UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අධි සිල් ලබති

අධි සිල් ලබති
 

රිදීඇල
මහින්දවංශ හිමි
මුත්තෙට්ටුවේගම
අරියවංශ හිමි

කොටහේන ශ්‍රී පරමානන්ද පුරාණ විහාරය, අමුණුපුර ශ්‍රී බෝධිරුක්ඛාරාමය යන උභය විහාරාධිපති කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ කොළඹ පළාතේ උප ප්‍රධාන සංඝනායක තඹවිට විමලවංශ නාහිමියන්ගේ ශිෂ්‍යයන් වන උසස් අධ්‍යාපනය ලබන රිදීඇල මහින්දවංශ සාමණේර හිමියන් සහ මුත්තෙට්ටුවේගම අරියවංශ සාමණේර හිමියන් ජූලි මස 19 වන දා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජ මහා විහාරස්ථ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මංගල උපෝසථාගාරයේ දී අධි සිල් ලබති.

රිදීඇල මහින්දවංශ හිමියන් රිදීඇල පදිංචි එම්.ඒ. ඉන්ද්‍රරත්න සහ ඩී.ඒ. කරුණාවතී දම්පතීන්ගේ දයාබර පුත්‍රරත්නය වේ. මුත්තෙට්ටුවේගම අරියවංශ හිමියන් මුත්තෙට්ටුවේගම පදිංචි කේ.එම්. විජේරත්න බණ්ඩාර සහ ජේ.එම්. ධර්මවතී දම්පතීන්ගේ පුත්‍රරත්නය වේ.

කරඳගහමඩ ධම්මවිසුද්ධි හිමි කරඳගහමඩ රතනසාර හිමි

පානදුර වෑකඩ විවේකානන්දාරාමාධිපති වරදන්ගොල්ලේ ධම්මරතන හිමි, කීණපැලැස්සේ පුඤ්ඤානන්ද හිමි සහ කදුරුවානේ නන්ද හිමි යන හිමිවරුන්ගේ ශිෂ්‍ය හිමිවරුන් වන කරඳගහමඩ ධම්ම විසුද්ධි, කරඳගහමඩ රතනසාර යන සාමණේරයන් වහන්සේලා අමරපුර සිරිසද්ධම්ම යුක්තික මහා නිකායේ මහා නායක නාකුළුගමුවේ පේමතිලක මහා නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් ජූලි 14 වන දා අම්බලන්ගොඩ හිරේවත්ත ශ්‍රී විජයාරාම මහා විහාරස්ථානයේ දී උපසම්පදා ශීලයෙහි පිහිටවනු ලැබේ. කරඳගහමඩ ධම්මවිසුද්ධි හිමියන් බදුල්ල අරාව කරඳගහමඩ මීගහඅරාව වැලිතුඩුව පදිංචි ඩී.එම්. ගුණසේකර හා ඩී.එම්. අමරාවතී දම්පතීන්ගේ පුත්‍රරත්නය වන අතර කරඳගහමඩ රතනසාර හිමියන් බදුල්ල අරාව කරඳගමහඩ කිරිගල්ලන්ද නිමල් සෙවනහි පදිංචි නිමල් ධර්මකීර්ති පෙරේරා සහ ඩී.එම්. මුතුමැණිකා දම්පතීන්ගේ පුත්‍ර රත්නය වේ.

 

පොසොන් අමාවක පෝය


පොසොන් අමාවක පෝය ජූලි 12 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 12.02 ට පෝය ලබයි. 13 වන දා සිකුරාදා පූර්ව භාග 08.19 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 12 වන දා බ්‍රහස්පතින්දා ය.

 

මීළඟ පෝය ජූලි 19 වන දා බ්‍රහස්පතින්දා
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 12

First Quarterපුර අටවක

ජූලි 19

Full Moonපසෙලාස්වක

ජූලි 27

Second Quarterඅව අටවක

අගෝස්තු 04


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]