[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

බක් පුර පසළොස්වක පොහොය වරුණ

මහා වංශයේ සඳහන් වන ආකාරයට මහාබලසම්පන්න මහෝදර නාගරාජ තෙමේ මුහුදේ පන්සියයක් යොදුන් නාග භවනයෙහි අධිපතිකම් කරමින් සිටියේ ය. ඔහුගේ සහෝදරී කන්වඩමන් නම් පර්වතයෙහි නා රජුට පාවාදෙනු ලැබී ය. ඒ දෙදෙනාට ලැබුණු පුත්‍රයා චූලෝදර නම් විය. ගොඩ වැසි නාගයෝත් මුහුදු වැසි නාගයන් මෙන් මහා බලසම්පන්නයෝ වූහ. චූලෝදර ගේ සීයා කලුරිය කරන කල්හි තමා සතුව තිබුණු ඉතා වටිනා මැණික් පුටුව පුතාට නොදී චූලෝදරගේ මව වන දියණියන් හට දුන්නේ ය. මාමා සහ බෑනා එනම්, චූලෝදර මහෝදර යන නා රජුන් දෙදෙනා අතර යුද්ධයට හේතුවූයේ මේ මිණි පලඟ ය. සෞභාග්‍යයෙන් හා සශ්‍රීකත්වයෙන් හෙබි මෙම බක් මාසය සියලු දෙනාටම සොම්නස් සුවය ගෙන දෙන ඉතාමත් සුන්දර මාසයක් වශයෙන් සම්මත ව ඇත. හැම තුරුලියක්ම විසිතුරු මලින් හා මනහර පලයන්ගෙන් පිරී ඉතිරී ගිය, නොයෙක් සියොත් කැලගේ කන්කලු නාදයෙන් ප්‍රබෝධිත වූ, මඳින් මඳ හමන සිසිල් මඳ පවනින් හා නන් විසිතුරු පියුම් සුවඳින් ද, මනහර පියකරු පියුමෙන් ද ගැවසීගත් විල් පෙළින් සමූපේත වූ, බක් මාසය සිත් සතන් සනසන ශාන්ත වූත්, පියකරු වූත් මාසයකි. ලක්වැසි බෞද්ධ ජනතාවට අමා සිසිල ලබා දෙන කුලුණුබර බුදුපියාණන් වහන්සේගේ මහා ගුණ කඳ සිහිපත් වන අසිරිමත් මාසයකි. ශ්‍රී ලංකා ධරණී තලය දෙවන වරටත් ශ්‍රී පාද පද්ම ස්පර්ශයෙන් පිවිතුරු බවට පත් වූයේත් ගොයුම්ගොත් දම්රදාණන්ගේ සවනක් රැස් කඳින් මුළු හෙළදිව ආලෝකවත් වූයේත් දහම් අමා මිහිරෙන් නොයෙක් දෙනා නිවී සැනසී ගියේත් බක් මාසයේ ය. හෙළදිව සිංහල වංශය ඇරඹෙන්නට පෙර මෙහි විසූ විශේෂ ජන කොටසක් වූ නාග ගෝත්‍රිකයන් නැවියන් ලෙස හඳුන්වා ගත් ජන කොටසකි. ප්‍රධාන වශයෙන් වෙළඳාම ජීවන වෘත්තිය කර ගෙන රුවල් නැව් මඟින් දේශ දේශාන්තරවලද වෙළඳාම් කර ගෙන ගිය පිරිසක් විය. නාග වන්දනාවේ ද යෙදුණ මෙම පිරිස එදා සිරිලක උතුරු පෙදෙස නාග දිවයින නොහොත් නාගදීපය මුල්කර ගෙන විසූහ. මොවුන්ගේ ජන ප්‍රධානීන් වූ චූලෝදර මහෝදර නම් නා රජුන් දෙදෙනා එකම පරපුරේ නෑයන් විය.


බක් පුර පසළොස්වක

අප්‍රේල් 23 අඟහරුවාදා පූ.භා. 03.27 පුර පසළොස්වක ලබා
24 බදාදා පූ.භා. 05.20 ගෙවේ.
 23 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අප්‍රේල්  23

Second Quarterඅව අටවක

මැයි 01

Full Moonඅමාවක

මැයි 07

First Quarterපුර අටවක

මැයි 15

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]