[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

කර්මය හා එහි විපාක

සම්බුද්ධ දේශනාවේ “කර්මය වශයෙන් ගැනෙන්නේ කුසල් - අකුසල්, පින් - පව්, හොඳ - නොහොඳ යන දෙකයි. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි යමක් කරන කියන අවස්ථාවෙහි සිතෙහි පහළ වන්නා වූ චේතනා චෛතසිකය (සිතුවිල්ල) ප්‍රධාන කරගෙන, ඒ හා සමඟ යෙදී පවත්නා කුසල චෛතසිකය මීට ඇතුළත් වේ. චේතනා චෛතසිකය නොමැතිව සිත ක්‍රියාකාරී නොවේ. ඒ නිසා එය ප්‍රධාන කොට ඉගැන්වූහ. පටිච්ච සමුප්පාදයෙහි ‘සංඛාර’ නමින් ගැනෙන්නේ ද මේ කර්මය ම”යි. කර්මය සිදුවීමට “චිත්ත - චෛතසික - ක්‍රියා” යන මේ තුන තිබිය යුතු ය. ‘චිත්ත’ යනුවෙන් ගැනෙන්නේ ‘භවාංග චිත්තය’ යි. ‘පටිසන්ධි චිත්තය’ ද එය මැ යි. එය ඉතා පිරිසුදු ය. ආගන්තුක අරමුණු නොගත් හෙයිනි. භවාංග චිත්තය වෙනස් වනුයේ චෛතසිකවලිනි. අලෝභාදි කුසල චෛතසිකවලින් ලෝභාදී අකුසල චෛතසික පහව ගොස් කුසල් වීමටත්, ලෝහාදී අකුසල චෛතසිකවලින් සිත කිලිටි ව අකුසල් වීමටත් චෛතසික උපකාර වේ. මෙසේ චිත්තය හා චෙතසික ඇතත්, කිරීම, සිතීම වැනි කියාවක් ද අවශ්‍යය. එවිට පහළ වන්නා වූ ජවනයෝ “කර්ම” නම් වෙති. ලෝභාදි අකුසල චෛතසිකවලින් යුක්තව තිදොරින් යමක් කරන්නවුනට පහළවන්නා වූ ජවනයෝ අකුසල කර්මයෝ වෙති. එකී කර්මත්වයට වැටෙන ජවනයෝ සත් දෙනෙකි. හොඳ හෝ නරක හෝ යම් කිසිවක් අදහස් කොට, එය කළ කල්හි කර්ම පථයක් වේ. එය නොකෙළේ නම් කර්ම පථයක් නොවේ මැයි. “වැද්දෙක් සතකු මරා ගෙනෙමැ” යි සිතා අවිගෙන වනයට ගොස්, මරා ගැනුමට සුදුසු සතකු නොලැබ ආපසු ආවේ නම්, සතා නොමැරූ නිසා වැද්දාට ප්‍රාණඝාත අකුසල කර්මය නොවී ය. සතකු මරණ අදහසින් යාම ආදී ප්‍රයෝග නිසා එයින් අකුසල කර්ම විය. කර්ම පථය ප්‍රතිසන්ධියක් දීමට සමත් වෙතත් හුදු කර්ම මාත්‍රය එතරම් බලයක් නොමැත.විපාකය යනු කර්මයාගේ පැසුණු අවස්ථායි. කවර කර්මයකින් හෝ ලැබෙන ප්‍රතිඵලය යි. එය, විපාක දෙන කාල වශයෙන් ද ,විපාක දෙන්නා වූ ක්‍රමයෙන් ද , ඒ ඒ කර්මයන්ගෙන් කැරෙන කිස වශයෙන් ද සතරාකාර යැයි දක්වා ඇත.


මැදින් අව අටවක

මාර්තු 11 බදාදා පූ.භා. 01.56න්
අව අටවක ලබා 12 බ්‍රහපතින්දා පූ.භා. 04.21න් ගෙවේ.
11 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍‍‍මාර්තු 11   

Full Moonඅමාවක

මාර්තු 18

First Quarterපුර අටවක

මාර්තු 25  

Full Moonපසළොස්වක

‍අප්‍රේල් 01 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]