ප්‍රශ්නය -
සංවාදය නිරවුල් චින්තනයට පාදකයෙකි. විවාදය අවුලට මුලකි. සමගියට බාධාවකි. විවාදාපන්න
කරුණු හයක් සූත්‍ර දේශනාවලදී හමුවෙයි. වර්තමානික ජන සංවාදවල දී මෙම පරිහානි ලක්ෂණ
බෙහෙවින් දක්නට ලැබෙයි. පැහැදිලි කරන්න.
පිළිතුරු -
විවාද සඳහා මූලික වන කරුණු හයකි. (කොධො) ක්‍රෝධය. එයින් එකකි. තමන්ට ද අනුන්ට ද
දෙපාර්ශ්වයට මෙන්ම මෙලොව පරලොව දෙකෙහිම අනර්ථය ගෙන දෙන අකුශල චෛතසිකයෙකි. දෙවැන්න
උදහස කෝපය යි. තෙවැන්න ඊර්ෂ්‍යාව යි. කපටිකම, සිව්වැන්න යි. පාපිච්ඡතා පාපකාමී වීම
පස් වැන්න යි. (සන්දිට්ඨික පරාමාස) ස්වමතය දැඩිව එල්බ ගැනීම, මෙම පාපී විවාද මූල
කරුණු අත්හළ යුතු බව ධර්මයෙහි සඳහන් වෙයි.
ප්‍රශ්නය -
තිට්ඨං චරං නිසින්නෝවා
සයානෝවා යාවතස්ස විගතමිද්ධො
එතං සතිං අධිට්ඨෙය්‍ය
බ්‍රහ්ම මෙතං විහාරං ඉධමාහු
සිංහල අර්ථය - නොනිදා පහන් සිතැතිව සතර ඉරියව්වෙන් (සිටීම, හිඳීම, ඇවිදීම, නිදීම)
ශරීරය පවත්වා සෑම අවස්ථාවක දී ම මෛත්‍රී සහගත සිහිය පවත්වාගත යුතු ය. බුද්ධාදී
උතුමෝ මේ ජීවිත විහරණය ‘බ්‍රහ්ම විහාර’ යයි වදාළහ. කරණීය මෙත්ත සූත්‍ර දේශනාවට අනුව
නිවන් දක්නා (පදං අභිසමච්ච) කැමැත්තාහු විසින් අනුගමනය කළයුතු පිළිවෙතක් ලෙස
‘බ්‍රහ්ම විහාර’ හඳුන්වා ඇත. පැහැදිලි කරන්න.
පිළිතුර -
කරණීය මෙත්ත සූත්‍ර පාඨයට අනුව ‘කරණීය මත්ථ කුසලේන යන්තං සන්තං පදං අභිසමෙච්ච (සු.
ජිපාත) සන්තං පදං අභිසමෙච්ච විහරිතු කාමෙන අත්ථ කුසලෙන යං කාතබ්බං තං කරණීය ‘ඒ
ශාන්ත වූ නිවන කැමැත්තා දක්ෂයෙකු විය යුතුවාක් මෙන්ම ඔහු විසින් ඒ සඳහා යමක් කළ
යුතු නම් එය කළ යුතු ය. ‘අත්ථ’ නම් ප්‍රතිපදාව හෙවත් පිළිවෙත යි. පිළිවෙත් ගරුක,
දක්ෂයා විසින් අනුගමනය කළ යුතු එක් පිළිවෙතක් නම් ‘සබ්බ භුතෙසු මානසං භාවයේ
අපරිමාණං’ සකල ලෝකවාසී සත්ත්වයන් වෙත මෙත් සිත වැඩිය යුතු ය. තමා හාත්පස (උඩ, යට,
සරස) සියලු සත්වයෝම සතුරන් නැති වෛර නැති, දුක් කරදර නැති පිරිසක් වේවා.තවද මවක් තම
එකම පුතු දිවි දෙවැනිකොට රක්නා සේ අප්‍රමාණ වූ සෙනෙහස සියලු සතුන් කෙරෙහි පැවතිය
යුතු ය.
‘කරණීය මෙත්ත’ සූත්‍රයෙහි එන ‘බ්‍රහ්මමෙතං විහාරං’ යන්නෙන් බුදු සමයෙහි එන
කේන්ද්‍රය වූ සද්ගුණයන් හතර මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සිව් ගුණය යි.
මෛත්‍රිය ප්‍රගුණ කිරීම බෞද්ධ භාවනා මාර්ගයෙහි දී ඉතා ප්‍රධාන තැනක් ගනී. අසුරු
සැනක් ගසන තරමේ සුළු මොහොතක් තුළ හෝ කෙනෙකු මෛත්‍රිය ප්‍රගුණ කරන්නේ නම් ඒ තැනැත්තා
ලබන පුණ්‍ය සම්භාර කෙතරම් විශාලද කිවහොත් ඒ තැනැත්තා උතුම් පුද්ගල හැටියට සැලකිය
හැකියැයි බුදුරදුන් වදාළහ. මෙත් සිතිවිලි කෙනෙකු නිවුණ බවට ශාන්ත බවට පත්වෙයි.
‘මහණෙනි මෛත්‍රියෙහි මූලික අවස්ථාව‘ පවා එනම් අනුන් ගැන සිතීම පවා පහසුවෙන් ආශ්වාස
ප්‍රශ්වාස කිරීමට හේතුවක් වන්නේ ය. බුදුරජාණන් වහන්සේ වරෙක මහණෙනි! මෛත්‍රීය තුළින්
ලැබෙන්නා වූ චෛතසික විමුක්තිය දිගටම වර්ධනය කිරීමට (භාවිතො බහුලීකතො) භාවිත
කිරීමෙන් මනාව ප්‍රගුණ කිරීමෙන් මහානිශංසයන් එකොළසක් බලාපොරොත්තු විය හැක්කේ ය.
