ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ මැදින් අව අටවක පෝ දා 2026 මාර්තු 11 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
මිරිසවැටිය සෑ රදුන් වහන්සේ සේයාරුව - ශාන් රඹුක්වැල්ල
මාර්තු 11 බදාදා පූ.භා. 01.56න් අව අටවක ලබා 12 බ්‍රහපතින්දා පූ.භා. 04.21න් ගෙවේ. 11 බදාදා සිල්
අව අටවක
මාර්තු 11
අමාවක
මාර්තු 18
පුර අටවක
මාර්තු 25
පසළොස්වක
අප්‍රේල් 01
සම්බුද්ධ දේශනාවේ “කර්මය වශයෙන් ගැනෙන්නේ කුසල් - අකුසල්, පින් - පව්, හොඳ - නොහොඳ යන දෙකයි. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි යමක් කරන කියන අවස්ථාවෙහි සිතෙහි පහළ වන්නා වූ චේතනා චෛතසිකය (සිතුවිල්ල) ප්‍රධාන කරගෙන, ඒ හා සමඟ යෙදී පවත්නා කුසල චෛතසිකය මීට ඇතුළත් වේ. චේතනා චෛතසිකය නොමැතිව සිත ක්‍රියාකාරී නොවේ. ඒ නිසා එය ප්‍රධාන කොට ඉගැන්වූහ. පටිච්ච සමුප්පාදයෙහි ‘සංඛාර’ නමින් ගැනෙන්නේ ද මේ කර්මය ම”යි. කර්මය සිදුවීමට “චිත්ත - චෛතසික - ක්‍රියා” යන මේ තුන තිබිය යුතු ය. ‘චිත්ත’ යනුවෙන් ගැනෙන්නේ ‘භවාංග චිත්තය’ යි. ‘පටිසන්ධි චිත්තය’ ද එය මැ යි. එය ඉතා පිරිසුදු ය. ආගන්තුක අරමුණු නොගත් හෙයිනි. භවාංග චිත්තය වෙනස් වනුයේ චෛතසිකවලිනි. අලෝභාදි කුසල චෛතසිකවලින් ලෝභාදී අකුසල චෛතසික පහව ගොස් කුසල් වීමටත්, ලෝහාදී අකුසල චෛතසිකවලින් සිත කිලිටි ව අකුසල් වීමටත් චෛතසික උපකාර වේ. මෙසේ චිත්තය හා චෙතසික ඇතත්, කිරීම, සිතීම වැනි කියාවක් ද අවශ්‍යය. එවිට පහළ වන්නා වූ ජවනයෝ “කර්ම” නම් වෙති. ලෝභාදි අකුසල චෛතසිකවලින් යුක්තව තිදොරින් යමක් කරන්නවුනට පහළවන්නා වූ ජවනයෝ අකුසල කර්මයෝ වෙති. එකී කර්මත්වයට වැටෙන ජවනයෝ සත් දෙනෙකි. හොඳ හෝ නරක හෝ යම් කිසිවක් අදහස් කොට, එය කළ කල්හි කර්ම පථයක් වේ. එය නොකෙළේ නම් කර්ම පථයක් නොවේ මැයි. “වැද්දෙක් සතකු මරා ගෙනෙමැ” යි සිතා අවිගෙන වනයට ගොස්, මරා ගැනුමට සුදුසු සතකු නොලැබ ආපසු ආවේ නම්, සතා නොමැරූ නිසා වැද්දාට ප්‍රාණඝාත අකුසල කර්මය නොවී ය. සතකු මරණ අදහසින් යාම ආදී ප්‍රයෝග නිසා එයින් අකුසල කර්ම විය. කර්ම පථය ප්‍රතිසන්ධියක් දීමට සමත් වෙතත් හුදු කර්ම මාත්‍රය එතරම් බලයක් නොමැත.විපාකය යනු කර්මයාගේ පැසුණු අවස්ථායි. කවර කර්මයකින් හෝ ලැබෙන ප්‍රතිඵලය යි.
