ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ බිනර පුර අටවක පෝදා 2025 අගෝස්තු 31 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
හඳගල පුරාණ ගල්ලෙන් රාජ මහා විහාරය බෞද්ධ ඉතිහාසයේ රුව ගුණ කියාපාන තවත් බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස හඳුන්වා දිය හැකි ය. අනුරාධපුරයේ සිට කිලෝමීටර් 50ක් පමණ ගිය තැන කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ සුන්දර වන ගොමුවකින් වැසී ගිය මනස්කාන්ත කඳු යායක් මධ්‍යයේ මෙම සිද්ධස්ථානය දැක ගත හැකි ය. සශ්‍රීක වගා බිම් අතරින් ඈතට දිස්වන පින්බිම හඳගල පුරාණ රාජ මහා විහාරය බව පහසුවෙන් හඳුනාගත හැකි වන්නේ කඳු මුදුනෙහි වැඩ සිටින පිළිම වහන්සේ නිසා ය. හඳගල විහාරයට ළං වෙත්ම පළමු පියගැටපෙළ පසුකරත්ම, පුරාණ චෛත්‍ය රාජයාණන් වහන්සේ, විහාර මන්දිරය මෙන් ම බොහෝ ඓතිහාසික නටබුන් ද දක්නට ලැබෙන බව කියැවේ. ගල් ලෙන් 40කට ආසන්න සංඛ්‍යාවක් හඳගල පූජා භූමිය තුළ දක්නට තිබේ. පැරැණි චෛත්‍ය කිහිපයක් ම කැඩී බිඳී ගොස් තිබුණ ද වර්තමානයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් පිළිසකර කිරීම සිදු කර ඇත. පූර්ව බ්‍රාහ්මීය අක්ෂරයෙන් ලියු ලෙන් ලිපි පහළොවක් ද, අපර බ්‍රහ්මීය අක්ෂරයෙන් ලියූ ලිපි දොළහක් පමණ ද විහාර භූමිය තුළ දැකිය හැකි ය. මුල් කාලයේ හඳගල විහාරස්ථානය ආරණ්‍ය සේනාසනයක් ලෙස පැවති හෙයින් කමටහන් වඩන ලද භික්ෂූන් වහන්සේ වැඩ වෙසෙන්නට ඇතැයි සැලකිය හැකි බවට සාක්ෂි වේ. ළඟාවීමට අතිශයින් දුෂ්කර වූ ස්ථානවල පවා කටාරම් කෙටූ ගල්ලෙන් පැවතීමෙන් ඒ බව මනාව පසක් වේ. “හඳගල” විහාර යන්න පාලි භාෂාවට නැඟූ කල “චන්ද්රගිර විහාරය”යි. ඒ බව ලලාට ධාතුවංසයෙහි හා සිංහල ධාතුවංසයෙහි සඳහන් කරුණු මඟින් පැහැදිලි වේ. එහි සඳහන් වන පරිදි දේවානම්පියතිස්ස රජුගේ බාල සොහොයුරු වූ “උපරාජ මහානාග“ විසින් චන්ද්රගිරි එනම් සඳගිරි විහාරය කරවා ඇති බව පැවසෙයි.
අගෝස්තු 30 සෙනසුරාදා අ.භා 10.47 පුර අටවක ලබා සැප්තැම්බර් 01 සඳුදා පූ.භා 00.58න් ගෙවේ. අගෝස්තු 31 ඉරිදා සිල්
පුර අටවක
අගෝස්තු 31
පසළොස්වක
සැප්තැම්බර් 07
අව අටවක
සැප්තැම්බර් 14
අමාවක
සැප්තැම්බර් 21
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]