ආනිශංස නම් සුවසේ නිදයි. සුවසේ පිබිදෙයි. පාපී සිහින නොදකින්නේ ය. මිනිසුන්ට පමණක්
නොව අමනුෂ්‍යයන්ට ද පි‍්‍රය වන්නේ ය. දෙවිවරුන් විසින් ආරක්ෂා කරනු ලබන්නේ ය. ගිනි,
වස විස සහ ආයුධ වලින් තමාට හානි සිදු නොවෙයි. මනසෙහි සමාධිගත බව ඉක්මනින් ඇතිවන්නේ
ය. මුහුණ පැහැපත් ය. සිහි මුළාවකින් තොරව කලුරිය කරන්නේ ය. නිර්වාණ අධිගමය කර
නැත්නම් බඹලොව මරණින් මතු උපත ලබන්නේ ය.
බුදුදහමට අනුව මෙත් සිතිවිලි නිරතුරුව සිත තුළ ජනිතවන පුද්ගලයා තමා සතු බල ශක්තියක්
ගොඩනැගෙන බවත් එම ශක්තිය විසින්ම තමා අරක්ෂා කරන බව අටුවා ග්‍රන්ථාගත පුවත්වලින්
පැහැදිලි වෙයි. (අං.අ.කථාප 82.83) එම පුවතට අනුව එළදෙනක තම වසුපැටියාට කිරිදෙමින්
සිටගෙන සිටියා ය. හෙල්ලක් අතින් ගත් දඩයක්කරුවකු මෙසේ සිතී ය. මම අර එළදෙනට
හෙල්ලෙන් අනින්ෙමියි සිතා හෙල්ලෙන් දමා ගැසී ය. එය ඇයගේ ඇඟේ වැදී තල් කොළයක් මෙන්
ආපසු විසි විය. එය එසේ වූයේ දරුවාගේ (වසුපැටියාගේ) යහපත උදෙසා කැපවුණු බලවත් මානසික
තත්ත්වයක් (මෛත්‍රියක්) ඇය තුළ පැවතිය නිසා ය. මේ අතරින් මෛත්‍රිය අතිශයින්
බලසම්පන්න ය.
කරුණාවෙහි විශේෂ ලක්ෂණය වනුයේ වෙනත් අයෙකුගේ දුක හඳුනාගෙන එයින් තමා වෙත පවරාගෙන
දුකට පත් තැනැත්තා සුවපත් කිරීම යි. (විසු - මා) කරුණාව භාවනාමය වශයෙන් වැඩීම
හිංසාකාරීත්වය දුරුකිරීම සඳහා දැඩි ලෙස උපකාරී වන්නේ ය. දුකට පත් වූවෙකු දැක
සත්පුරුෂ හදවත කම්පිත වෙයි. එම අරුතින් කරුණා නම් වූයේ ය. අන් අය දුක එරෙහිව සටන්
වදී. පහරදෙයි. එය විනාශ කරයි. එම අර්ථයෙන් කරුණා නම් වෙයි. තවද දුකට පත් හැමදෙනා
කෙරෙහිම (කීරියති) විසිරී පවතී. ඒ නිසාම හාත්පසම විහිදී යන්නේ ය. යන අර්ථයෙන් කරුණා
නම් වන්නේ ය. මුදිතාවෙහි ලක්ෂණය නම් පී‍්‍රතියට පත්වීම යි. භාවනාමය වශයෙන් මුදිතාව
වර්ධනය කරගැනීම දොම්නස පලවා හැරීමට විශේෂයෙන්ම උපකාරී වෙයි. උපේක්ෂාවෙහි ලක්ෂණය
වනුයේ උපේක්ෂා සහගත මනසක් ඇතිකර ගැනීම කෙරෙහි සිත නැඹුරු කරවීම ය. භාවනාමය වශයෙන්
උපේක්ෂාව ප්‍රගුණ කිරීම රාගය නැතිකර දැමීමට විශේෂයෙන් උපකාරී වන්නේ ය. මෙම බ්‍රහ්ම
විහරණයන්ගේ හෙවත් සද්ගුණයන්ගේ ක්‍රියාකාරීත්වයත් ඒවා මගින් කෙනෙකු තුළ උපදින්නා වූ
පිරිසුදු සිත් පරපුර පිළිබඳව පෙළදහමෙහි මෙසේ සටහන් කොට ඇත.
‘මෛත්‍රිය යනු සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා! යනාදි වශයෙන් සිතමින් සැපත හා
අභිවෘද්ධිය අන් අයට පිරිනැමීමට බලවත් කැමැත්තකින් පසුවීම යි. කරුණාව යනු ඔවුහු මේ
දුක්වලින් නිදහස් වෙත්වා යනාදිය වශයෙන් සිතමින් අනුන්ගේ දුක් සහ කම්කටොලු ඉවත්
කිරීමට බලවත් කැමැත්තෙන් පසුවීමයි. මුදිතාව යනු ‘ඔබලා විනෝදවෙමින් සිටින්නාහු ය. එය
ඉතා හොඳයි.’ යනාදී වශයෙන් සිතමින් අන් අයගේ සැපත කෙරෙහි බලවත් කැමැත්ත යි, උපේක්ෂාව
යනු කෙනෙකුගේ දුක හෝ සැපත දෙස බලා මේවා මොවුන් විසින් පෙර කර්මානුකූලව ලබන්නේ ය ආදී
වශයෙන් සිතීම ය. |