දොඩන්දූව ශෛල බිම්බාරාමය
ඡායාරූපය - නිශ්ශංක විජේරත්න

වප්  අමාවක

නොවැම්බර් 12 ඉරිදා අ.භා.
 02.42 න් අමාවක ලබා 13 සඳුදා අ.භා. 02.55 න් ගෙවේ.
12 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 12

First Quarterපුර අටවක

නොවැම්බර් 20

Full Moonපසළොස්වක

නොවැම්බර් 26

Second Quarterඅව අටවක

දෙසැම්බර් 05

බුදු ගුණ දකින්නට ධර්මය දකින්න

බුදුගුණ අනන්ත ය. සාමාන්‍ය කෙනෙකුට තබා බුදු කෙනෙකුටවත් බුදුගුණ දේශනා කොට නිම කළ නොහැක. බුදු කෙනෙක් අන් කිසිවක් දේශනා නොකොට කල්පයක් මුළුල්ලෙහි ම බුදුගුණ පමණක් ම දේශනා කළත් කල්පය අවසන් වේ. එහෙත් බුදුගුණ වර්ණනාව අවසන් නොවේ. එසේ නම් අප වැනි පෘථග්ජනයින්ට බුදුගුණ දැකිය හැක්කේ අල්ප වශයෙනි. බුදුගුණ අචින්ත්‍ය බව බුදු මුවින් ම දේශනා කොට ඇත. එහි අදහස සාමාන්‍ය කෙනකුට බුදුගුණ සිතා නිම කළ නොහැකි බවයි. ඊට හේතුව බුදු කෙනෙක් යනු අනන්ත කාලයක් සමතිස් පෙරුම් සම්පූර්ණ කොට ඇස්, ඉස්, මස්, ලේ, ජීවිතය දන් දී සවාසනා සකල ක්ලේෂයන් මුලිනුපුටා දමා ලෝක සත්‍යය අවබෝධ කර ගත් හෙයින් එම පාරමිතා නොපිරූ, සත්‍යාවබෝධයක් නොලැබූ කෙලෙස් කහටින් අපවිත්‍ර වූවකුට බුදුගුණ හඳුනා ගැනීම අසීරු ය. එහෙත් අප බුදුගුණ දැකීමට නම් බුද්ධ ධර්මය ගැන දැන ගත යුතු ය. ධර්මය දැන ගන්නා තරමට බුදුන් දැකිය හැකි ය. යෝ ධම්මං පස්සති – යමෙක් ධර්මය දකියිද? සෝමං පස්සති – ඔහු මං දකියි ඒ නිසා බුදුන් දැකීමට කැමති අය ධර්මය හොඳින් හැදෑරිය යුතුයි. ධර්මය දැන ගන්නා තරමට බුදුන් දැකිය හැකි ය. ධර්මය දැන ගැනීම පමණක් ද ප්‍රමාණවත් නැත. එය පිළිපැදිය යුතු ය. අනුගමනය කළ යුතු ය. බුදුරදුන් අනුගමනය කළ මාර්ගය අප ද අනුගමනය කළ යුතු ය. ශීල, සමාධි, ප්‍රඥා වැඩිය යුතු ය. තෘෂ්ණාව අඩුවන තරමට මමත්වය හෙවත් මම ය, මාගේ ය යන හැඟීම අඩුවන තරමට බුදුන් දැකිය හැකි ය.

ශ්‍රී සද්ධර්මය නිවැරැදිව විමසා ජීවිතයට ප්‍රායෝගික කර ගන්න

සම්බුදුරජාණන් වහන්සේ වසර 45ක් පුරාවට දෙව් මිනිසුන් ට ධර්මය දේශනා කොට, ධර්මය තුළ විශාරදභාවයට පැමිණීමෙනි. බුදුරජාණන් වහන්සේ සමඟ වාද කිරීමට පැමිණි සච්චක ආදී විවිධ ශ්‍රමණ බ්‍රාහ්මණ පරිබ්‍රාජක පිරිස්, වාද නොකරම බුදුරජාණන් වහන්සේ සරණ ගියහ. සමහර පිරිස් වාදයට පැමිණියේ කල්තබා ම ප්‍රශ්න සකස් කර ගෙන ය. නිගණ්ඨනාථපුත්තගේ පෙළඹවීම මත බුදුරජාණන් වහන්සේ සමඟ වාද කිරීමට පැමිණි අභයරාජ කුමාරයා අවසානයේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයකු බවට පත් විය. (අභය රාජ කුමාර සූත්‍රය ම.නි.2) එමෙන් ම නාලන්දාවේ වාසය කළ නිගණ්ඨනාථපුත්තගේ අග්‍ර දායකයෙක් වූ උපාලි ගෘහපතිතුමා, බුදුරජාණන් වහන්සේ සමඟ වාද කිරීමට පැමිණියේ ද නිගණ්ඨනාථපුත්තගේ අනුදැනුම ඇති වය. විවිධ විසිතුරු උපමා ඇසුරෙන් බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළ විට අතිශයින් පැහැදුණ උපාලි ගෘහපතිතුමා අවසානයේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය සෝතාපන්න ශ්‍රාවකයෙක් බවට පත් විය. (උපාලි සූත්‍රය ම.නි. 2) තම මිය ගිය පුතු නිසා උමතුභාවයට පත් වූ කිසාගෝතමියට, බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කොට වදාළේ ඉතා සරල ප්‍රායෝගික ක්‍රියාකාරකමක් උපකාරයෙනි.

