[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

පොසොන් අව අටවක

ජුනි 28 සිකුරාදා අ.භා. 04.30
අව අටවක ලබා 29 සෙනසුරාදා
අ.භා. 02.23 ගෙවේ.
28 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 28

Full Moonඅමාවක

ජූලි 05

First Quarterපුර අටවක

ජූලි 13

Full Moonපසළොස්වක

ජූලි 20

 

 

 

 

 

 

 

 

සිංහල බෞද්ධ සංස්කෘතිය ලෝකයට දායාද වූ දා

ශ්‍රී ලාංකේය සිංහල බෞද්ධ සංස්කෘතියේ නිර්මාතෘවරයාණන් වන්නේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙසිය තිස් හයකට පසු පොසොන් පුරපසළොස්වක් පොහෝ දින අනුරාධපුරයේ මිස්සක පව්ව හෙවත් සෑගිරි පර්වතයට වැඩම කර මුව දඩයමෙහි යෙදුණු දේවානම්පියතිස්ස මහ රජු ඇතුළු පිරිස හඳුනාගෙන ලක්වැසියන්ගේ හිත සුව පිණිසත්, ඔවුන්ට අනුකම්පා පිණිසත්, වැඩ පිණිසත් ධර්ම දේශනා කරමින් ජීවිත සාර්ථක කර දීමට කටයුතු ආරම්භ කළහ. එහි පළමු පියවර වන්නේ මිහින්තලා පව්වේ දී දේශනා කළ චුල්ලහත්ථිපදෝපම සූත්‍රයයි. මේ සූත්‍ර දේශනාව දක්නට ලැබෙන්නේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකයේ ඕපම්ම වග්ගයේ හත්වැනි සූත්‍රය ලෙසයි. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටින සමයේ සැවැත්නුවර ජීවත් වුණා ජානුස්සෝණි නම් මහා ධන කුවේරයෙක්. ඔහුගේ විනෝදාංශයක් වුණේ සුදු අශ්වයන් යෙදූ රථයකින් නගරය ප්‍රදක්ෂිණා කිරීමයි. දිනක් එසේ යන විට පිලෝතිකා නම් පරිබ්‍රාජකයා දැක ගන්න ලැබී කොහි සිට එන්නේ දැයි විමසා සිටියා. බුදුරජාණන් වහන්සේ හමුවී එන බව ඔහුගේ පිළිතුර වුණා. එවිට දෙවැනි ප්‍රශ්නය ලෙස ඔබ සිතන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවන්ත ද? පණ්ඩිතද?යි ඇසුවා. පිලෝතික ඔහු අමතලා ‘භවත් ගෞතමයන් වහන්සේගේ නුවණ හා වියත් බව යමෙක් දන්නවා නම්, ඔහු ඒකාන්තයෙන් ම බුදුරවරයෙක් ම වේ.’යි කියා උත්තර දුන්නා. එවිට ජානුස්සෝණි ‘ඔබ කවර කරුණක් නිසා භවත් ගෞතමයන් වහන්සේ කෙරෙහි පැහැදුනේද?’යි නැවතත් විමසා සිටියා. ‘බුදුරජාණන් වහන්සේ සම්ම්‍යක් සම්බුද්ධයි, දේශනා කරන ධර්මය ස්වාක්ඛාතයි.

