[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

සසර බිය දකිමින් දුරුකළ යුතු නීවරණ ධර්ම

නත්ථි කතමානී පඤ්චනීවරණානි කාමච්ඡන්ද නීවරණං ව්‍යාපාද නීවරණං ථීනමිද්ධ නීවරණං උද්ධච්ච කුක්කුච්ච නීවරණං විචිකිච්ඡානීවරණං ඉමානි පඤ්ච නීවරණානි (විභංගප්පකරණ - ඛුද්දකවත්ථු විභංග). මෙහි පඤ්චනීවරණයෝ කවරහු ද? කාමච්ඡන්ද නීවරණය, ව්‍යාපාද නීවරණය, ථීනමිද්ධ නීවරණය, උද්ධච්චකුක්කුච්ච නීවරණය, විචිකිච්චා නීවරණය යන මේවා පඤ්ච නීවරණ නම් වෙයි යනු ඉහත සඳහන් කළ පාලි පාඨයේ තේරුමයි. නීවරණ යන වචනයේ තේරුම වළක්වන යන අදහස යි. එනම් කුසල් සිත් ඇතිවන්නට ඉඩ නොදී වැළැක්වීම යි. මෙහිදී විශේෂයෙන් ම ධ්‍යාන සිත් ආදිය ඉපදීමට ඉඩ නොදී වළක්වන ලද අකුසල ධර්ම නීවරණ නම් වේ. ඒ අකුසල ධර්ම නම් කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථීනමිද්ධය, උද්ධච්චකුක්කුච්චය, විචිකිච්ඡාව යන කරුණු පහ යි.කාමය නම් පස්කම් සැපයෙහි බැඳුණු අධික රාගය යි. පස්කම් ගුණ නම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පහයි. බැඳීම කරන නිසා මේවාට ගුණ යැයි ද කියනවා. සිත මේවගේ ඇළෙන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඉන්ද්‍රියන්ගේ මාර්ගයෙනි. ඇහැට රූපයක් හමුවන විට සිත එහි ඇලෙයි. මෙහි ඇස නම් අපිට පෙනෙන්නට තිබෙන චක්ඛු ඉන්ද්‍රියම නෙමේ. මෙහි පවත්නා පඨවී, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූත රූපයන්ගේ ඇති ඔප ගතිය චක්ඛුප්පසාදය නම් වේ. මෙහි දී අප ඇස යනුවෙන් හඳුන්වන්නේ එයයි. එයට පෙනෙන රූපය නම් වර්ණායතනය නම් වෙයි. යමක ඇති පැහැයයි. “නීලං පීතං ලෝහිතකං” යනාදී වශයෙන් ඒ පැහැය ද නීලාදී වශයෙන් විවිධාකාර ය. එසේම යමක සටහන ද මෙයට ම එනම් රූපයට ම ඇතුළත් වේ. එබඳු රූපයක් හමු වූ විට ආලෝක මනසිකාර දෙකේ සහායෙන් පෙනුණු විට සිත එහි ඇලෙයි. කනට ශබ්දයක් ලැබුණු විට සිත එහි ඇලෙයි.මේ අයුරින් ධර්මානුකූල ව විස්තර කරමින් මෙය සුදුසු පරිදි සැලකිලිමත් ව අවබෝධ කර ගත යුතු වේ.


පොසොන් අව අටවක

ජුනි 28 සිකුරාදා අ.භා. 04.30
අව අටවක ලබා 29 සෙනසුරාදා
අ.භා. 02.23 ගෙවේ.
28 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 28

Full Moonඅමාවක

ජූලි 05

First Quarterපුර අටවක

ජූලි 13

Full Moonපසළොස්වක

ජූලි 20

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]