UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කතරගම කිරිවෙහෙර පින්කම්

කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ දී පොසොන් පෝදා පින්කම් රැසක් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ.

එදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම මල් පහන් ගිලන්පස කිරි ආහාර පුජාව ෂඩ්වර්ණ සාටකයක් කිරිවෙහෙර චෛත්‍යය වටා හේවිසි ශබ්ද පූජා මධ්‍යයේ පැළඳවීම සිදුකෙරේ. කිරිවෙහෙර චෛත්‍යය මලුවේ භාවනා වැඩසටහන පැවැත්වේ.උදේ ධර්ම දේශනාව කලුතර නාගොඩ ශ්‍රී සෝබිත සංඝාරාමවාසී කොස්ගම උපරතන හිමියන් විසින් දුටුගැමුණු ධර්මශාලාවේදී පැවැත්වේ.

සවස ගාමිණීපුර බෞද්ධ සමිතියේ මිහිඳු පෙරහර වීදි සංචාරය කර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයට පැමිණේ.

කිරිවෙහෙර මහාසේන සිල් සමිතියේ උපාසක උපාසිකාවන් මල් පෙරහරකින් අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් විශේෂ බෝධිපූජා පින්කම පවත්වා ශ්‍රී ලංකාවට සාමය උදාකළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන සියලුම රණවිරුන්ට සෙත් පැතීමත් ආබාධිත රණවිරුවන්ට ඉක්මන් සුවයත් මිය ගිය රණවිරුවන්ට පින් අනුමෝදන් කරවීමත් සිදුකෙරේ.

කිරිවෙහෙර 3 වන මලුව සමීපයේ පහන් දස දහසක ආලෝක පූජාවක් පැවැත්වෙන අතර සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව පසුදා පහන් වනතුරු විහාරස්ථ ධර්ම ශාලාවේදී පැවැත්වේ. කලුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක කතරගම බෞද්ධ සංගමය ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය මහාසේන සිල් සමිතිය හා විහාරස්ථදායක සභාව මෙම පින්කම සංවිධානය කර ඇත.

පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි මස 6 වන දා සෙනසුරාදා අපර භාග 9.58 ට ලබයි.
ජුනි 7 වන දා ඉරිදා අපරභාග 11.45 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම ජුනි 7 වනදා
ඉරිදාය. මීළඟ පෝය ජුනි 15 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 07

Second Quarterඅව අටවක

ජුනි 15

New Moonඅමාවක

ජුනි 22

First Quarterපුර අටවක

ජුනි 29

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]