ගංගොඩගම විමලරතන හිමියන්ට සංඝනායක පදවිය පිරිනැමීමේ සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය

ගංගොඩගම විමලරතන හිමියන්ට සංඝනායක පදවිය පිරිනැමීමේ සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය

අමරපුර සද්ධර්ම යුක්තික නිකායේ ඌව වෙල්ලස්ස නැඟෙනහිර තෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවිය බුත්තල මහගොඩයාය පුණ්‍යාලෝක විහාරාධිපති ශාස්ත්‍රපති ගංගොඩගම විමලරතන ස්වාමින් වහන්සේට ධර්ම කිර්තී ශ්‍රී විනය සෝභීනී ශ්‍රී ධම්මජෝති නාමෝපලක්ෂිත ඌව වෙල්ලස්ස නැඟෙනහිර තෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීමේ සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය පසුගිය දා බුත්තල සංස්කෘතික මධ්‍යස්ථානයේ දී අමරපුර මහ නිකායේ උත්තරීතර මහා නායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

විශ්‍රාමලත් විදුහල්පතිවරයකු වන අභිනව නායක ස්වාමීන් වහන්සේ ආයුර්වේද මාණික්කරත්න,ධර්ම විභූෂිත,විනයාචාර්ය,විනය කීර්ති ශ්‍රී සද්ධර්මභූෂණ කීර්ති නාමයන්ගෙන් ද පිදුම් ලබා තිබේ. උන්වහන්සේට සන්නස් පත්‍රය පිරිනැමීම පසුගියදා අගමැතිනි හරිනි අමරසූරිය විසින් සිදු කරනු ලැබූ අතර විජිනිපත පිළිගැන්වීම ඌව පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ජේ.එම් කපිල ජයසේකර මහතා විසින් සිදු කරන ලදි.

මෙම අවස්ථාවට බුත්තල යුදඟනාව රජමහා විහාරාධිපති අස්ගිරි පාර්ශවයේ ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රපති පණ්ඩිත ගල්ටැම්වත්තේ නන්දරතන,මොනරාගල වැලියාය සිරි පියරතන පරිවෙණාධිපති මල්වතු පාර්ශවයේ ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රපති පණ්ඩිත කන්දඋඩපංගුවේ සුධම්ම,මොනරාගල සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක පිරිවෙන් ශාස්ත්‍රපති කන්දඋඩපංගුවේ සුගතනන්ද යන ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නය, ඇතුළු ගිහි පිරිසක් සහභාගී වූහ.

මැදින් අව අටවක

මාර්තු 11 බදාදා පූ.භා. 01.56න්
අව අටවක ලබා 12 බ්‍රහපතින්දා පූ.භා. 04.21න් ගෙවේ.
11 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍‍‍මාර්තු 11   

Full Moonඅමාවක

මාර්තු 18

First Quarterපුර අටවක

මාර්තු 25  

Full Moonපසළොස්වක

‍අප්‍රේල් 01 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]