බොදු පුවත් (ඡායාරූප)
 

මෙරට පුවත්පත් ඉතිහාසයේ රන් අකුරින් සටහන් කැරෙන අනගි අවස්ථාවක් ඉකුත් වෙසක් පොහොය දා ‘බුදුසරණ’ පත්‍රය මගින් සිදු කැරිණි. එනම් මෙරට පුවත්පතක පිටපත් ලක්ෂ පහක් මුද්‍රණය කිරීමයි. ඒ ඉකුත් වෙසක් පෝය නිමිත්තෙන් නිකුත් වූ ‘බුදුසරණ’ පත්‍රය යි. එම වෙසක් බුදුසරණ පත්‍රයේ මුල් පිටපත් ශ්‍යාමෝපාලිවංශික මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිත මහනාහිමියන් වෙත අස්ගිරි මහා විහාරයේදී ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති බන්දුල පද්මකුමාර මහතා විසින් පිළිගැන් වූ අයුරු. ‘බුදුසරණ’ කර්තෘ නෙල්සන් එස්. පෙරේරා මහතා ද ඡායාරූපයේ වෙයි.
ඡායාරූපය ගාමිණි රාමනායක

ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් වෙත ලේක් හවුස් සභාපති බන්දුල පද්මකුමාර මහතා විසින් බුදුසරණ වෙසක් කලාපයේ පිටපතක් පිළිගැන් වූ අයුරු.  ගාමිණි රාමනායක