ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ක් වූ බක් පුර පසළොස්වක පෝදා 2024 අප්‍රේල් 23 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
අප්‍රේල් 23 අඟහරුවාදා පූ.භා. 03.27 පුර පසළොස්වක ලබා 24 බදාදා පූ.භා. 05.20 ගෙවේ. 23 අඟහරුවාදා සිල්
පසළොස්වක
අප්‍රේල් 23
අව අටවක
මැයි 01
අමාවක
මැයි 07
පුර අටවක
මැයි 15
මහා වංශයේ සඳහන් වන ආකාරයට මහාබලසම්පන්න මහෝදර නාගරාජ තෙමේ මුහුදේ පන්සියයක් යොදුන් නාග භවනයෙහි අධිපතිකම් කරමින් සිටියේ ය. ඔහුගේ සහෝදරී කන්වඩමන් නම් පර්වතයෙහි නා රජුට පාවාදෙනු ලැබී ය. ඒ දෙදෙනාට ලැබුණු පුත්‍රයා චූලෝදර නම් විය. ගොඩ වැසි නාගයෝත් මුහුදු වැසි නාගයන් මෙන් මහා බලසම්පන්නයෝ වූහ. චූලෝදර ගේ සීයා කලුරිය කරන කල්හි තමා සතුව තිබුණු ඉතා වටිනා මැණික් පුටුව පුතාට නොදී චූලෝදරගේ මව වන දියණියන් හට දුන්නේ ය. මාමා සහ බෑනා එනම්, චූලෝදර මහෝදර යන නා රජුන් දෙදෙනා අතර යුද්ධයට හේතුවූයේ මේ මිණි පලඟ ය. සෞභාග්‍යයෙන් හා සශ්‍රීකත්වයෙන් හෙබි මෙම බක් මාසය සියලු දෙනාටම සොම්නස් සුවය ගෙන දෙන ඉතාමත් සුන්දර මාසයක් වශයෙන් සම්මත ව ඇත. හැම තුරුලියක්ම විසිතුරු මලින් හා මනහර පලයන්ගෙන් පිරී ඉතිරී ගිය, නොයෙක් සියොත් කැලගේ කන්කලු නාදයෙන් ප්‍රබෝධිත වූ, මඳින් මඳ හමන සිසිල් මඳ පවනින් හා නන් විසිතුරු පියුම් සුවඳින් ද, මනහර පියකරු පියුමෙන් ද ගැවසීගත් විල් පෙළින් සමූපේත වූ, බක් මාසය සිත් සතන් සනසන ශාන්ත වූත්, පියකරු වූත් මාසයකි. ලක්වැසි බෞද්ධ ජනතාවට අමා සිසිල ලබා දෙන කුලුණුබර බුදුපියාණන් වහන්සේගේ මහා ගුණ කඳ සිහිපත් වන අසිරිමත් මාසයකි. ශ්‍රී ලංකා ධරණී තලය දෙවන වරටත් ශ්‍රී පාද පද්ම ස්පර්ශයෙන් පිවිතුරු බවට පත් වූයේත් ගොයුම්ගොත් දම්රදාණන්ගේ සවනක් රැස් කඳින් මුළු හෙළදිව ආලෝකවත් වූයේත් දහම් අමා මිහිරෙන් නොයෙක් දෙනා නිවී සැනසී ගියේත් බක් මාසයේ ය.