ශ්‍රී ලංකා දෙරණේ ගමයි පන්සලයි, වැවයි දාගැබයි යන උතුම් සංකල්පය ගොඩනැඟෙන්නේ අනුබුදු මිහිඳු මාහිමි විසින් දේශිත නිර්මල ථේරවාදී බුදු දහම පදනම් කරගෙන බව අපි කවුරුත් දනිමු. ශ්‍රී.බු.ව. 237 පොසොන් පුර පසළොස්වක දින මිහිඳු මාහිමිපාණෝ මිහින්තලා පව්වේ දී අපට දායාද කළේ දුර්මතවලින් තොර, ශික්ෂණයෙන් මහත් ප්‍රතිඵල ලැබිය හැකි, මෙලොවදීම උතුම් ඵල නෙළා දෙන අකාලික වූ ජීවන දර්ශනයකි. එය ධර්මානුධර්ම ප්‍රතිපත්තිය මූර්තිමත් කළ ධර්මස්කන්ධයකි. චන්ද්‍රයා නිසා රාත්‍රියත්, රාත්‍රිය නිසා චන්ද්‍රයාත්, ඒ දෙකම නිසා අහසත් බබළන්නා සේ, බුදු දහම නිසා මිනිසාත්, මිනිසා නිසා බුදු දහමත් ඒ දෙකම නිසා සමාජයත් බැබළිය යුතු ය. පුන්සඳ පායා ඇති පැහැදිලි රැයක මුළු ගම ම සඳ එළියෙන් බැබළෙන මොහොතක ඒ හඳපානේ වැඩියෙන්ම බබළන්නේ ගමේ පන්සලේ වෙහෙර වහන්සේ ය. පුරාණ සිංහල ගමක ආකෘතියක් නිරීක්ෂණය කළහොත් ගමට පන්සලත්, පන්සලට ගමත් නැතිවම බැරි බව පෙනේ. වැවයි, දාගැබයි, ගමයි පන්සලයි අතර පැවතියේ ඈත් කළ නොහැකි බන්ධුතාවකි. පන්සල ගැමි ප්‍රජාවගේ දෛනික ජීවන රටාවට සම්බන්ධ වන්නේ ඔහු මෙලොව එළිය දකින්නටත් පෙර සිට ගමේ පැවැත්වෙන හැම කාර්තව්යයකට ම පන්සල සම්බන්ධ විය. ගොවිතැන්බත් කිරීමට පවා පන්සලේ හාමුදුරුවන්ගේ උදවු උපකාර අවශ්‍ය විය. සිංහල ගැමියාට පන්සලට වඩා පුණ්‍යවන්ත භූමියක් වෙනත් නැත. පන්සල ශුද්ධ භූමියක් ලෙස සලකන්නේ බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයටම එය වාසභූමියක් වන බැවිනි. තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් පුද සත්කාර සිදුකළ හැකි චෛත්‍ය තුන් වර්ගයක් ඇත. ඒ, ශාරීරික චෛත්‍යය, පාරිභෝගික චෛත්‍යය සහ උද්දේසික චෛත්‍යය යි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ තැන්පත් කොට නිර්මිත ස්තූප ශාරීරික චෛත්‍යයෝ ය.