සසර බිය දකිමින් දුරුකළ යුතු නීවරණ ධර්ම

නත්ථි කතමානී පඤ්චනීවරණානි කාමච්ඡන්ද නීවරණං ව්‍යාපාද නීවරණං ථීනමිද්ධ නීවරණං උද්ධච්ච කුක්කුච්ච නීවරණං විචිකිච්ඡානීවරණං ඉමානි පඤ්ච නීවරණානි (විභංගප්පකරණ - ඛුද්දකවත්ථු විභංග). මෙහි පඤ්චනීවරණයෝ කවරහු ද? කාමච්ඡන්ද නීවරණය, ව්‍යාපාද නීවරණය, ථීනමිද්ධ නීවරණය, උද්ධච්චකුක්කුච්ච නීවරණය, විචිකිච්චා නීවරණය යන මේවා පඤ්ච නීවරණ නම් වෙයි යනු ඉහත සඳහන් කළ පාලි පාඨයේ තේරුමයි. නීවරණ යන වචනයේ තේරුම වළක්වන යන අදහස යි. එනම් කුසල් සිත් ඇතිවන්නට ඉඩ නොදී වැළැක්වීම යි. මෙහිදී විශේෂයෙන් ම ධ්‍යාන සිත් ආදිය ඉපදීමට ඉඩ නොදී වළක්වන ලද අකුසල ධර්ම නීවරණ නම් වේ. ඒ අකුසල ධර්ම නම් කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථීනමිද්ධය, උද්ධච්චකුක්කුච්චය, විචිකිච්ඡාව යන කරුණු පහ යි.කාමය නම් පස්කම් සැපයෙහි බැඳුණු අධික රාගය යි. පස්කම් ගුණ නම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පහයි. බැඳීම කරන නිසා මේවාට ගුණ යැයි ද කියනවා. සිත මේවගේ ඇළෙන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඉන්ද්‍රියන්ගේ මාර්ගයෙනි. ඇහැට රූපයක් හමුවන විට සිත එහි ඇලෙයි. මෙහි ඇස නම් අපිට පෙනෙන්නට තිබෙන චක්ඛු ඉන්ද්‍රියම නෙමේ. මෙහි පවත්නා පඨවී, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූත රූපයන්ගේ ඇති ඔප ගතිය චක්ඛුප්පසාදය නම් වේ. මෙහි දී අප ඇස යනුවෙන් හඳුන්වන්නේ එයයි. එයට පෙනෙන රූපය නම් වර්ණායතනය නම් වෙයි. යමක ඇති පැහැයයි. “නීලං පීතං ලෝහිතකං” යනාදී වශයෙන් ඒ පැහැය ද නීලාදී වශයෙන් විවිධාකාර ය. එසේම යමක සටහන ද මෙයට ම එනම් රූපයට ම ඇතුළත් වේ. එබඳු රූපයක් හමු වූ විට ආලෝක මනසිකාර දෙකේ සහායෙන් පෙනුණු විට සිත එහි ඇලෙයි. කනට ශබ්දයක් ලැබුණු විට සිත එහි ඇලෙයි.මේ අයුරින් ධර්මානුකූල ව විස්තර කරමින් මෙය සුදුසු පරිදි සැලකිලිමත් ව අවබෝධ කර ගත යුතු වේ.

