[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පොසොන් සඳරැස්

පොසොන් සඳරැස්

අවිදු නෙත් අඳුරින් මුදා ලූ
සියල් සත් සිත් පුබුදුවා ලූ
මහා ප්‍රඥා ලෝකයයි
පොසොන් සඳමඬලේ දිලෙන්නේ
පොසොන් සඳපහනින් පිදෙන්නේ

එදා සෑගිරි අරණ පාමුල
නිසල අඹතුරු සෙවණෙ වැඩහිඳ
මිහිඳු මාහිමි දෙසු බණ හඬ
අදත් පිළිරැව් නැඟේ මෙ දෙරණ

පොසොන් පුන්සඳ කිරණ වස්සන
අදත් මහමෙවුනාවෙ දිස්වෙන
මෙ ලක්දිව බුදුපහන් දැල්වූ
බලන් ථූපාරාමෙ ලස්සන

රුවන්වැලි සෑ රදුන් වට කොට
දේවතා එළි දැල්වෙනා විට
එදා තුන්සිංහලය රැක දුන්
පෙනේ මහ ඇත්පවුර දෙනෙතට

පුබුදු නිලුපුල් පියුම් හෙල්මැලි
තිසා වැව් කොමලියගෙ හසරැලි
මිහිඳු අනුබුදු හිමිගෙ නාමය
අපට සිහිපත් කරයි යළි යළි

මිහින්තල වන අරණ සිපගෙන
රහත් සිවුරේ සුවඳ අරගෙන
ගලා එන මුදු සුළං රැල්ලේ
සිසිල ඇත සිත් නිවා සනසන

පොසොන් අව අටවක

ජුනි 28 සිකුරාදා අ.භා. 04.30
අව අටවක ලබා 29 සෙනසුරාදා
අ.භා. 02.23 ගෙවේ.
28 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 28

Full Moonඅමාවක

ජූලි 05

First Quarterපුර අටවක

ජූලි 13

Full Moonපසළොස්වක

ජූලි 20

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]