UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කුප්පියාවත්තේ ශ්‍රී ජයශේඛරාරාමය

කුප්පියාවත්තේ ශ්‍රී ජයශේඛරාරාම මහා විහාරස්ථානයේදී පොසොන් පුර පොහෝදා විහාරාධිපති සල්පිටි හේවාගම් දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන් ශීල, භාවනා, ධර්ම දේශනා පින්කම් රැසක් පැවැත්වේ.

එදින පෙරවරු 6.00 - 6.30 සීල සමාදානය හා කෙටි අනුශාසනාව මෙහෙයවීම විහාරාධිකාරි ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි , 7 - 7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8 - 9 රජවත්තේ වප්ප හිමි මෙහෙයවන භාවනා වැඩසටහන, 9.15 - 10.15 දහම් දෙසුම ශාස්ත්‍රපති බොරලගොඩ විමලතිස්ස නාහිමි, 10.15 - 11 අට විසි සම්බුද්ධ පූජාව මෙහෙයවීම ගැට්ටුවානේ් සුමේධ හිමි, 12.30 - 12.45 සෙත්පිරිත් සජ්ඣායනාව විමලදාස පෙරේරා උපාසක මහතාගේ ප්‍රධානත්වයෙන්, 1 - 2 විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ මාසික රැස්වීම තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් 2.15 - 3 භාවනා මෙහෙයවීම තලල්ලේ සිරිමහින්ද නාහිමි, 3.30 - 4.30 දහම් දෙසුම රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති මාමඬලේ විමල හිමි, 4.30 - 5.30 දහම් දෙසුම මිගාරපිටියේ චන්ද්‍රවංශ හිමි, 6 ට සිල් පවාරණය තලල්ලේ සිරිමහින්ද නාහිමි, 7 - 7.30 මල්පහන් ගිලන්පස සම්බුද්ධ පූජාව මෙහෙයවීම තලල්ලේ ධම්මදේව හිමි, 7.45 - 8.45 රාත්‍රි දහම් දෙසුම ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි.

පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි මස 6 වන දා සෙනසුරාදා අපර භාග 9.58 ට ලබයි.
ජුනි 7 වන දා ඉරිදා අපරභාග 11.45 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම ජුනි 7 වනදා
ඉරිදාය. මීළඟ පෝය ජුනි 15 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 07

Second Quarterඅව අටවක

ජුනි 15

New Moonඅමාවක

ජුනි 22

First Quarterපුර අටවක

ජුනි 29

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]