ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ නවම් පුර පසළොස්වක පෝ දා 2026 පෙබරවාරි 01 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
සිරිපා අඩවියේ ‘සමනොළ කන්ද’ සංවේදී පරිසර පද්ධතිය අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ සංකල්පය යටතේ තිරසාර වැඩ පිළිවෙළක් ලෙස ‘සමනොළ සිරි - හරිත වන්දනා’ වැඩසටහන පසුගිය නොවැම්බර් මස ආරම්භ කෙරිණ. පරිසර හිතකාමී ලෙස වන්දනාකරුවන් හා බැතිමතුන් සඳහා පහසුකම් ප්‍රවර්ධනය කිරීම වැඩසටහනේ ප්‍රමුඛ අරමුණයි. ප්‍රථම අදියරේ දී, සිරිපා අඩවියේ මළුව අවට ප්‍රදේශය හා හෙළ ප්‍රදේශවල දීර්ඝ කාලයක සිට එක්රැස්ව පැවති කසල තොගයක් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ඉවත් කිරීමට පියවර ගැනිණ. මෙම දුෂ්කර මෙහෙයුමේ දී ප්ලාස්ටික්, පොලිතීන් හා නොදිරන අපද්‍රව්‍ය මෙන්ම දිරන අපද්‍රව්‍ය කිලෝ 5697ක් නල්ලතන්නිය ප්‍රදේශයට රැගෙන ඒමට හැකි විය. පසුව ඒවා වෙන්කොට ප්‍රතිචක්‍රීයකරණයට යොමු කිරීමට මස්කෙළිය ප්‍රාදේශීය සභාව විසින් පියවර ගනු ලැබීය. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, මස්කෙළිය හා නෝර්වුඩ් ප්‍රාදේශීය සභා ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන සඳහා දායකත්වය සැපයීය. විශේෂයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ බලකායේ ‘ඒකාබද්ධ ශ්‍රම මෙහෙයුම’ මෙහිදී විශේෂ දායකත්වයක් සැපයීය. 2025- 2026 සිරිපා වන්දනා සමය ආරම්භ වීමට ප්‍රථම මෙම සංවේදී පරිසර පද්ධතිය පොලිතීන් හා ප්ලාස්ටික්වලින් දූෂණය වීම වැළැක්වීමේ අරමුණෙන් ක්‍රියාත්මක කෙරුණු වැඩසටහනේ දී, මහගිරිදඹ අසල නාය ගිය පස්කන්ද හා සීත ගඟුලට නුදුරු ප්‍රදේශයට කඩා වැටුණු පස් කන්ද ඉවත් කොට නල්ලතන්නිය - ශ්‍රී පාද මාර්ගය විවෘත කිරීම ද සිදු කෙරිණ. එහිදී සමන්දේව ප්‍රතිමාව වැඩමවීමට පහසුකම් සැපයිණ. මීට අවශ්‍ය සියලු ඉදිකිරීම් ද්‍රව්‍ය ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ලබා දෙන ලදී. ඉදිකිරීම්, ත්‍රිවිධ හමුදාවේ භට පිරිස් විසින් සිදු කරනු ලැබූහ. මේ අනුව අඩි 300ක් දිග, මිලිමීටර් 300ක අතුරු බැම්මක්, අඩි 90ක් දිග මිලිමීටර් 500ක අතුරු බැම්මක් හා ආරක්ෂිත බැම්මක් ඉදිකරනු ලැබීය. තවද වන්දනාකරුවන්ගේ හා බැතිමතුන්ගේ ආරක්ෂාව සහතික කිරීමට මාර්ගයේ අත්වැල් සවි කිරීම ද සාර්ථක ව නිම කෙරිණි.
පෙබරවාරි 01 ඉරිදා පූ.භා. 05.54න් පුර පසළොස්වක ලබා 02 සඳුදා පූ.භා. 03.41න් ගෙවේ. 01 ඉරිදා සිල්
පසළොස්වක
පෙබරවාරි 01
අව අටවක
පෙබරවාරි 09
අමාවක
පෙබරවාරි 16
පුර අටවක
පෙබරවාරි 24
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]