[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මහාචාර්ය මිදිගම සෝරත නාහිමි

මහාචාර්ය මිදිගම සෝරත නාහිමියෝ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවි ලබති

වැලිගම අග්‍රබෝධි රාජමහා විහාරය, කැලණිය පට්ටිවිල ශ්‍රී ශෛලාරාමය, සුල්තානාගොඩ ශ්‍රී රාමගිරි පුරාණ විහාරය සහ ඉන්දියාවේ ලක්නව් බෞද්ධ විහාරය ඇතුලු විහාරයන්හි විහාරාධිපති, රුහුණ විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය මිදිගම සෝරත නා හිමි වෙත මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ සානුනායක විංශත් වර්ගික කාරක මහා සංඝ සභාව මඟින් දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා තිබේ. අභිනවයෙන් දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවිප්‍රාප්ත මහාචාර්ය මිදිගම සෝරත නා හිමි වෙත එකී පදවි ප්‍රදානය අගෝස්තු 22 පස්වරු 2.00 ට මහනුවර මල්වතු මහා විහාරයේ දී ද, පිළිගැනීමේ අභිනන්දන උළෙල අගෝස්තු, 24 පස්වරු 2.00 ට වැලිගම අග්‍රබෝධි රාජමහා විහාරයේ දී ද පැවැත් වේ. අතිපූජ්‍ය නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ෂිත විජිතසිරි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මුලසුන හොබවන මෙම උළෙලට ගිහි පැවිදි සම්භාවනීය ප්‍රභූහු රැසක් එක් වෙති.

බිනර පුර අටවක

අගෝස්තු 30 සෙනසුරාදා අ.භා 10.47 පුර අටවක ලබා සැප්තැම්බර් 01 සඳුදා පූ.භා 00.58න් ගෙවේ.
අගෝස්තු 31 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 31   

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 07 

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 14 

Full Moonඅමාවක

සැප්තැම්බර් 21 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]