UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අධි සිල් ලබති

උපුල්දෙණිය උප්පලාරාමය, හිඹුටු ගොල්ලෑව ශ්‍රී දේවානන්ද රජමහා විහාරය පෙරියකුලම අශෝකාරාමය උල්පත්ගම ගංගාරාමය තවරක්කුලම බෝධිමළු විහාරය මහකැලෑගම සුගතාරාමය උප්ත පබ්බත විහාරය යන විහාරයන්හි අධිපති උපුල්දෙණියේ මේධානන්ද නාහිමියන්ගේ සහ ගලෙන්බිඳුනුවැව මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ගලෙන්බිඳුනුවැව ගුණානන්ද හිමියන්ගේ ශිෂ්‍ය උපුල්දෙණියේ මේධංකර සාමණේරයන් වහන්සේ ඉකුත් 14 වන දා මල්වතු මහා විහාරයේ දී අධිසිල් ලැබූහ. උන්වහන්සේ ඉලුක්බඩයාගම ඇම්. වික්‍රමසිංහ හා රූපා අරම්පොල දම්පතීන්ගේ පුත්‍රරත්නය වේ.


කැබිතිගොල්ලෑව - තඹලගොල්ලෑව ශ්‍රී රන්ගිරි කුඩා දඹුලු රජමහා විහාරාධිපති පදවි ශ්‍රීපුර ශ්‍රී ධම්මාලෝක පිරිවෙන් කෘත්‍යාධිකාරි තිත්ගෝනෑවේ විමලධම්ම සහ පදවි ශ්‍රීපුර රජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත කරම්බන්කුලමේ සිරිධම්ම යන හිමිවරුන්ගේ ශිෂ්‍යයන් වූ නුගේගොඩ , ගංගොඩවිල ශ්‍රී සුභද්‍රාරාම පිරිවෙන් විද්‍යායතනයේ උසස් අධ්‍යාපනය ලබන බාලහොඳවැවේ සිරිවිමල, අනුරාධපුර, බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලබන තිත්තගෝනෑවේ සෝමරතන සහ කන්දේ ගෙදර සුධම්ම යන සාමණේරයන් වහන්සේ ජුනි 05 වන දින පස්වරුවේදී මහනුවර මල්වතු මහා විහාරීය මංගල උපෝෂථාගාරයේදී අධිසිල් ලැබීමට නියමිතව තිබිණි.

පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි මස 6 වන දා සෙනසුරාදා අපර භාග 9.58 ට ලබයි.
ජුනි 7 වන දා ඉරිදා අපරභාග 11.45 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම ජුනි 7 වනදා
ඉරිදාය. මීළඟ පෝය ජුනි 15 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 07

Second Quarterඅව අටවක

ජුනි 15

New Moonඅමාවක

ජුනි 22

First Quarterපුර අටවක

ජුනි 29

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]