අද වෙන කවරදාටත් වඩා සමාජයේ, සංස්කෘතියේ, රටේ පරිහානිය, විනාශය ගැන අපි වැඩි වැඩියෙන් කතා කරනවා. බොහෝ දෙනෙක් ප්‍රකාශ කරන්නේ රටේ දුප්පත්කම, අගහිඟකම, ජීවත්වීමේ අපහසුව වැනි කරුණු යි. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම අනුව සමාජයක හෝ කිසියම් රටක සමෘද්ධිය ඇති වන්නේ මිනිස් සිතේ ඇති පාරිශුද්්ධ බව ඉහළ ගිය තරමට යි. ඒ කරුණ තවදුරටත් පෙන්වා දෙනවා නම් පළමුවෙන් ම අප විසින් සකස් කර ගත යුත්තේ හොඳ මනසක්, හොඳ හිතක්. එහෙමත් නැතිනම් හොඳ හදවතක්. මේ කරුණ ධර්මානුකූල ව පෙන්වා දෙන තැනක් නම් මනසා චේ පසන්නේන - භාසති වා කරෝති වා - තතො නං සුඛමන්වෙති - ඡායාව අනපායිණි යනුවෙන් ඉගැන්වීමයි.හොඳ, නිවැරැදි, සුපසන් හිතෙන් යමක් කියයි නම් හෝ කරයි නම් හෝ එවැනි ජන කොටස් වාසය කරන සමාජය යහපත්, සුවපත් සමාජයක් වෙනවා කියන එකයි එහි අදහස බවට පත් වෙන්නේ. අපේ සිතුම් පැතුම්වල දැහැමි වෙනසකට අවශ්‍ය කාලය ඇවිත් පවතිනවා කියන එක බොහොම පැහැදිලි කරුණක්. සමාජයේ පැරැණි සිරිත් විරිත් අද වියැකී ගිහින් තිබෙනවා. අපි හැම එකක් ම දිහා බලන්නේ ආර්ථික දෘෂ්ටිකෝණයකින්. මෙය බරපතළ වැරදීමක්. මේ සිංහල බෞද්ධ රටට අනාදිමත් ඉතිහාසයක් තිබෙනවා. ඒ දිගේ ගලා ආ බෞද්ධ මෙන් ම සිංහල සංස්කෘතික ලක්ෂණ රාශියක් ම උරුම වෙලා තිබෙනවා. හැබැයි ඒවායින් බොහොමයක් අප අතරින් ගිලිහිලා ගහින් , අපි ඒවා ගැන සැලකිලිමත් නො වී ආර්ථික පැත්තෙන් ම බැලීම නිස යි.
ආකල්ප වෙනස් වන තුරු දියුණුව හීනයකි:
තථාගතයන් වහන්සේ මේ ලෝකයට දේශනා කළේ ලෝකයේ පවතින යථාර්ථයයි. එය අසුභ, කටුක, නීරස හිත් සතුටු නොකරන දෙයක් වුව ද ඇත්ත එය නම් අප ඊට මුහුණදිය යුතු ම ය. කටු සහිත ලඳු කැලෑවක ගමන් කිරීමේ දී ඊට අවශ්‍ය පාවහන් උපකරණ සපයා ගත යුතු වුවත් එය මනාව සූදානම් කරගත් කෙනෙකුට ගමන දුෂ්කර නොවේ. ජීවිතය ද එසේ ම ය. අප සෑම විට ම විශ්වාසය තැබිය යුත්තේ තමන් පිළිබඳ ව ම ය. සෑම විටම කුරුල්ලකු විශ්වාසය තබන්නේ තමන් වහන අත්ත පිළිබඳ නොව අත්තටු දෙක ගැන ය. තථාගතයන් වහන්සේ දේශනා කළ නිවන පවා මරණින් පසුව ලබන එකක් නොව මේ ජීවිත කාලයේ දී අත්විඳින තත්ත්වයකි. මැරිල කෙනෙක් නිවන් යන්නේ නැත. මේ යථාර්ථය ඉතා හොඳින් වර්තමාන තරුණ තරුණියන් තේරුම් ගත යුතු ව ඇත. එසේ නොවන විට ආගමේ නාමයෙන් පවා ජීවිතය විනාශ කර ගැනීම සහ විනාශ කිරීම සැපයකැයි ඔවුන් සිතීමට පටන් ගනී. අජාන් චා හිමියන් වරක පැවසුවේ ගමන දුරයි හෙමින් යන්න, වශයෙනි. මන්දයත් වැරදුණහොත් ආපස්සට එන්න ලොකු කාලයක් නැති නිසාවෙනි. ජීවිතය පිළිබඳ අරමුණු හීන අප කාටත් තිබිය යුතු වේ. අවශ්‍ය වන්නේ ඊට ළඟාවීමට අතිශයින් කෙටි මාර්ග නැති බව හඳුනාගැනීම පමණි. ලෞකික ජීවිතය පමණක් නොව පාරලෞකික ජීවිතයේ ඇති අරමුණු ද එසේ ම ය.
