[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

දසත පුරා සිල් සුවඳ හමා යන හෝමාගම පුරාණ විහාර පින්බිම

හෝමාගම පුරාණ විහාරය බොදු දනන් සිත් නිවා පහන් කරවන පූජනීය පින්බිමකි. බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ අගභාගය තෙක් දිවෙන ඉතිහාසයක් ඇති මේ පුණ්‍ය භූමිය ස්ථාපිත කෙරෙන්නේ 1880 වසරේ දී ය. ඒ, එවකට සම්බුදු දහමට තිබූ විවිධ අභියෝග මධ්‍යයේ ය. එවකට වැඩ විසූ ජල්තර ශ්‍රී සෝභිත නාහිමියෝ එහිලා මූලික වූහ. උන් වහන්සේගේ ඇවෑමෙන් විහාරාධිපති ධුරයට පත් වන්නේ කිරිවත්තුඩුවේ පුඤ්ඤානන්ද හිමියන් ය. උන්වහන්සේට පෝරේ ගලඋඩ පුරාණ ශ්‍රී මහා විහාරාධිපති ව වැඩ විසූ මාගම්මන සීලවිමල හිමියන් සහ මාගම්මන සිලාලංකාර නාහිමියන් ද විශාල සහයක් ලබා දුන්හ. දශක ගණනාවක් එසේ ප්‍රදේශයේ ජනතාවගේ බොදු අවශ්‍යතා ඉටු කළ මේ විහාරස්ථානයෙහි 1942 වසරේ මාර්තු මස 05 වැනි දා විහාරස්ථ සිරි සීවලි දහම් පාසල ආරම්භ කරන ලදී. එදා සිට සෑම ඉරු දිනක ම උදෑසන මල් වට්ටි දෝතින් ගත් දූ දරුවන්ගෙන් සැදුම්ලත් අලංකාර දසුන් අපට අද දක්වා ම දැක ගන්නට හැකි ය.විහාරස්ථානයට චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් ඉදිකිරීම සඳහා 1948 වසරේ දෙසැම්බර් මස 24 වැනි දින උත්සවශ්‍රීයෙන් මුල්ගල තබා වැඩ ආරම්භ කරන ලදී. කිරිවත්තුඩුවේ පුඤ්ඤනන්ද හිමියන් අපවත්වීමෙන් පසු විහාරාධිපති ධුරය මාගම්මන සීලවිමල හිමියන්ට පැවරීමෙන් පසු මාගම්මන සීලවිමල හිමියන් විසින් මාගම්මන ගුණරතන හිමියන්ට විහාරස්ථ භාරකාරත්වය පවරන ලදි. 1952 වසරේ චෛත්‍ය ගර්භයේ ධාතු නිධන් කිරීමත් කොත් පැළඳවීම 1956 වසරේ අප්‍රේල් මස 26 වැනි දිනත් උත්සවශ්‍රීයෙන් සිදුකර ඇත. අද දක්වා ම සුජීවත් ව සිටින ජනතාව පවසන්නේ ඒ අසිරිමත් අවස්ථාව තම දිවියේ කෙදිනකවත් අමතක නොවන බවයි. බෞද්ධාගමික අංගයන්ගෙන් පරිපූර්ණ වූ විහාරස්ථානයට එක් වූ නවතම අංගය වූයේ පොසොන් පෙරහර මංගල්‍යයයි. කොළඹ දිස්ත්‍රික්කයේ පවත්වන පෙරහර අතළොස්ස අතුරින් සුවිශේෂී වන හෝමාගම පුරාණ විහාරයේ පොසොන් පෙරහර මංගල්‍යය 1960 වසරේ වීදි සංචාරය අරඹන ලදී. එදා සිට අද දක්වා ම සිදු කෙරෙන පෙරහර මංගල්‍යය විහාරස්ථානයේ වාර්ෂිකව සිදු කෙරෙන අසිරිමත් මංගල්‍යයකි.


බක් පුර පසළොස්වක

අප්‍රේල් 23 අඟහරුවාදා පූ.භා. 03.27 පුර පසළොස්වක ලබා
24 බදාදා පූ.භා. 05.20 ගෙවේ.
 23 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අප්‍රේල්  23

Second Quarterඅව අටවක

මැයි 01

Full Moonඅමාවක

මැයි 07

First Quarterපුර අටවක

මැයි 15

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]