පොසොන් පොහොය හා බැඳුණු ඉතිහාසය

ලංකා ඉතිහාසයේ සිදු වූ වැදගත් සහ වටිනාම ආගමික සිදුවීම වන්නේ මිහිඳු හිමියන්ගේ ලංකාගමනය යි. මිහිඳු හිමියන්ගේ පැමිණීමත් සමඟ ම බුදු සමයේ බලපෑමෙන් ලාංකීය ජන ජීවිතය නව මඟකට අවතීර්ණ වූ අතර ම සිංහල සංස්කෘතියේ (හැදියාවේ) සෑම අංගයක් ම විවිධාකාරයෙන් පෝෂණය වූ අයුරු ඉතිහාසයෙන් පැහැදිලි වන්නේ ය. වසරේ සෑම පොහෝ දිනයක් ම බෞද්ධයන්ට ආගමික වශයෙන් වැදගත් වන අතර ම පොසොන් පොහෝ දිනය වෙසෙසින් ම අප රටට ආගමික මෙන් ම ජාතික වශයෙන් ද ඉතාමත් සුවිශේෂී වන්නේ ය. සිංහල සංස්කෘතිය ප්‍රභාවත් ව නව මාවතකට සම්ප්‍රාප්ත වූයේ මිහිඳු හිමියන් එදා පොසොන් පෝය දිනයේ දී අප රටට හඳුන්වා දුන් බුදු සමයේ පණිවිඩයෙනි. මිහිඳු හිමියන් අප දිවයිනට වැඩම කළ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය එකල අප රට ජනතාව අතර සම්මත ව පැවැතියේ නැකැත් කෙළි දිනයක් වශයෙන් ය. මහින්දාගමනය සිදු වූ කාල පරාසය තුළ අප රට රාජ්‍ය පාලකයා ව සිටි දෙවන පෑතිස් (දේවානම් පියතිස්ස) රජ තෙමේ සිය පිරිසත් සමඟ අනුරාධපුරයට නුදුරු ව පිහිටි අම්බස්තල වනයට (පසුව මිහින්තලය) මුව දඩයම් සඳහා ඇතුල් වූ පුවත ලංකා ඉතිහාස කතාවේ සඳහන් වේ. දඩ කෙළියේ දී මුවෙක් පසු පස හඹා ගිය රජතුමා සිය පිරිවර සේනාව මඟ හැරී වනයෙහි අතරමං වූ අවස්ථාවේ දී “තිස්ස...... තිස්ස..... නතර වන්න......” ආදී වශයෙන් තමාගේ නම කියා කෙනෙක් තමාට අමතනු ඇසී අවට සෝදිසි කිරීමේ දී රජතුමාට ගල් තලාවක් මුදුනේ වැඩ සිටින මිහිඳු හිමියන් දක්නට ලැබුණ බවත්, මිහිඳු හිමියෝ තමන්ගේ ආගමනය පිළිබඳ ව ගාථාවක් මඟින් රජතුමාට හැඳින්වීමක් කළ බව ද එම ඉතිහාස කතාවේ සඳහන් වන්නේ ය.

මහ බෝ සමිඳුන්ට පිදෙන පුද පූජාවේ අසිරිය

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට දෙවන පෑතිස් රජ සමයේ පටන් මේ දක්වා අඛණ්ඩ ව පවත්වා ගෙන එනු ලබන වාර්ෂික මංගල්‍යය හතරකි. දුරුතු මංගල්‍යය, පරණ අවුරුදු මංගල්‍යය, නානුමුර මංගල්‍යය හා කාර්ති මංගල්‍යයයි. දුරුතු මංගල්‍යය නම් අලුත් සහල් මංගල්‍යයයි. දුරුතු පුර පසළොස්වක පෝ දින මෙම මංගල්‍යය පවත්වනු ලබයි. රජරට වාසීන් කෘෂිකර්මාන්තය ජීවනෝපාය කර ගත් පිරිසකි. සිය ගොවි කර්මාන්ත ආරම්භ කිරීමට පළමු ව සරු අස්වැන්නක් ලබා ගැනීම සඳහා වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා, ශ්‍රී මහා බෝධීන් වහන්සේට භාර හාර කරවීම චාරිත්‍රයකි. මෙම චාරිත්‍රය ඉටු කර වගා කළ කුඹුරුවල අස්වැන්න නෙළා සිය පරිභෝජනයට පළමුව අලූත් සහල් ශ්‍රී මහාබෝධි ස්ථානයට භාර දෙනු ලැබේ. මින් පසු දුරුතු පෝ දින රැස්වූ පිරිසත්, මහාවිහාරීය භික්ෂුන් වහන්සේත් අටමස්ථානාධිපතින් වහන්සේත් රාත්‍රී අටට පමණ පිළියෙළ කර ගත් ගිලන්පස පූජාව හේවිසි හඬ මධ්‍යයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත පූජා කර දෙවියන්ට පින් දී අනතුරුව රුවන්වැලි සෑ රදුන් වෙත ද ගොස් මේ අයුරින් ම පූජාව පවත්වනු ලැබේ. පසුදා හිමිදිරි උදෑසන අලූත් සහලෙන් පිළියෙළ කරගත් කිරිපිඬු ශ්‍රී මහා බෝධීන් වහන්සේටත්, රුවන්වැලි සෑ රදුන්ටත් රන් පාත්‍රයෙන් පූජා කොට මෙම මංගල්‍යයේ කටයුතු අවසන් කරනු ලැබේ.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]