ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ බිනර පුර අටවක පෝදා 2025 අගෝස්තු 31 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
සේයාරුව තිලක් පෙරේරා
අගෝස්තු 30 සෙනසුරාදා අ.භා 10.47 පුර අටවක ලබා සැප්තැම්බර් 01 සඳුදා පූ.භා 00.58න් ගෙවේ. අගෝස්තු 31 ඉරිදා සිල්
පුර අටවක
අගෝස්තු 31
පසළොස්වක
සැප්තැම්බර් 07
අව අටවක
සැප්තැම්බර් 14
අමාවක
සැප්තැම්බර් 21
න තං කම්මං කතං සාධු - යං කත්වා අනුතප්පති - යස්ස අස්සුමුඛෝ රෝදං - විපාකං පටිසේවති. “යම් ක්‍රියාවක් සිදුකර කෙදිනක හෝ කඳුළු පිරුණු දෙනෙතින් යුක්ත ව හඬන්නට සිදුවේ ද එවැනි ක්‍රියා කිරීමෙන් වළකින්න.” මිනිසත් බව ලැබූ සැම දෙනා ම විවිධ වූ ක්‍රියාවන් දිනපතා ම සිදු කරයි. ඒ සිදු කරන දේ පිළිබඳ නැවත නැවත සිතා බැලීමේ ඇති වැදගත්කම දක්වමින් සම්බුදු හිමියන් දේශනා කළ ගාථා දේශනාවකි ඉහතින් සඳහන් වන්නේ. එහිදී උන්වහන්සේ අප වෙත ලබා දෙන උපදේශය වන්නේ කරන කියන දේ පිළිබඳ නිසි සොයා බැලීමක් මුලින් ඇති කර ගැනීමේ වැදගත්කමයි. මෙම දේශනාව සඳහා හේතු පාදක වුණ සිදුවීමක් ධම්මපදයේ දැක්වේ. බුදුන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙරේ වැඩ වෙසෙන කාලයේ දී එක් දිනක් ඒ නගරයේ සිටි මහසිටුවරයාගේ නිවෙස සොරු කණ්ඩායමක් විසින් පහරන්නට යෙදිණි. නිවෙසෙහි තිබූ වටිනා මිල මුදල් හා රන් රිදී ආදී දේ ද පසුම්බිවලට පුරවා ගත් ඔවුහු සෑහෙන දුරක් ගොස් කිසිවකුගෙන් කරදරයක් නොවන තැනක හිඳ මුදල් බෙදා ගැනීමේ කර්තව්‍ය සිදු කර ගත්තෝ ය. ඔවුන් නැවතී සිටියේ එක්තරා කුඹුරක ය. එහි සිටි එක්තරා සොරෙක් අනෙක් සොරුන්ට නොදැනෙන පරිදි එක් මුදල් පසුම්බියක් වංචා කළ අතර, අනෙක් මුදල් බෙදා ගැනීමෙන් පසු ඔවුන් පිටව ගියද එකී සොරාට එකී පසුම්බිය ගෙන යාමට අමතක විය. ඉතින් එම කුඹුරේ හිමිකාර ගොවියා පසුදින ඇවිත් සී සෑමට සූදානම් වූ විට මෙකී කහවනු පසුම්බිය දැක ඒ ගැන කිසිත් නොසිතා පැත්තකින් තබා තමාගේ කටයුත්තේ නිරත වී සිටියේ ය. එදින අලුයම් කාලයේ සම්බුදු හිමියන් අද දින කවරකුට පිහිට වන්නේ දැයි දිවැසින් සොයා බැලු කල්හි මෙම ගොවියාගේ අකරතැබ්බය දිවැසින් දුටු සේක. එපමණක් ද නොව ඔහුට සෝවාන් වීමට ඇති හැකියාව දැක අද තමා ඔහුට පිහිට විය යුතු බව සිතා ආනන්ද හිමියන් සමඟ උදෑසන කාලයෙහි පිණ්ඩපාතයේ වැඩි සේක.
