ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ බිනර පුර අටවක පෝදා 2025 අගෝස්තු 31 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
න තං කම්මං කතං සාධු - යං කත්වා අනුතප්පති - යස්ස අස්සුමුඛෝ රෝදං - විපාකං පටිසේවති. “යම් ක්‍රියාවක් සිදුකර කෙදිනක හෝ කඳුළු පිරුණු දෙනෙතින් යුක්ත ව හඬන්නට සිදුවේ ද එවැනි ක්‍රියා කිරීමෙන් වළකින්න.” මිනිසත් බව ලැබූ සැම දෙනා ම විවිධ වූ ක්‍රියාවන් දිනපතා ම සිදු කරයි. ඒ සිදු කරන දේ පිළිබඳ නැවත නැවත සිතා බැලීමේ ඇති වැදගත්කම දක්වමින් සම්බුදු හිමියන් දේශනා කළ ගාථා දේශනාවකි ඉහතින් සඳහන් වන්නේ. එහිදී උන්වහන්සේ අප වෙත ලබා දෙන උපදේශය වන්නේ කරන කියන දේ පිළිබඳ නිසි සොයා බැලීමක් මුලින් ඇති කර ගැනීමේ වැදගත්කමයි. මෙම දේශනාව සඳහා හේතු පාදක වුණ සිදුවීමක් ධම්මපදයේ දැක්වේ. බුදුන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙරේ වැඩ වෙසෙන කාලයේ දී එක් දිනක් ඒ නගරයේ සිටි මහසිටුවරයාගේ නිවෙස සොරු කණ්ඩායමක් විසින් පහරන්නට යෙදිණි. නිවෙසෙහි තිබූ වටිනා මිල මුදල් හා රන් රිදී ආදී දේ ද පසුම්බිවලට පුරවා ගත් ඔවුහු සෑහෙන දුරක් ගොස් කිසිවකුගෙන් කරදරයක් නොවන තැනක හිඳ මුදල් බෙදා ගැනීමේ කර්තව්‍ය සිදු කර ගත්තෝ ය. ඔවුන් නැවතී සිටියේ එක්තරා කුඹුරක ය. එහි සිටි එක්තරා සොරෙක් අනෙක් සොරුන්ට නොදැනෙන පරිදි එක් මුදල් පසුම්බියක් වංචා කළ අතර, අනෙක් මුදල් බෙදා ගැනීමෙන් පසු ඔවුන් පිටව ගියද එකී සොරාට එකී පසුම්බිය ගෙන යාමට අමතක විය. ඉතින් එම කුඹුරේ හිමිකාර ගොවියා පසුදින ඇවිත් සී සෑමට සූදානම් වූ විට මෙකී කහවනු පසුම්බිය දැක ඒ ගැන කිසිත් නොසිතා පැත්තකින් තබා තමාගේ කටයුත්තේ නිරත වී සිටියේ ය. එදින අලුයම් කාලයේ සම්බුදු හිමියන් අද දින කවරකුට පිහිට වන්නේ දැයි දිවැසින් සොයා බැලු කල්හි මෙම ගොවියාගේ අකරතැබ්බය දිවැසින් දුටු සේක. එපමණක් ද නොව ඔහුට සෝවාන් වීමට ඇති හැකියාව දැක අද තමා ඔහුට පිහිට විය යුතු බව සිතා ආනන්ද හිමියන් සමඟ උදෑසන කාලයෙහි පිණ්ඩපාතයේ වැඩි සේක.
අගෝස්තු 30 සෙනසුරාදා අ.භා 10.47 පුර අටවක ලබා සැප්තැම්බර් 01 සඳුදා පූ.භා 00.58න් ගෙවේ. අගෝස්තු 31 ඉරිදා සිල්
පුර අටවක
අගෝස්තු 31
පසළොස්වක
සැප්තැම්බර් 07
අව අටවක
සැප්තැම්බර් 14
අමාවක
සැප්තැම්බර් 21
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]