[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

සිත් නෙත් රුව ගුණ රැන්දූ - මානාගල මහ වෙහෙර මන බැන්දූ

ඓතිහාසික කන්ද උඩරටින් ලොව දස දෙස වෙත මුදාහැරෙන නවමු ආධ්‍යාත්මික ආලෝකයේ සංකේතයකි මානාගල මහා විහාරය. සිත් නෙත් නිවාලන හදබිම වෙමින් මානාගල පව්ව මත ඉදිවන “මානාගල විශ්වාන්තර දම්සභා මණ්ඩපය” ලෝසතුන් සනහාලන උතුම් මාහැඟි ජාතික දායාදයක් වන්න. මහනුවර සිට මාතලේ ප්‍රධාන මාර්ගයේ අකුරණ නගරය වෙත පැමිණ දුනුවිල මාර්ගයට පිවිස කිලෝමීටර් හතක් පමණ පැමිණි පසු රමණීය කඳු මුදුනතක පිහිටි මානාගල පුදබිම වෙත පිවිසිය හැකියි. සෙන්කඩගල නුවර තෙක් දිවෙන චමත්කාර දසුන් පෙළ හන්තාන කඳුපෙළ මායිම් කර දක්වන්නේ ඉනික්බිති සමනොළ ගිර දෘෂ්‍යමාන කරමින් ය. එමෙන්ම අම්බුලුවාව, හුන්නස්ගිරිය හා නකල්ස් කඳු පෙළද හාත්පසින් ශෝභාවත් වන මේ පින්බිම ස්වභාව සෞන්දර්යයේ අසිරිය මොනවට කියාපායි. රාජ්‍ය වර්ෂ 2021 නොවැම්බර් මස 22 වන දින සඟ සතු කොට පූජා කළ මෙම පුදබිමෙහි නිමැවුම් සංකල්පය දෙස් විදෙස් පතළ ශ්‍රී ලාංකේය ධර්ම පර්යේෂකයකු වන ආචාර්ය පරණගම ඤාණවිමල හිමිපාණන්ගේ ය. දෙස් විදෙස් සාධුජනයාගේ නො මද භක්ත්‍යාදරයට පාත්‍ර උන්වහන්සේගේ උදාරතර ශාසනික අභිලාශයන් මල්ඵල ගන්වමින් වෙහෙරකම් පුළුුල් වෙමින් නැඟෙන මානාගල විහාරය සිංහල, දෙමළ හා මුස්ලිම් සියලු ජන කොටස් වෙත විවෘත වූ පුදබිමක් වීම බුදු සසුනේ සැම වෙත සම වන මෙත් කරුණා ගුණ කියපායි. මානාගල පුදබිමේ දී වසරකට දෙවරක් පැවැත්වෙන ගැබිනි මවුවරුන් උදෙසා වන උපදේශන හා ද්‍රව්‍ය ආධාර බෙදාදීමේ ”ගබ්භපටිහාරීය පින්කම” සේ ම කොවිඩ් හා දිට්වා ව්‍යසන අවස්ථාවන්හී දී ආධාර හා උපකාර දැක්වීමේ දී ද එම අවස්ථා ප්‍රදේශයේ සියලු ආගමික ජන ප්‍රජාව වෙත විවරවීම උක්ත කරුණ තහවුරු වන, සියල්ලන්ගේ ම පැසසුම හිමි වන අවස්ථා වේ.

මැදින් අව අටවක

මාර්තු 11 බදාදා පූ.භා. 01.56න්
අව අටවක ලබා 12 බ්‍රහපතින්දා පූ.භා. 04.21න් ගෙවේ.
11 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍‍‍මාර්තු 11   

Full Moonඅමාවක

මාර්තු 18

First Quarterපුර අටවක

මාර්තු 25  

Full Moonපසළොස්වක

‍අප්‍රේල් 01 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]