වැලිමඩ මාදෝවිට ග්‍රාමයේ විසු සාම විනිසුරු එන්.එම්. ගුණසේකර සහ ටී. ඇම්. ලීලාවතී දම්පතින් යුවළ තම මව්පියන් කොට 1968 ඔක්තෝබර් 11 වැනි දා පින්වත් පුත්රුවනක් මෙලොව ජන්මලාභය ලැබීය. ඔහුට නවරත්න මුදියන්සේලාගේ වජිර නවරත්න යැයි නම් තැබුණි. පසළොස් විය පිරෙද්දී 1983 වසරේ ජනවාරි 13 වැනි දා මාදෝවිට වජිරබුද්ධි නමින් උතුම් පැවිදි භූමියට ඇතුළත් ව වැලිමඩ බිබිලගමුව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ වැඩ වසන්නට විය. 1986 අගභාගයේ දී තම ඥාතිවර මාදෝවිට පඤ්ඤාකිත්ති නායක හිමිපාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් හෝමාගම පුරාණ විහාරස්ථානයට වැඩම කොට මූලික පිරිවෙන් අධ්‍යාපනය සඳහා අගලවත්ත බෙල්ලන ධර්ම විද්‍යාලයට සහ ගංගොඩවිල සුභද්‍රාරාම පිරිවෙනට ඇතුළත් වී බණ දහම් ප්‍රගුණ කොට උගත් පඬිරුවනක් වන්නට විය.1990 වසරේ ජූනි මස 29 වැනිදා උන්වහන්සේගේ උපසම්පදා විනය කර්මය කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී සංඝ සභාවේ රාජමහා විහාර සීමා මාලකයේ දී සිදු කරන ලදි. සාහිත්‍යාචාර්ය පණ්ඩිත රත්කරව්වේ මේධානන්ද නාහිමි, සීනාදි සිව් කෝරලයේ ප්‍රධාන සංඝ නායක මාදෝවිට පඤ්ඤාකිත්ති නාහිමි, ශාස්ත්‍රපති පණ්ඩිත පෝරේ සුමන සිරි නාහිමි, රුක්මලේ ධම්මකිත්ති නාහිමි වැනි වියත් බහුශ්‍රැත යතිවරයාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් අවවාද අනුශාසනා මඟ පෙන්වීම හා ආශිර්වාදය උන්වහන්සේට හිමි විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය ද, කැලණි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද, පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද ලබාගත් උන්වහන්සේ කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨ පශ්චාත් උපාධිය අධ්‍යාපන ඩිප්ලෝමාව ද ලබා ගත්හ. 1998 වසරේ දී පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙනෙහි උප ගුරුවරයකු වශයෙන් සේවයට බැඳුණු උන්වහන්සේ 2000 වසරේ දී එම පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවේණාධිපති ධූරයට පත්විය.
සංඝ ශෝභන ගුණපිරි එප්පල පඤ්ඤාසාර හිමි
ගෞරව සම්මානයෙන් පිදුම් ලබති
විදර්ශනා භාවනා වැඩසටහනක්
මැදින් පෝ දා දම් දෙසුම
සිරිසදහම් පැන විසඳුම්
පෝදා පින්කම්
පිහිට පතයි
ඉතිරිය»
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයකු ලෙස බුදුසසුන තුළ අප්‍රමාදී වෙමු
මියගිය ඥාතීන් වෙනුවෙන් කළ හැකි උසස් ම පින්කම
සුවපත් මනසක් සුවබර දිවියක් - 13 කොටස: අසාර්ථක වන සෑම අවස්ථාවක දී ම නැවත පටන්ගන්න
පොඩි හාමුදුරුවන්ගේ භාවනා සටහන් - 01: මට බැරි වුණු දේ පොඩි උන්නාන්සේ හරි කරනවා නම් හොඳයි
අවදියෙන් නො සිටියොත් ...
Many people have not understood the danger of Samsara
පින සම්පූර්ණ වෙන්න නම් ප්‍රමිතියෙන් යුතු අටපිරිකර පූජා කරන්න
සංස්කෘතික වටිනාකම් රැක ගැනීමට කාලයයි
පුර පෑළවිය සඳ - 06 කොටස
සම්බුදු සසුන්කෙත ආලෝකවත් කරන ධර්ම විනයධර බුද්ධ පුත්‍රයන් වහන්සේ ගලගෙදර රතනවංශ හාමුදුරුවෝ
ප්‍රවචන කීර්ති ශ්‍රී වනරතන ඉන්දෝභාස වංසාලංකාර ශාස්ත්‍රපති තල්අරඹේ සිරි සුදස්සී රූමස්සල නායක හාමුදුරුවන් වහන්සේ
සසර ගමනට අලුත් අරුතක්
පහන් සිතක කවි
දසත පුරා සිල් සුවඳ හමා යන හෝමාගම පුරාණ විහාර පින්බිම
තිස්සමහාරාම සෑ රද වර්ණනා
රත්නපුර හංගමුව ශ්‍රී ජයබෝධි විහාරයේ සෑ රදුන් සම්බුදු සසුනට පිදෙන වගයි
ඓතිහාසික බඩගමුව රාජමහා විහාරයීය අභිනව සෑ රදුන් වහන්සේ සම්බුදු සසුනට පිදෙයි
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]