[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

සිංහල බෞද්ධ සංස්කෘතිය ලෝකයට දායාද වූ දා

ශ්‍රී ලාංකේය සිංහල බෞද්ධ සංස්කෘතියේ නිර්මාතෘවරයාණන් වන්නේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙසිය තිස් හයකට පසු පොසොන් පුරපසළොස්වක් පොහෝ දින අනුරාධපුරයේ මිස්සක පව්ව හෙවත් සෑගිරි පර්වතයට වැඩම කර මුව දඩයමෙහි යෙදුණු දේවානම්පියතිස්ස මහ රජු ඇතුළු පිරිස හඳුනාගෙන ලක්වැසියන්ගේ හිත සුව පිණිසත්, ඔවුන්ට අනුකම්පා පිණිසත්, වැඩ පිණිසත් ධර්ම දේශනා කරමින් ජීවිත සාර්ථක කර දීමට කටයුතු ආරම්භ කළහ. එහි පළමු පියවර වන්නේ මිහින්තලා පව්වේ දී දේශනා කළ චුල්ලහත්ථිපදෝපම සූත්‍රයයි. මේ සූත්‍ර දේශනාව දක්නට ලැබෙන්නේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකයේ ඕපම්ම වග්ගයේ හත්වැනි සූත්‍රය ලෙසයි. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටින සමයේ සැවැත්නුවර ජීවත් වුණා ජානුස්සෝණි නම් මහා ධන කුවේරයෙක්. ඔහුගේ විනෝදාංශයක් වුණේ සුදු අශ්වයන් යෙදූ රථයකින් නගරය ප්‍රදක්ෂිණා කිරීමයි. දිනක් එසේ යන විට පිලෝතිකා නම් පරිබ්‍රාජකයා දැක ගන්න ලැබී කොහි සිට එන්නේ දැයි විමසා සිටියා. බුදුරජාණන් වහන්සේ හමුවී එන බව ඔහුගේ පිළිතුර වුණා. එවිට දෙවැනි ප්‍රශ්නය ලෙස ඔබ සිතන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවන්ත ද? පණ්ඩිතද?යි ඇසුවා. පිලෝතික ඔහු අමතලා ‘භවත් ගෞතමයන් වහන්සේගේ නුවණ හා වියත් බව යමෙක් දන්නවා නම්, ඔහු ඒකාන්තයෙන් ම බුදුරවරයෙක් ම වේ.’යි කියා උත්තර දුන්නා. එවිට ජානුස්සෝණි ‘ඔබ කවර කරුණක් නිසා භවත් ගෞතමයන් වහන්සේ කෙරෙහි පැහැදුනේද?’යි නැවතත් විමසා සිටියා. ‘බුදුරජාණන් වහන්සේ සම්ම්‍යක් සම්බුද්ධයි, දේශනා කරන ධර්මය ස්වාක්ඛාතයි. ශ්‍රාවක සංඝ තෙමේ සුපටිපන්නයි. ඇතුන් ජීවත්වන වනයේ හැසිරෙන මිනිසා ඇතුන්ගේ දික් වූ, පළල් වූ පා සටහන්වලින් මේ අසවල් ඇතෙක් යැයි නිශ්චයට පැමිණෙන්නාක් මෙන් මේ කරුණු නිසා මමත් පැහැදීමටත්, නිශ්චයටත් පත් වුණා‘යි පිළිතුරු දුන්නා. අනතුරුව තමන් පැහැදීමට පත් කාරණා එකින් එක ජානුස්සෝණි බමුණාට පැහැදිලි කර දීමට ද කටයුතු කළා. විස්තර කිරීම් සියල්ල අවසන් වූ විට රථයෙන් බැස ගත් ජානුස්සෝණී බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ජේතවනාරාමය දිශාවට තුන් වරක් වන්දනා කළා. සතුට ප්‍රකාශ කරමින්, ස්තුති කරමින් බුදුරජාණන් වහන්සේ හමුවී කිසියම් කථා බහක යෙදීමට තීරණය කර ගත්තා.

 


පොසොන් අව අටවක

ජුනි 28 සිකුරාදා අ.භා. 04.30
අව අටවක ලබා 29 සෙනසුරාදා
අ.භා. 02.23 ගෙවේ.
28 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 28

Full Moonඅමාවක

ජූලි 05

First Quarterපුර අටවක

ජූලි 13

Full Moonපසළොස්වක

ජූලි 20

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]