වචන කියන්නේ ඉන්ද්‍රියයක් නොවේ. ඉන්ද්රියයන් කිහිපයක් නිසා කෙරෙන කාර්යයක්. හැබැයි අපිට කතා කරන්න පුළුවන් වුණාට වචන භාවිත කළ යුත්තේ ඉතාමත් ප්‍රවේශමෙන්, සාධු වාචාය සංවරෝ, වචනය සංවර කර ගැනීම ඉතා වැදගත්. වචනය අසංවරකම නොයෙක් භේද, ගැටුම්, දරුණු ගණයේ විනාශ ඇතිකරන්න පුළුවන්. මුවින් පිට කරන හැම වචනයක් ම පවිත්‍ර වචනයක් කර ගන්න. වචනය අපවිත්‍ර වුණාම ඔබ පමණක් නොව සමාජය ම අපවිත්‍ර වන බව මතක තියා ගන්න. වචනයක් පිට කරන්න කලින් දෙවරක් හිතන්න. ඔබේ එක වචනයකින් අනෙකාගේ ජීවිතයම නැති වෙන්න පුළුවන්. එම නිසා යහපත් වචනම භාවිත කරන්න. යහපත් වචන කතා කරනවා කියන්නේ ඇත්ත කතා කිරීමටයි. වෙන්ව සිටින අය එකතු කිරීම සඳහා වචන භාවිත කරන්න. අන්‍යයන්ගේ සිත සැනහෙන විදිහට වචන භාවිත කරන්න. සහෝදරත්වය, මිත්‍රත්වය, ඥාතීත්වය, සාමූහිකත්වය යන උතුම් මානව ගුණය වැඩෙන ලෙස වචන හසුරුවන්න. සමහරු විනෝදයට, අනෙක් අය උපහාසයට, අපහාසයට ලක්වන විදියට වචන භාවිත කරනවා. ඒ අයට තේරෙන්නේ නෑ. එම වචන නිසා කී දෙනකුගේ හිත නරක් වෙනවාද කියලා. බුදුරජාණන් වහන්සේ වචනය සංවර කර නොගැනීම නිසා සිදු වන අකුසලකර්ම හතරක් දක්වනවා. මුසාවාදා, පරුෂාවාචා, පිසුනාවාචා සම්ප්රප්ලාප. මෙම වචනවල අසංවර බව නිසා වායු දූෂණය පවා සිදුවෙනවා. බොරු කීම, පරුෂ වචන, කේළාම්, හිස් වචන කීම නිසා පිටවන වායුව තුළින් අවට පරිසරය දූෂණය වන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. පි‍්‍රය වචන කතා කිරීමේ වැදගත්කම උන්වහන්සේ ආදර්ශයෙන් පෙන්වා දුන්හ. වරදක් කරන ලද්දකුට දොස් නැඟීමේ දී බුදුපියාණන් වහන්සේ භාවිත කළ බරපතළම වචනය මෝඝ පුරුෂයා, එනම් හිස් පුරුෂයා යන්නයි. සමහරුන්ට බොරුකීම ඇබ්බැහි වීමක් වගේ. පුංචි දරුවො පමණයි ඇත්ත ම කතා කරන්නේ. එක අතකින් අප සමාජය විසින් පොළඹවනවා බොරු කියන්න. අනුන් මුළා කිරීම, රැවටීමට සමහරු බොරු කියනවා. සමහරු ඉටු කරන්නට බැරි පොරොන්දු දෙනවා. සමහරු අනුන්ට අයත් දේ කඩා වඩා ගන්නට බොරු කියනවා.
මාපාකඩ පේමරතන හිමිපාණන් වහන්සේ අධිකරණ සංඝ නායක පදවි ලබති
ගංගොඩගම විමලරතන හිමියන්ට සංඝනායක පදවිය පිරිනැමීමේ සන්නස් පත්‍ර ප්රදානෝත්සවය
ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 140 වැනි ජන්ම දින පුණ්‍යොත්සවයෙන්...
දස ලක්ෂයේ අසිරිමත් මල් පූජා පින්කම සංකල්ප විහාරයේදී
කඩුගොඩ පුරාණ විහාරයේදී...
ශ්‍රී මේධංකරාරාම විහාරයේ පින්කම් මාලාවක්
පිහිට පතයි
ඉතිරිය»
ගුණධර්ම පහක් පුරුදු කරමින් දේවතානුස්සති භාවනාව වඩමු
සුවපත් මනසක් සුවබර දිවියක් - 45 කොටස: මෛත්‍රිය බෙදා ගන්න ඉගෙන ගනිමු
ධර්ම චක්‍රයේ පැරැණිතම නිරූපණය භාරුත් වැටෙන් හමුවෙයි
ආචාර්ය දරමිටිපොල රතනසාර මාහිමිපාණන් වහන්සේ
කුසගිනි නිවූ දානයක අනුසස්
විනය වඩමින් නැණස දල්වමු
සිත් නෙත් රුව ගුණ රැන්දූ - මානාගල මහ වෙහෙර මන බැන්දූ
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]