[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

කළ කම් පසුපස එන හැටි කියා දුන් සොරපව්වේ යාගය

රජගහ නුවර දහසය හැවිරිදි පමණ වූ සිටු දියණියකට ඉතා උතුම් වූ රූප සෞන්දර්යයක් පිහිටා තිබුණි. එම රූප සෞන්දර්යය දකින්නවුන්ගේ සිතේ පැහැදීම ඇති කරවනසුලු ය. එම වයස සම්පූර්ණ වී සිටි ස්ත්‍රීහු තරුණ බව හේතු කොට ගෙන ඇති වන අහංකාරයෙන් මත් වීම නිසා පිරිමින් කෙරෙහි ආශා ඇති බව ඇත්තාහු ය. එබැවින් එම සිටු දියණියගේ මවුපියෝ අය වැරැදි හැසිරීමෙන් වළක්වාලීම සඳහා එක් ගැහැනු ළමයකු සේවාවට භාර දුන් හ. එසේ භාර දී එම සේවිකාව ද සමඟ තට්ටු හතක් ඇති මාලිගාවෙහි උඩ තට්ටුවේ ඉතා උසස් ලෙස පිළියෙල කළ අගනා නිදන කාමරයක රූමත් ව ඉපදීම නිසා දඬුවමට සිරගෙදරට දැම්මා වැනි ව රඳවා තැබූ හ. මේ අතර දිනක් එක්තරා පුද්ගලයකු සොරකමක් කොට අල්ලා අත් පිටුපසට වන සේ බැඳ ගෙන කෝටුවලින් පහර දෙමින් මිනිසුන් මරන ස්ථානයට ගෙන යයි. එම සිටු දියණිය මහත් වූ ඝෝෂාව නිසා “මේ කුමක්දැ” යි, උඩම තට්ටුවෙහි සිට බැලුවා ය. එවිට මැරීම සඳහා ගෙන යන පුද්ගලයා දැක ඔහු කෙරෙහි සිත බැඳීම ඇති වී ඔහුම ප්‍රාර්ථනා කොට ආහාර ගැනීමකුත් නැති ව ඇඳට ගොස් වැතිර ගත්තා ය. නො සතුටු බවින් යුතු ව ඇඳේ වැතිර ගත් බව දුටු ඇගේ මව “ඒ කුමක් නිසා දැ” යි , විමසුවා ය. මැරීම සඳහා ගෙන යන පුද්ගලයා දැක ඔහු කෙරෙහි ආදරය ඇති වූ බවත්, ඔහු ලැබුණොත් හැර නො ලැබුණොත් ජීවත්වීම ස්ථිර නැති බවත් ඇය කීවා ය. “දියණියනි, එසේ සිතන්නේ ඇයි? ඔබ වැඩි වියට පත් වී සිටින තැනැත්තියක වන බැවින් නිවෙසේ තබා ගෙන සිටින්නද? කුලය ආදියෙන් ගැළපෙන පවුලකට විවාහ කර දිය හැකිය”යයි, මව කීවා ය. “මම වෙනත් කිසිම කෙනකුට කැමති නො වෙමි. මොහු නො ලැබුණහොත් මැරෙමි” යි දියණිය කීවා ය. මව නොයෙක් ආකාරයෙන් කීවද කැමැති කරවා ගැනීමට නො හැකි ව පියාට ඒ බව දැනුම් දුන්නා ය. ඔහු ද කරුණු කී නමුත් කැමැති කරවා ගැනීමට නොහැකි විය. කළ යුත්තේ කුමක් දැයි කල්පනා කොට එම සොරා මැරීමට ගෙන යන පුද්ගලයන්ට මසුරන් දාහක් හොරෙන් යවා,” මෙය රැගෙන ඔහු මරා දමන්නේ නැති ව අප වෙත එවැන්නැ”යි , කියා යැවී ය.


බිනර පුර අටවක

අගෝස්තු 30 සෙනසුරාදා අ.භා 10.47 පුර අටවක ලබා සැප්තැම්බර් 01 සඳුදා පූ.භා 00.58න් ගෙවේ.
අගෝස්තු 31 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 31   

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 07 

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 14 

Full Moonඅමාවක

සැප්තැම්බර් 21 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]