UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

චෛත්‍ය හා ඝණ්ඨාර කුළුණ

 

බුවනෙකබා රජු කරවූ කුළුගම්මන රජමහා විහාරය

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථාපිතව ඇති කුළුගම්මන රජමහා විහාරයේ ඉතිහාසය බුවනෙකබා රජ සමය දක්වා දිවෙන්නකි. බුවනෙකබාහු රජතුමා විසින් මෙම විහාරය නිර්මාණය කර සඟසතුකොට පූජා කළ බව ඓතිහාසික තොරතුරු සනාථ කරයි. රජු විසින් මෙම විහාරයට හැටපස් අමුණක් පූජාකළ බවට රාජකාරී පොතේ සඳහන්ව ඇත. ගොඩ ඉඩම් අක්කරයකට රුපියල් 220ක් ගෙවන්නටත්, මඩ ඉඩම් අක්කරයකට වී බුසල් 2 ක් පොළා ශුද්ධකොට විහාරය වෙත ලබාදෙන්නටත් නියම කරන ලදී. බුද්ධ පූජාව තැබීම, වෙසක්, පොසොන් උත්සව පැවැත්වීම, උළුසෙවිලි කිරීම, විහාරස්ථානය අලුත් වැඩියාකිරීම, හුණුගෑම, මළුව ඇමදීම රාජකාරී ලෙස අතීතයේ සිට ම පවරා දී ඇත. මෙම රාජකාරී කටයුතු නිසිලෙස ඉටුනොකරන අය ඊළඟ ආත්මයේ බලු කපුටන් වී උපදින බව රජු විසින් දන්වා ඇත. මෙයට අමතරව රජු නියම කළ රාජකාරී අතර අවුරුද්දකට බුලත්විට දාහක පෙට්ටියක් ගෙනත් දියයුතු බවට ද නියම කළ බව රාජකාරී පොතේ සඳහන් වේ.

ඉතිරිය»

 

පොසොන් අමාවක පෝය


පොසොන් අමාවක පෝය ජූලි 12 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 12.02 ට පෝය ලබයි. 13 වන දා සිකුරාදා පූර්ව භාග 08.19 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 12 වන දා බ්‍රහස්පතින්දා ය.

 

මීළඟ පෝය ජූලි 19 වන දා බ්‍රහස්පතින්දා
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 12

First Quarterපුර අටවක

ජූලි 19

Full Moonපසෙලාස්වක

ජූලි 27

Second Quarterඅව අටවක

අගෝස්තු 04


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]