UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මිහින්තලා ආලෝක පූජා උත්සවය

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම, ලංකා විදුලි බල මණ්ඩලය මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර නුවරගම් පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක නාමල්වැවේ ධම්මකීර්ති ශ්‍රී රතනසාර නාහිමියන්ගේ අනුශාසනා පරිදි පවත්වන ජූනි මස 6, 7 සහ 8 යන දිනයන්හිදී ඓතිහාසික මිහින්තලා පුද බිමේදී 47 වන වරටත් මිහින්තලා ආලෝක පූජා පින්කම අතිඋත්කර්ෂවත් අයුරින් මෙවරද පැවැත්වෙයි.

ජූනි මස 6 වනදා (පෝදාට පෙරදින) පස්වරු 7 ට උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආලෝක පූජාව ආරම්භ කැරේ. එදින උත්සවයට ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය දුමින්ද දිසානායක, දේශීය වෛද්‍ය අමාත්‍ය තිස්ස කරලියැද්ද ජාතිය ගොඩනැඟීමේ හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ඩබ්.බී. ඒකනායක, ශ්‍රී ලංකාවේ මහා භාරකාර එන්.එස්.ඒ.එස්. සෙනෙවිරත්න යන මහත්වරු සහභාගි වෙති.

පොසොන් පෝදා (7 වනදා) පස්වරු 7 ට ජනමාධ්‍ය හා තොරතුරු, ව්‍යවසාය සංවර්ධන සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආලෝක පූජාව පැවැත්වේ. එම අවස්ථාවට සංස්කෘතික අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන, ආගමික කටයුතු අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක, උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ යන මහත්වරු සහභාගි වෙති.

ජූනි 8 වනදා පස්වරු 7 ට ආලෝක පූජාව අනුරාධපුර දිසා ලේකම් එච්.එම්.කේ. හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. එම අවස්ථාවට ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඊ.ඒ.එස්.කේ. එදිරිසිංහ, ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති බන්දුල පද්මකුමාර යන මහත්වරු සහභාගි වෙති.

පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි මස 6 වන දා සෙනසුරාදා අපර භාග 9.58 ට ලබයි.
ජුනි 7 වන දා ඉරිදා අපරභාග 11.45 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම ජුනි 7 වනදා
ඉරිදාය. මීළඟ පෝය ජුනි 15 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 07

Second Quarterඅව අටවක

ජුනි 15

New Moonඅමාවක

ජුනි 22

First Quarterපුර අටවක

ජුනි 29

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]