UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මිහින්තලා ආලෝක පූජාව නිමිත්තෙන් පැවැති දීපව්‍යාප්ත රචනා තරගයේ පළමු වන ස්ථානයට

රත්නපුර ෆර්ගසන් විද්‍යාලයේ සුපිපි පියුමිකා විජේසිංහ

මිහින්තලා ආලෝක පූජාව නිමිත්තෙන් පැවැති දීප ව්‍යාප්ත රචනා තරගයේ පළමු වන ස්ථානය රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විදුහලේ සුපිපි පියුමිකා විජේසිංහ ශිෂ්‍යාව හිමිකර ගෙන ඇත.

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ඓතිහාසික මිහින්තලා පුදබිමේ වාර්ෂිකව පවත්වන මිහින්තලා ආලෝක පූජාව 47 වන වරටත් මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් ජූනි 6, 7, 8 යන දිනයන්හි අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ. ආලෝක පූජා පුණ්‍යෝත්සවයට අමතරව රචනා තරගය හා කථික තරගයත් මෙවරද පැවැත්විණි.

බුදුසරණ පුවත්පත මිහින්තලා ආලෝක පූජාව නිමින්තෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුව අනුග්‍රහයෙන් පවත්වන ලද දීප ව්‍යාප්ත රචනා තරගයේ ප්‍රතිඵල මෙසේ ය. එම දීප ව්‍යාප්ත රචනා තරගයේ පළමුවන ස්ථානය රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විදුහලේ සුපිපි පියුමිකා විජේසිංහ ශිෂ්‍යාව හිමිකරගෙන ඇත.

දෙවන ස්ථානය මදුරන්කුලිය ආදර්ශ මහා විද්‍යාලයේ ඩබ්.ඒ. නදීශා ආසිරි කුසුම් ශිෂ්‍යාවද තෙවන ස්ථානය රත්නපුර ඤාණසීහ තපෝවන විහාරයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති දහම් පාසලේ අසංගි ඉන්ද්‍රචාපා තෙන්නකෝන් ශිෂ්‍යාව හිමිකර ගෙන ඇත.

සිව්වන ස්ථානය කැකිරාව තිබ්බටුවැව මහා විද්‍යාලයේ එච්. නිලූකා පි‍්‍රයංගනී ජයරත්න, පස්වන ස්ථානය බෙම්මුල්ල ශ්‍රී වර්ධන පිරිවෙන් විහාරයේ බණ්ඩාරනායක දහම් පාසලේ චතුරිකා නයෝමි ලියනගේ, හයවන ස්ථානය ඉබ්බාගමුව ගලයාය පන්නල ශ්‍රී ධම්මරතන දහම් පාසලේ බී. ඇම්. සදේශ දෙනුවන්ත බාලසූරිය, හත්වන ස්ථානය කුලියාපිටිය මධ්‍ය විද්‍යලයේ ඩබ්.එම්. දර්ශිකා නිර්මාණි, අටවන ස්ථානය, දෑල නොරගල්ල පරම මණ්ඩණාරාමයේ ශ්‍රී සාරානන්ද දහම් පාසලේ එල්.ඩී. චතුරිකා සුරවීර, නවවන ස්ථානය ගම්පොළ කඩුගන්නාව පාර ශාන්ත ජෝශප් බාලිකා මහා විද්‍යාලයේ ජී.ජී. එරංගා මධුෂාණී විමලසිරි සහ දහවන ස්ථානය වාරියපොල ශ්‍රී සුමංගල ජාතික පාසලේ ඒ.ජී. නුවන් හර්ෂණ යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් හිමිකරගෙන ඇත.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව රු.10, 000/-, රු. 7500/-, රු 5000/- වශයෙන් හතර වන ස්ථානයේ සිට දහවන ස්ථානය දක්වා රු.1000/- බැගින් ද මුදල් ත්‍යාග හා වටිනා සහතිකපත්‍රද පිරිනැමේ. ලේක්හවුස් බෞද්ධ සංගමයේ අනුග්‍රහයෙන් පියසේන නිශ්ශංක අනුස්මරණ සම්මානය, ඩී.ආර්.විජයවර්ධන අනුස්මරණ සම්මානය, හා බුදුසරණ සම්මානය ප්‍රදානය කැරේ. ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය පොසොන් පෝදා මිහින්තලේ දී සිදු කැරේ.

පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි මස 6 වන දා සෙනසුරාදා අපර භාග 9.58 ට ලබයි.
ජුනි 7 වන දා ඉරිදා අපරභාග 11.45 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම ජුනි 7 වනදා
ඉරිදාය. මීළඟ පෝය ජුනි 15 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 07

Second Quarterඅව අටවක

ජුනි 15

New Moonඅමාවක

ජුනි 22

First Quarterපුර අටවක

ජුනි 29

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]