බුදුරජාණන් වහන්සේට නිවැරැදිව වන්දනා කරමු
බෞද්ධයෝ තම නිවෙස්වල වෙන්කර ගත් යම් ස්ථානයක බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත්
කොට දිනපතා මල් පහන් ආදිය පූජා කරමින් බුදුන් වඳිති. ඇතැමෙක් උදේ දහවල් ආහාර සහිත
බුද්ධ පූජාව ද සන්ධ්‍යා කාලයේ ගිලන්පස සහිත බුද්ධ පූජාව ද සිදු කරති.
යමෙක් පසළොස්වක පොහෝ දින හෝ වෙනයම් දිනක දී හෝ පන්සලට ගොස් බුද්ධ වන්දනාව කරති.
කෙසේ වුවත් සෑම බෞද්ධයකු ම බුද්ධ වන්දනාව සිදු කළ යුත්තේ ය. මක්නිසාද යත්,
ආධ්‍යාත්මික පාරිශුද්ධිය පිණිස ඉවහල් වන ශීලයේ අංගයක් වශයෙන් පුරාණයේ සිට බුද්ධ
වන්දනාව පවත්නා බැවිනි. එම නිසා බුදුන් වැඳීම මහත් පිනකි. කුසලයකි. දරුණු සිත් මෘදු
කරන සුළු ය. සෑම දෙනාගේ මෙන් සිත් වඩවන සුළු ය. ගාථා, කවි, ගද්‍ය, පාඨ ලයාන්විත ව
හඬ නඟා කියමින් අසීමිත ශ්‍රද්ධාවකින් බුදුන් වඳිති. එහෙත් වන්දනා කිරීමේ දී අනුගමනය
කළ යුතු පිළිවෙළ හෝ කිව යුතු ගාථා පිළිබඳ යම් යම් මතභේද බෞද්ධයා අතර පවතී. ඒවා දුරු
කරමින් සිත් පහන් වන සේ, පින් අත්පත් වන සේ බුද්ධ වන්දනා කිරීම පිණිස අදාළ වන පරිදි
මෙම ලිපිය සැපයේ.
සාමාන්‍යයෙන් ගෙදර දොරේදී බුද්ධ වන්දනාවට පෙර සියලු දෙනා මුහුණ සේදීම ආදී වශයෙන්
පිරිසුදු වී ප්‍රතිමා වහන්සේ තැන්පත් කොට ඇති ස්ථානය ද පිරිසුදු කොට පූජා ද්‍රව්‍ය
තැන්පත් කොට සාමූහික ව සුදුසු ගාථා කියමින් බුදුන් වැඳීමට හැකි ය.
වැඳීමේ ක්‍රම සතරකි. දණින් වැද හිස නමා දොහොත් මුදුන් දී වැඳීම. මෙය “උක්කුටුක” නම්
වේ. හිටගෙන හිස නමා වැඳීම “අංජලී නමස්කාරය” නම් වේ. බිම මුනින් දිගා වී වැඳීම “දණ්ඩ
නමස්කාරයයි . “අත් දෙක, දණ දෙක, හිස යන අවයව පහ බිම පිහිටුවා නමස්කාර කිරීම “පසඟ
පිහිටුවා වැඳීමයි”. මේවා පුරාණයේ සිට පවත්නා වන්දනා කිරීමේ ක්‍රමයි.
කෙසේ වුවත් කායික වශයෙන් ඉතා සංවරව දොහොත් මුදුන් (දෑත ඔසවා, අත්ල බොකුටු කොට නළලේ
තබා) තබා හෝ ඔබට පහසු ඉරියව්වක සිටිමින් වන්දනා කිරීම වරදක් නොවේ. එසේ කිරීම පිනට
බාධාවක් නොවන බව සැලකුව මනා ය. කෙනෙකුට කායික දුර්වලතා නිසා දොහොත් මුදුන් දී
වන්දනා කිරීමට නොහැකි නම්, පහසු ක්‍රමයකින් ගාථා කීම මැනවි.
පාලි ගාථාවල හෝ පාඨවල අර්ථ නොදැනීම පින අඩුවීමට හේතුවක් ද නොවේ. මක්නිසාද යත්, අපි
ඒ ඒ පූජා කිරීමේ ගාථාවල අරුත් නොදන්නවා වුවත් අසවල් දේ පූජා කිරීමේ ගාථාව මේ යැයි
දන්නා බැවිනි. නිදසුනක් වශයෙන් මල් පූජා කිරීමේ ගාථාව “පූජේමි බුද්ධං කුසුමේන නේන”
යනාදී වශයෙන් දැනගන්නාක් මෙන් එකම පූජා ද්‍රව්‍ය පූජා කිරීමට විවිධ ගාථා තිබේ.
එබැවින් ඔබට කටපාඩම් ගාථාවක් කීමෙන් පූජා කළ හැකි ය. එසේ නොදන්නේ නම් කටට හුරුවෙන
තුරු පොතක් බලමින් ගාථා කියමින් වන්දනා කළ හැකි ය.
නිවසේ දී දිනපතා ඔබ බුදුන් වැඳීමේ දී පෙරවරු කාලයේ ගිලන් පස පූජා කිරීම හෝ පස්වරු
කාලයේ ගිලන් පස පූජා කිරීම හෝ සිදු නොකිරීම අඩුවක් හෝ වරදක් හෝ පවක් හෝ නොවේ. යමෙක්
එසේ කරන්නේ නම්, යහපත් ය. කෙසේ වුවත් දිනපතා අවම වශයෙන් දිනකට පෙරවරු කාලයේ හෝ
සන්ධ්‍යා කාලයේ හෝ මල් ටිකක්, පැන් ටිකක් පූජා කොට බුද්ධ වන්දනාවට පුරුදු වන්නේ
නම්, ඔබේ දිවි මඟට මහත් ආශීර්වාදයක් මෙන් ම කුසලයක් ද ඉන් අත්පත් වන්නේ ය.
