[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

අපරිහානීය ධර්මයෙහි අප්‍රමාදී වෙමු

අද වෙන කවරදාටත් වඩා සමාජයේ, සංස්කෘතියේ, රටේ පරිහානිය, විනාශය ගැන අපි වැඩි වැඩියෙන් කතා කරනවා. බොහෝ දෙනෙක් ප්‍රකාශ කරන්නේ රටේ දුප්පත්කම, අගහිඟකම, ජීවත්වීමේ අපහසුව වැනි කරුණු යි. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම අනුව සමාජයක හෝ කිසියම් රටක සමෘද්ධිය ඇති වන්නේ මිනිස් සිතේ ඇති පාරිශුද්්ධ බව ඉහළ ගිය තරමට යි. ඒ කරුණ තවදුරටත් පෙන්වා දෙනවා නම් පළමුවෙන් ම අප විසින් සකස් කර ගත යුත්තේ හොඳ මනසක්, හොඳ හිතක්. එහෙමත් නැතිනම් හොඳ හදවතක්. මේ කරුණ ධර්මානුකූල ව පෙන්වා දෙන තැනක් නම් මනසා චේ පසන්නේන - භාසති වා කරෝති වා - තතො නං සුඛමන්වෙති - ඡායාව අනපායිණි යනුවෙන් ඉගැන්වීමයි.හොඳ, නිවැරැදි, සුපසන් හිතෙන් යමක් කියයි නම් හෝ කරයි නම් හෝ එවැනි ජන කොටස් වාසය කරන සමාජය යහපත්, සුවපත් සමාජයක් වෙනවා කියන එකයි එහි අදහස බවට පත් වෙන්නේ. අපේ සිතුම් පැතුම්වල දැහැමි වෙනසකට අවශ්‍ය කාලය ඇවිත් පවතිනවා කියන එක බොහොම පැහැදිලි කරුණක්. සමාජයේ පැරැණි සිරිත් විරිත් අද වියැකී ගිහින් තිබෙනවා. අපි හැම එකක් ම දිහා බලන්නේ ආර්ථික දෘෂ්ටිකෝණයකින්. මෙය බරපතළ වැරදීමක්. මේ සිංහල බෞද්ධ රටට අනාදිමත් ඉතිහාසයක් තිබෙනවා. ඒ දිගේ ගලා ආ බෞද්ධ මෙන් ම සිංහල සංස්කෘතික ලක්ෂණ රාශියක් ම උරුම වෙලා තිබෙනවා. හැබැයි ඒවායින් බොහොමයක් අප අතරින් ගිලිහිලා ගහින් , අපි ඒවා ගැන සැලකිලිමත් නො වී ආර්ථික පැත්තෙන් ම බැලීම නිස යි. අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ එන වස්සකාර සූත්‍රය පිළිබඳ අවධානය යොමු කිරිම වැදගත් කියලා සිතෙනවා.


බක් පුර පසළොස්වක

අප්‍රේල් 23 අඟහරුවාදා පූ.භා. 03.27 පුර පසළොස්වක ලබා
24 බදාදා පූ.භා. 05.20 ගෙවේ.
 23 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අප්‍රේල්  23

Second Quarterඅව අටවක

මැයි 01

Full Moonඅමාවක

මැයි 07

First Quarterපුර අටවක

මැයි 15

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]