UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

රුදුරු කොටි ත්‍රස්තවාදීන් විසින් දෙකඩ කරනු ලැබ තිබූ මාතෘ භූමිය එක් සේසත් කළ අභීත සේනාධිනායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මල්වතු අස්ගිරි උභය මහා විහාර පාර්ශ්වීය සංඝ සභාවේ උත්තරීතර කාරක මණ්ඩලය මගින් නිර්දේශිත ‘විශ්වකීර්ති ශ්‍රී ත්‍රිසිංහලාධීශ්වර ‘ ගෞරව නාමය ස්‍යාමෝපාලිවංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් සහ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිත මහ නා හිමිවරුන් අතින් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික මගුල් මඩුවේදී පිරිනැමුණු ඓතිහාසික අවස්ථාව.
ඡායාරූපය සුදත් සිල්වා

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්මැලි මහා සෑය ඉකුත් දා (24 ) වැඳ පුදා ගත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පෙර රජ දරුවන් විසින් සිදු කරන ලද ආගමික චාරිත්‍ර වාරිත්‍ර නොපිරිහෙළා ඉටු කෙළේ ය.
ජනාධිපතිතුමා ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගත් අවස්ථාව. අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන් ඇතුළු මහා සඟරුවන සහ උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා ද සේයාරුවේ වෙති.

ශ්‍රී දළදා මාළිගාවේ පොසොන් පෙරහර

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ පොසොන් මහ පෙරහර චාරිත්‍රානුකූලව ජුනි මස 7 වනදා පැවැත්වේ. සිරිත් පරිදි පෙරහර මෙදින සවස ශ්‍රී දළදා මාළිගාව මහවහල්කඩ අබියසයෙන් පිටත්ව මාළිගා චතුරශ්‍රයේ ගමන් කෙරේ.

ඉතිරිය»

පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි මස 6 වන දා සෙනසුරාදා අපර භාග 9.58 ට ලබයි.
ජුනි 7 වන දා ඉරිදා අපරභාග 11.45 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම ජුනි 7 වනදා
ඉරිදාය. මීළඟ පෝය ජුනි 15 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 07

Second Quarterඅව අටවක

ජුනි 15

New Moonඅමාවක

ජුනි 22

First Quarterපුර අටවක

ජුනි 29

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]