[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

දැවෙන තැවෙන සිත් නිවී පහන් වන ඓතිහාසික කන්දේ විහාරය

කළුතර බේරුවල මනරම් කඳු ගැටයක පිහිටි ඓතිහාසික කන්දේ විහාර පින්බිම. ඓතිහාසික ගලපාත රාජමහා විහාරස්ථානය මූලස්ථානය කර කන්ද උඩරට රාජසිංහ රජසමයේ ඉදිවූවකි. ඒ වර්ෂ 1734 දී පමණ බව ඉතිහාසයේ සඳහන් වෙයි. ඓතිහාසික කන්ද විහාරයේ වැඩ සිට අපවත් වී වදාළ උඩුගම චන්ද්‍රසාර නාහිමියෝ ආරම්භක විහාරාධිපති හිමියන් ය. පසුව උන්වහන්සේගේ ශිෂ්‍ය කරපාගල දේවමිත්ත නාහිමියන් කන්දෙ විහාරස්ථානයේ මූලික පසුබිම ගොඩනඟා තිබේ. උන්වහන්සේගෙන් පසුව බෙන්තර සෝනුත්තර, මහගොඩ ධම්මදස්සි, මාලේවන සුමන, මාලේවන සීලවංශ, පින්නගොඩ අත්තදස්සි, පොතුවිල සරණංකර, හීනටියන්ගල ජිනාරාම, සහ වසර කීපයකට ඉහත අපවත් වී වදාළ බටුවන්හේනේ බුද්ධරක්ඛිත යන නාහිමිවරුන් එදා මෙදා තුර ඓතිහාසික කන්දෙ විහාරයේ සංවර්ධනය වෙනුවෙන් ඉමහත් සේවයක් කර ඇති යතිවරයාණන් වහන්සේ වූහ. වර්තමාන කන්දේ විහාරාධිපති හා අමෙරිකාවේ ප්ලොරිඩා බෞද්ධ මධ්‍යස්ථාන උභය විහාරාධිපති කළුතර දිස්ත්‍රික්කය හා බෙන්තරවළල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක කොක්කාවිට විපුලසාර නාහිමියන් විහාරාධිපති ධුරය හොබවමින් අභිනව සංවර්ධන රැසක් සිදුකළ යතිවරයාණන් වහන්සේ ද වෙයි.

පොසොන් අව අටවක

ජුනි 28 සිකුරාදා අ.භා. 04.30
අව අටවක ලබා 29 සෙනසුරාදා
අ.භා. 02.23 ගෙවේ.
28 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 28

Full Moonඅමාවක

ජූලි 05

First Quarterපුර අටවක

ජූලි 13

Full Moonපසළොස්වක

ජූලි 20

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]