පිළිරුවකට නැඟිය නො හැකි මහා ගුණ කඳකින් බැබළී ගිය අපගේ ශාස්තෘන් වහන්සේටත් ශාස්තෘන් වහන්සේ නමක් සිටියා. ඒ දෙවියන්, බඹුන්, මරුන් සහිත ලෝකයේ කිසිවෙක් නෙමෙයි. ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ හදමඬල නිකෙලෙස් කරමින්, දසබල ඤාණ, විසාරද ඤාණ උපදවා දෙමින් සම්බුදු ළයෙහි උපන් ශ්‍රී සද්ධර්මය ම යි. ඒ සත්‍ය වූ, නිර්මල වූ ධර්මය ම භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් අපගේ ශාස්තෘන් වහන්සේ හැටියට පනවලයි අපගේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළේ. ඒ උතුම් ධර්මය දේශනා කළේත් සාමාන්‍ය ඉගැන්වීමක් වගේ නෙමෙයි. “පින්වත් මහණෙනි, මා මේ ධර්මය දේශනා කරන්නේ විශිෂ්ට ඤාණයෙන් අවබෝධ කරලයි, විශිෂ්ට ඤාණයෙන් අවබෝධ නොකර නෙමෙයි.” “පින්වත් මහණෙනි, මා මේ ධර්මය දේශනා කරන්නේ හේතු සහිතවයි, හේතු රහිතව නොවෙයි.” “පින්වත් මහණෙනි, මා මේ ධර්මය දේශනා කරන්නේ ප්රාතිහාර්ය සහිතවයි, ප්රාතිහාර්ය රහිත ව නොවෙයි.” ඒ ශ්‍රී සද්ධර්මය ඒකාන්තයෙන් ම ප්රාතිහාර්යයක් රාග, ද්වේෂ, මෝහවලට යටපත් වී ඉන්න දෙවි මිනිසුන් වීතරාගී, වීතදෝසී, වීතමෝහී කරනවා කියන එකට වඩා විශාල ප්රාතිහාර්යයක් තවත් කොයින්ද? මිනීමරුවන්, මංකොල්ලකරුවන්, වෙසඟණන්, බේබද්දන්, මසුරන්, පහත් ගති ඇති අය ශාන්ත, සන්සිඳුන, සීලවන්ත, අහිංසක, විරාගී, නිහතමානී, අල්පේච්ඡ, හුදෙකලාවේ ඇලුණු මුනිවරුන් බවට පත් කරවන්නට යම් ධර්මයක් සමර්ථ නම්, ඒ ආශ්චර්යවත් ධර්මය අපගේ භාග්‍යවතුන් වහන්සේගේ චතුරාර්ය සත්‍යය ප්‍රකාශිත ධර්මය ම යි. අද අපට අපගේ දෙනෙතින් භාග්‍යවතුන් වහන්සේ දැක ගන්නට නැති වුණත්, ඒ භාග්‍යවතුන් වහන්සේ හඳුනා ගන්නෙත් ඒ ධර්මය තුළින්ම යි. ඒ ශ්‍රී සද්ධර්මය තුළ අපගේ ශාස්තෘන් වහන්සේ තවමත් ජීවමානයි. ඒ ධර්මයේ තිබෙන අසහාය ලක්ෂණ දැන ගත්ත ශ්රාවකයා බුදුරජාණන් වහන්සේ සරණ ගිය හදවතින් ම, ඒ උතුම් ශ්‍රී සද්ධර්මයත් සරණ යනවා ම යි.