විහාරස්ථානයක දී බුදුන් වඳින විට පිළිවෙළින් ත්‍රිවිධ චෛත්‍යයන් වන්දනා කළ යුතුයි.
ශාරීරික, පාරිභෝගික, උද්දේසික යනු ත්‍රිවිධ චෛත්‍යයෝ ය. ශාරීරික චෛත්‍යය යනු
චෛත්‍යය (වෙහෙර) රාජයාණන් ය. බෝධීන් වහන්සේ පාරිභෝගික චෛත්‍යයයි. උද්දේසික චෛත්‍යය
යනු ප්‍රතිමා වහන්සේලා ය.
පළමු කොටම “නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස” යන නමස්කාර පාඨය තුන්වරක්
කියමින් අනතුරුව “බුද්ධං සරණං ගච්ඡාමි” යනුවෙන් තෙරුවන් සරණ යෑම සිදු කරයි. පසුව
“පාණාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි” යනුවෙන් පන්සිල් සමාදන්වීම සිදු කරයි.
අනතුරුව “ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ” යනුවෙන් බුදුගුණ සිහිපත් කරයි.
“ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ - සන්දිට්ඨිකෝ” යනුවෙන් දහම් ගුණ සිහිකරන අපි “සුපටිපන්නෝ
භගවතෝ සාවකසංඝෝ” ආදී වශයෙන් සඟ ගුණ සිහිපත් කරයි. ඉන් අනතුරුව
චෛත්‍ය වන්දනාව
වන්දාමි චේතියං සබ්බං
සබ්බඨානේ සුපතිට්ඨිතං
ශාරීරික ධාතු මහා බෝධිං
බුද්ධ රූපං සකලං සදා
බෝධි වන්දනාව
යස්ස මූලේ නිසින්නෝව
සබ්බාරි විජයං අකා
පත්තෝ සබ්බංඤ්ඤුතං සත්ථා
වන්දේතං බෝධි පාදපං
ඉමේ ඒතේ මහාබෝධි -
ලෝකනාථෙන පූජිතා
අහම්පි තේ නමස්සාමි -
බෝධි රාජා නමත්ථු තේ
ඉන්ද්‍රනීල වණ්ණපත්ත
සේත ඛන්ධ භාසුරං
සත්ථු නෙත්ත පංකජා හි
පූජිතග්ග සාතදං
අග්ගබෝධි නාම වාම
දේව රුක්ඛ සන්නිභං
තං විසාල බෝධි පාදපං
නමාමි සබ්බදා
පහන් පූජාව
ඝනසාරප්ප දිත්තේන -
දීපේන තම ධං සිනා
තිලෝක දීපං සම්බුද්ධං -
පූජයාමි තමෝනුදං
සුවඳ දුම් පූජාව
ගන්ධ සම්භාර යුත්තේන
ධූපේනාහං සුගන්ධිනා
පූජයේ පූජනීයං තං පූජා
භාජනමුත්තමං
සුගන්ධිකාය වදනං -
අනත්ත ගුණ ගන්ධිනං
සුගන්ධිනාහං ගන්ධේන -
පූජයාමි තථාගතං
මල් පූජාව
වණ්ණ ගන්ධ ගුණෝපේතං
ඒතං කුසුම සන්තතිං
පූජයාමි මුනින්දස්ස
සිරිපාද සරෝරුහේ
පූජේමි බුද්ධං කුසුමේන නේන
පුඤ්ඥේන මේතේන ලභාමි මොක්ඛං
පුප්ඵං මිලායාති යථා ඉදංමේ
කයෝ තථා යාති විනාසභාවං
පැන් පූජාව
අධිවාසෙතු නෝ භන්තේ -
පානීය පරිකප්පිතං
අනුකම්පං උපාදාය -
පතිගණ්හාතු මුත්තම
ආහාර පූජාව
අධිවාසෙතු නෝ භන්තේ -
භෝජනං පරිකප්පිතං
අනුකම්පං උපාදාය -
පතිගණ්හාතුමුත්තම
ගිලන්පස පූජාව
අධිවාසේතු නෝ භන්තේ -
ගිලානං පච්චයං ඉමං
අනුකම්පං උපාදාය -
පතිගණ්හාතු මුත්තම
දැහැත් පූජාව
නාගවල්ලි දලූපේතං -
චුණ්ණ පූග සමායුතං
තාම්බූලං පතිගණ්හාතු -
සතං පූජේමි දං ජිනො
ක්ෂමා කරවා ගැනීම
කායෙන වාචා චිත්තේන
පමාදේන මයා කතං
අච්චයං ඛම මේ භන්තේ
භූරි පඤ්ඤ තථාගත
කායේන වාචා චිත්තේන
පමාදේන මයාකතං
අච්චයං ඛම මේ ධම්ම
සන්දිට්ඨික අකාලික
කායේන වාචා චිත්තේන
පමාදේන මයා කතං
අච්චයං ඛම මේ සංඝ
සුපටිපන්න අනුත්තර
ඥාතීන්ට පින් දීම
ඉදං මේ ඤාතීනං හෝතු
සුඛිතා හොන්තු ඤාතයෝ
දෙවියන් ඇතුළු සියලු සතුන්ට
එත්තාවතා ච අම්හේ හි
සම්භතං පුඤ්ඤ සම්පදං
සබ්බේ භූතා අනු මෝදන්තු
සබ්බසම්පත්ති සිද්ධියා
යනුවෙන් වන්දනා කරනු ලබයි.
රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපිලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.
-
හේමමාලා රන්දුනු |