 

දන් දෙන හැටි කියා දුන් බෝසත් හාවාගේ කතාව

එක් කලෙක බරණැස් නුවරට ආසන්නයේ මහා වනයක පුංචි හා පැටියෙක් උපත ලැබුවා. මේ කාලයේ ඒ නුවර පාලනය කළේ බ්‍රහ්මදත්ත කියන රජ කෙනෙක්. එතුමා සියලු සතුන්ට මහත් කරුණාවක් දැක්වූවා. රජතුමා අනුව රට වැසියාත් සතුන්ට කරුණාව ප්‍රදර්ශනය කළා. සතුනුත් සුව සේ ප්‍රීතියෙන් ජීවත් වුණා. මේ පුංචි හා පැටියට කුඩා කාලයේ ඉඳලම සිවලෙක්, වඳුරෙක් හා මස්කාවෙක් යනුවෙන් යහළුවන් තුන් දෙනෙක් හිටියා. හතර දෙනා ම බොහෝම සමගියෙන් ක්‍රීඩා කරමින් කාලය ගත කළා. හොඳ පුරුද්දක් මේ හතර දෙනාට ම තිබුණා. ඒ තමයි දවස් දහයකට වතාවක් කැලෑවේ එක තැනකට එකතු වෙලා තම තමන්ගේ ගුණදොස් වගේ ම ධර්ම ගැනත් සාකච්ඡා කිරීම. ශරීරයෙන් කුඩා වුණත් බුද්ධියෙන් හා සීල ගුණයෙන් වඩාත් ම උසස් වුණේ හාවා. යහළුවන් හමුවන හැම අවස්ථාවක දීම ‘සිල් රකින්න ප්‍රමාද වෙන්න එපා. ජීවිතය ඉතාම කෙටියි. දන් දෙන්න අමතක කරන්න එපා. ජීවිතය ඉතාම කෙටියි. අප ඉක්මනින් ම මිය යනවා. හැම මොහොතක ම කුසල් වඩන්න, පින්කම් කරන්න’ කියලා අවවාද අනුශාසනා කරනවා. යහළුවනුත් පුළුවන් හැම අවස්ථාවක ම ඒ ගුණ ක්‍රියාවට නඟනවා. දවසක් හාවා රාත්‍රියේ හීතණ කොළ බිස්සක වැතිරිලා අහස දිහා බලන් ඉන්න කොට දකින්න ලැබුණා පුරපසළොස්වක පොහොයට පායන දීප්තිමත් වූ හඳ. ආලෝකය හැම තැනම පැතිරිලා ගිහින්. මහවනය ම කිරි පාටින් බබළනවා. ඒ මොහොතේ ම මතක් වුණා යහළුවන් එක්ක පොහොයට සිල් සමාදන් වෙන්න ඕන කියලා. හතර දෙනා පසු දිනම හමු වුණා.

 

මේ මොහොතේ ජීවත් වෙන්න

පුද්ගලයාගේ දියුණුව ඇත්තේ ඔහු තුළයි. ඒ ඔහුගේ හිතයි. සිත කෙනකුගේ දියුණුවේ පදනම වේ. කෙනකුට මෙලොව දියුණුව, පරලොව දියුණුව, නිවනින් සැනසීම ලබා ගන්නට සිත මුල් වේ. සිත නායකත්වය ලබයි. සිතින් ම ඒ සියල්ල උපදියි. ඒ නිසා සිත සකස් කර ගැනීම දියුණුවේ මඟ වෙයි. සියලු බුදු වරු සිත් හික්මවා ගැනීම අගය කරයි. "සචිත්ත පරියෝදපනං" තමන්ගේ සිත නිවැරැදිව සකස් කර ගැනීම ඒතං බුද්ධානුසාසනං මෙය සියලු බුදුවරුන්ගේ අනුශාසනය යි. අප මේ මොහොතේ ජීවත් වුවත් අපගේ සිත මේ මොහොතෙහි සිටින අවස්ථා ඉතා අඩු ය. විටෙක අතීතය තුළ සිටියි. විටෙක අනාගතය තුළ සිටියි. එලෙස සිටීම හානිකර වෙයි. හිතේ කි‍්‍රයාකාරිත්වය මහා ආශ්චර්යවත් ය. මහා යුද්ධ ගොඩ නඟන්නේ හිතයි. යුද ආයුද නිපදවන්නේ හිතයි. මහා ගොඬනැඟිලි ඉදි කළේ සිතයි. ඒ ගොඩ නැඟිලි විනාශ කළේ සිතයි. එක තැන කිරිකැටි දරුවන් ඇතුළු ව දහස් ගණන් මිය යන්නේ සිතක කි‍්‍රයාකාරිත්වය නිසයි. තමන්ගේ ගමනට බාධාවක් වූ කල තවත් මිනිසකු මරන්නට පෙළඹවීම් කරන්නේ හිතයි. මිලියන බිලියන වටිනාකම් ඇති මත්ද්‍රව්‍ය පැමිණෙන්නේ හිත්වල කි‍්‍රයාකාරකම් නිසා ය.ලොවේ යහපත තීරණය කරන්නේ සිතයි. අයහපත තීරණය කරන්නේ සිතයි. නොදියුණු සිත සමාජය විනාශ කරයි.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 














 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]