UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ජනපතිට හා රණවිරුවන්ට සෙත්පතා අනුරාධපුර පොසොන් සති පිරිත

අනුරාධපුර පොසොන් වාර්ෂික සති පිරිත් මහා පින්කම තිස් වන (30) වරටත් අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් ගේ අනුශාසනා මත හා රාජ්‍ය අනුග්‍රහයෙන් ද ජූනි 03 සිට ජූනි 11 දක්වා අනුරාධපුර ඓතිහාසික මහමෙවුනා උයනේ පිරිත් මණ්ඩපයේ දී පැවැත්වේ.

යුද ගිනි නිවා රටට සාමය උදාකර දුන් ජනාධිපති තුමන්ට හා රණවිරුවන්ට සෙත්පැතීම මෙවර පිරිත් පින්කමේ ප්‍රධාන පරමාර්ථය බව පිරිත් පින්කම් කමිටුවේ සම ලේකම් එස්.වී.ද සේරම් මහතා පැවසීය.

ඒ අනුව ජූනි 03 වන දින පස්වරු 4.00 ට තිසාවැව ජලාශයෙන් ලබාගත් ජලයෙන් පිරිත් පැන් පෙරහර ඉසුරුමුණිය රජමහ විහාරස්ථානය අබියසින් ආරම්භ කර මහමෙවුනා උයනේ පිරිත් මණ්ඩපය දක්වා ගමන් කැරිණි.

එදින පස්වරු 06.30 ට ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වෙතට හා රත්නමාලි මහ සෑ රදුන් වෙතට මල් පෙරහරද අනතුරුව රාත්‍රී 09.00 ට පිරිත් පේ කිරීමද සිදු කැරිණි.

ජූනි 04 දින අලුයම ආරම්භ කළ පිරිත් දේශනය (දිවා රාත්‍රී) ජූනි 08 දින දක්වා පවත්වා ජූනි 09 දින සූත්‍ර දේශනාව පැවැත්වේ.

එදින පස්වරු 05.00 ට තිසාවැව තානායම් භූමියේ සිට දේවාල තල්පත පේ කිරීමේ චාරිත්‍ර පවත්වා පස්වරු 06.30 ට ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වෙතට හා රුවන්මැලි චෛත්‍යය රාජයාණන් වෙතට මල් පෙරහර පැවැත්වේ.

ජූනි 10 දින පෙරවරු 5.00 ට තිසාවැව තානායම් භූමියේ සිට දේවාල තල්පත වැඩම කරවීමේ පෙරහර පවත්වා පෙරවරු 09.00 ට දේවාල තල්පත කියැවීම හා විහාර අස්න දේශනය පැවැත්වේ. එදිනම පස්වරු 3.00 ට පිරිත් පැන් වැඩම කරවීම හා දේවදූත පෙරහර වීදි සංචාරය කරවීම සිදු වේ.

පස්වරු 06.30 ට මල්පෙරහර පැවැත්වීමෙන් පසු රාත්‍රී 09.00 ට දොරකඩ අස්න ආනුශාසනාව පවත්වා පසුදින (11) පෙරවරු 05.30 ට පිරිත් පැන් හා පිරිත් නූල් බෙදාදීම සිදුකර එදින පෙරවරු 11.00 ට දවල් මහා සංඝරත්නය විෂයයෙහි සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් පිරිනැමීමෙන් පොසොන් සති පිරිත් පින්කම නිමාවට පත්වේ.

මේ සඳහා ආධාර පත්‍ර කිසිවක් නිකුත් කර නැති බවත් ආධාර පිරිනැමීමට කැමැති පරිත්‍යාගශීලීන් අනුරාධපුර ලංකා බැංකුවේ අංක 1471028 ජංගම ගිණුමට හෝ අනුරාධපුර මහමෙවුනා උයනේ පිරිත් මණ්ඩපය අසල තාවකාලිකව පිහිටුවා ඇති ලංකා බැංකු කාර්යාලයට භාරදෙනමෙන් අනුරාධපුර මහ විහාර පොසොන් පිරිත් පින්කම් කමිටුව ඉල්ලා සිටී.

පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි මස 6 වන දා සෙනසුරාදා අපර භාග 9.58 ට ලබයි.
ජුනි 7 වන දා ඉරිදා අපරභාග 11.45 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම ජුනි 7 වනදා
ඉරිදාය. මීළඟ පෝය ජුනි 15 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 07

Second Quarterඅව අටවක

ජුනි 15

New Moonඅමාවක

ජුනි 22

First Quarterපුර අටවක

ජුනි 29

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]