[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

ගමේ පන්සලට මුල් තැන් දුන් ගැමි සංස්කෘතිය

ශ්‍රී ලංකා දෙරණේ ගමයි පන්සලයි, වැවයි දාගැබයි යන උතුම් සංකල්පය ගොඩනැඟෙන්නේ අනුබුදු මිහිඳු මාහිමි විසින් දේශිත නිර්මල ථේරවාදී බුදු දහම පදනම් කරගෙන බව අපි කවුරුත් දනිමු. ශ්‍රී.බු.ව. 237 පොසොන් පුර පසළොස්වක දින මිහිඳු මාහිමිපාණෝ මිහින්තලා පව්වේ දී අපට දායාද කළේ දුර්මතවලින් තොර, ශික්ෂණයෙන් මහත් ප්‍රතිඵල ලැබිය හැකි, මෙලොවදීම උතුම් ඵල නෙළා දෙන අකාලික වූ ජීවන දර්ශනයකි. එය ධර්මානුධර්ම ප්‍රතිපත්තිය මූර්තිමත් කළ ධර්මස්කන්ධයකි. චන්ද්‍රයා නිසා රාත්‍රියත්, රාත්‍රිය නිසා චන්ද්‍රයාත්, ඒ දෙකම නිසා අහසත් බබළන්නා සේ, බුදු දහම නිසා මිනිසාත්, මිනිසා නිසා බුදු දහමත් ඒ දෙකම නිසා සමාජයත් බැබළිය යුතු ය. පුන්සඳ පායා ඇති පැහැදිලි රැයක මුළු ගම ම සඳ එළියෙන් බැබළෙන මොහොතක ඒ හඳපානේ වැඩියෙන්ම බබළන්නේ ගමේ පන්සලේ වෙහෙර වහන්සේ ය. පුරාණ සිංහල ගමක ආකෘතියක් නිරීක්ෂණය කළහොත් ගමට පන්සලත්, පන්සලට ගමත් නැතිවම බැරි බව පෙනේ. වැවයි, දාගැබයි, ගමයි පන්සලයි අතර පැවතියේ ඈත් කළ නොහැකි බන්ධුතාවකි. පන්සල ගැමි ප්‍රජාවගේ දෛනික ජීවන රටාවට සම්බන්ධ වන්නේ ඔහු මෙලොව එළිය දකින්නටත් පෙර සිට ගමේ පැවැත්වෙන හැම කාර්තව්‍යයකට ම පන්සල සම්බන්ධ විය. ගොවිතැන්බත් කිරීමට පවා පන්සලේ හාමුදුරුවන්ගේ උදවු උපකාර අවශ්‍ය විය. සිංහල ගැමියාට පන්සලට වඩා පුණ්‍යවන්ත භූමියක් වෙනත් නැත. පන්සල ශුද්ධ භූමියක් ලෙස සලකන්නේ බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයටම එය වාසභූමියක් වන බැවිනි. තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් පුද සත්කාර සිදුකළ හැකි චෛත්‍ය තුන් වර්ගයක් ඇත. ඒ, ශාරීරික චෛත්‍යය, පාරිභෝගික චෛත්‍යය සහ උද්දේසික චෛත්‍යය යි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ තැන්පත් කොට නිර්මිත ස්තූප ශාරීරික චෛත්‍යයෝ ය. භාග්‍යවතුන් වහන්සේ පරිහරණය කළ සිවුරු, පාත්‍ර, සම්බුද්ධත්වයට සෙවණ දුන් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ද පරිභෝග කළ ස්ථාන, ඉපදීම, බුද්ධත්වය, ප්‍රථම දහම් දෙසීම, පරිනිර්වාණය යන සිව්මහා සංවේගස්ථාන ද, ශ්‍රීපාද ලාංඡනය ද, යන සියල්ල පාරිභෝගික චෛත්‍යයෝ ය. බුදුරජාණන් වහන්සේ උදෙසා ඉදිකෙරෙන බුද්ධ ප්‍රතිමා මෙන්ම බෞද්ධ සංකේත උද්දේශික චෛත්‍යයෝ ය.


මැදින් අව අටවක

මාර්තු 11 බදාදා පූ.භා. 01.56න්
අව අටවක ලබා 12 බ්‍රහපතින්දා පූ.භා. 04.21න් ගෙවේ.
11 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍‍‍මාර්තු 11   

Full Moonඅමාවක

මාර්තු 18

First Quarterපුර අටවක

මාර්තු 25  

Full Moonපසළොස්වක

‍අප්‍රේල් 01 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]