රජගහ නුවර දහසය හැවිරිදි පමණ වූ සිටු දියණියකට ඉතා උතුම් වූ රූප සෞන්දර්යයක් පිහිටා තිබුණි. එම රූප සෞන්දර්යය දකින්නවුන්ගේ සිතේ පැහැදීම ඇති කරවනසුලු ය. එම වයස සම්පූර්ණ වී සිටි ස්ත්‍රීහු තරුණ බව හේතු කොට ගෙන ඇති වන අහංකාරයෙන් මත් වීම නිසා පිරිමින් කෙරෙහි ආශා ඇති බව ඇත්තාහු ය. එබැවින් එම සිටු දියණියගේ මවුපියෝ අය වැරැදි හැසිරීමෙන් වළක්වාලීම සඳහා එක් ගැහැනු ළමයකු සේවාවට භාර දුන් හ. එසේ භාර දී එම සේවිකාව ද සමඟ තට්ටු හතක් ඇති මාලිගාවෙහි උඩ තට්ටුවේ ඉතා උසස් ලෙස පිළියෙල කළ අගනා නිදන කාමරයක රූමත් ව ඉපදීම නිසා දඬුවමට සිරගෙදරට දැම්මා වැනි ව රඳවා තැබූ හ. මේ අතර දිනක් එක්තරා පුද්ගලයකු සොරකමක් කොට අල්ලා අත් පිටුපසට වන සේ බැඳ ගෙන කෝටුවලින් පහර දෙමින් මිනිසුන් මරන ස්ථානයට ගෙන යයි. එම සිටු දියණිය මහත් වූ ඝෝෂාව නිසා “මේ කුමක්දැ” යි, උඩම තට්ටුවෙහි සිට බැලුවා ය. එවිට මැරීම සඳහා ගෙන යන පුද්ගලයා දැක ඔහු කෙරෙහි සිත බැඳීම ඇති වී ඔහුම ප්‍රාර්ථනා කොට ආහාර ගැනීමකුත් නැති ව ඇඳට ගොස් වැතිර ගත්තා ය. නො සතුටු බවින් යුතු ව ඇඳේ වැතිර ගත් බව දුටු ඇගේ මව “ඒ කුමක් නිසා දැ” යි , විමසුවා ය. මැරීම සඳහා ගෙන යන පුද්ගලයා දැක ඔහු කෙරෙහි ආදරය ඇති වූ බවත්, ඔහු ලැබුණොත් හැර නො ලැබුණොත් ජීවත්වීම ස්ථිර නැති බවත් ඇය කීවා ය. “දියණියනි, එසේ සිතන්නේ ඇයි? ඔබ වැඩි වියට පත් වී සිටින තැනැත්තියක වන බැවින් නිවෙසේ තබා ගෙන සිටින්නද? කුලය ආදියෙන් ගැළපෙන පවුලකට විවාහ කර දිය හැකිය”යයි, මව කීවා ය. “මම වෙනත් කිසිම කෙනකුට කැමති නො වෙමි. මොහු නො ලැබුණහොත් මැරෙමි” යි දියණිය කීවා ය. මව නොයෙක් ආකාරයෙන් කීවද කැමැති කරවා ගැනීමට නො හැකි ව පියාට ඒ බව දැනුම් දුන්නා ය. ඔහු ද කරුණු කී නමුත් කැමැති කරවා ගැනීමට නොහැකි විය.
මහාචාර්ය මිදිගම සෝරත නාහිමියෝ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවි ලබති
ඉතිරිය»
සුවපත් මනසක් සුවබර දිවියක් - 28 කොටස: මනසට එරෙහිව කරන යුද්ධය
පුහුදුන් සිතට සැබෑ සුන්දරත්වය දැකිය නොහැකිය
ශ්‍රී සද්ධර්මයේ ගුණ
බණපදයට හිත පැහැදුණු කිරිවවුලන් පන්සියයක්
දැහැමි සමාජයක පදනම
වනගොමු මධ්‍යයේ විරාජිත සොඳුරු පින්බිම හඳගල පුරාණ ගල්ලෙන් රාජ මහා විහාරය
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]