27

Second Quarterඅව අටවක

අගෝස්තු 04


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]